සැකකටයුතු පාර්සල යැවූ  පුද්ගලයෙකු අත්අඩංගුව
සයුරෙන් එතෙර

සැකකටයුතු පාර්සල යැවූ  පුද්ගලයෙකු අත්අඩංගුව

January 10, 2019   02:09 pm

‍ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හා කැන්බරා නගරවල පිහිටි විදේශිය තානාපති හා කොන්සල් කාර්යාල වෙත සැකකටයුතු පාර්සල යොමු කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තබේ.

බ්‍රිතාන්‍යය, අමෙරිකාව, ස්විස්ටර්ලන්තය, පාකිස්ථානය, ඉන්දියාව, ග්‍රීසිය, දකුණු කොරියාව, නවසීලන්තය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රටවලට අයත් තානාපති හා කොන්සල් කාර්යාල වලට ඊයේ දිනයේ සැකකටයුතු පාර්සල  ලැබී තිබුණි.

ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර අදාල තානාපති කාර්යාල වලට ලැබී තිබූ සැකකටයුතු පාර්සල 38ක් සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

අදාළ පාර්සල යොමු කළ බවට සැකපිට 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.‍