පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක ඇතිවු ගින්නකින් යොවුන් ක්‍රිඩකයින් 10ක් මරුට

පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක ඇතිවු ගින්නකින් යොවුන් ක්‍රිඩකයින් 10ක් මරුට

February 9, 2019   10:44 am

 

බ්‍රසීලයේ විශාලතම පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක ඇතිවු ගින්නක් හේතුවෙන් යොවුන් ක්‍රිඩකයින් දස දෙනෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් තවත් ක්‍රිඩකයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ පුහුණු මධ්‍යස්ථානයේ වායුසමීකරණ යන්ත්‍රයක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හට ගෙන ඇති බවට සැක පළ කෙරෙයි.

ගින්න ඇති වීමට හේතුව සම්බන්ධයෙන් බ්‍රසීල බළධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වන්නේය.