චීන ජාතිකයින්ගේ අලුත් අවුරුද්ද මහත් උත්සවාකාරයෙන් පිළිගනියි
සයුරෙන් එතෙර

චීන ජාතිකයින්ගේ අලුත් අවුරුද්ද මහත් උත්සවාකාරයෙන් පිළිගනියි

February 10, 2019   05:43 pm

චන්ද්‍රයාගේ නව අවුරුද්ද හෙවත් චීන ජාතිකයින්ගේ අලුත් අවුරුද්ද බ්‍රසීලයේ සාඕ පවුලෝ නුවර වැසියන් මහත් උත්සවාකාරයෙන් පිළිගෙන තිබේ.

චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් බ්‍රසීලයේ සාඕ පවුලෝ නුවර සැමරුමක් සංවිධානය කර තිබුණි.

චීන සංස්කෘතික වටිනාකම් විදහා දක්වන සංගීතයට, නර්තනයට පමණක් නොව චීන ආහාර සහ ඔවුන්ගේ අනන්‍යතාව විදහා දක්වන මකරුන්ට මෙහිදී  සුවිශේෂී ස්ථානයක් හිමිවිය.

ඕනෑම චීන සංස්කෘතික උත්සවයක් හැඩ ගැන්වෙන්නේ වර්ණවත් මකර නර්තනවලිනි. 

මෙම උත්සවයේදී මකර ඇඳුමින් සැරැසුණු නර්තන ශිල්පීන්ගේ  සිත් ඇදගන්නා සුළු නර්තන කාගේත් අවධානය දිනාගත්තේය.

මේ සඳහා සහභාගී වූ සියලු දෙනාට සම්ප්‍රදායික චීන ආහාර වට්ටෝරුවල රස විඳීමටත් අවස්ථාව හිමිවිය.

චීන සම්ප්‍රදායට අනුකූල ග්‍රහරාශි චක්‍රයේ සත්වයන් දොළොසක්  චීන චන්ද්‍ර වර්ෂය අනුව මෙම වසර සංකේතවත් කරන්නේ සූකරයායි.

මේ ආකාරයෙන් ලොව රටවල් රැසක එය සමරන නිසා  මේ වන විට ලොව වැඩිම පිරිසක් සමරන උත්සව පහ අතරට එක් වන්නටත් චීනයේ වසන්ත සෘතු උළෙලට හැකියාව ලැබී තිබේ.