චිලී රාජ්‍යයට ඇදහැලෙන අධික වර්ෂාව ජීවිත 6ක් බිලි ගනී
සයුරෙන් එතෙර

චිලී රාජ්‍යයට ඇදහැලෙන අධික වර්ෂාව ජීවිත 6ක් බිලි ගනී

February 11, 2019   10:41 am

චිලී රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරක් හටගෙන තිබේ.

ඉන් මේ වන විට වාර්තාවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 6ක්.

 උතුරුදිග කලාපයේ ඇරිකා, පැරිනාකෝටා සහ ටැරපාකා යන ප්‍රදේශවල පිහිටි නිවාස 1800ක් පමණ ගංවතුරට හසුවී ඇත.

ඒ අතරින් නිවාස 170කට අධික ප්‍රමාණයක් මුළුමණින්ම විනාශවී ඇති බව එරට වාර්තාවල දැක්වෙන්නේය.

නිවාස 120කට පමණ දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 280දෙනෙකු තාවකාලික කඳවුරු වලට යොමු කර ඇති බව බලධාරීන් පවසන්නේය.

අයහපත් කාලගුණය හේතුවෙන් කලාප 4කට අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවද සඳහන්.

එරට ජනාධිපතිවරයාගේ උපදෙස් මත සහන සැලසීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති නමුත් මහාමාර්ග රැසක් ජලයෙන් යටවී තිබීම නිසා ඇතැම් ප්‍රදේශ වලට ලඟාවීමට නොහැකිවී තිබේ.

මේ අතර ජනාධිපති සෙබස්තියන් පිනෙරා විපතට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකටත් එක් විය.