ධාවන ශූරයෙක් තරගයක් අතර තුර ඇද වැටෙයි

ධාවන ශූරයෙක් තරගයක් අතර තුර ඇද වැටෙයි

February 10, 2019   01:06 pm

ජැමෙයිකානු ධාවන ශූර කෙමෝයි කැම්බල් ධාවන තරගයක් අතර තුර ඇද වැටීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන මිල්රෝස් තරගාවලිය අතරතුර ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
 
28 හැවිරිදි කැම්බල් මීටර් 3000 ධාවන තරගයට සහභාගී වෙමින් සිට ඇති අතර මීටර් දහසේ සීමාව පසුකිරීමත් සමඟ ඔහු ඇද වැටී ඇති බව සඳහන්.

ඒ අනුව වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.