හෙරොයින් සමඟ තිදෙනෙක් මාට්ටු

හෙරොයින් සමඟ තිදෙනෙක් මාට්ටු

January 11, 2019   12:06 pm

හෙරොයින් ග්‍රෑම් 240කට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු වැලිකඩ ,ගල්කිස්ස සහ මට්ටක්කුළිය යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරය අසළදී හෙරොයින් ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 720ක් සමඟ කාන්තාවක් බොරැල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ගල්කිස්ස සට්ටිගල මාවත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 205යි මිලිග්‍රෑම් 120 ක් ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මේ අතර මට්ටක්කුළිය කඳිරානවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 640ක් සමඟ පුද්ගලයෙකු බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

සැකකාරිය සහ සැකකරුවන් අද(11) මාලිගාකන්ද සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ වලට ඉදිරිපත් කිරීමට නියමිතයි.