නෞකාවක හටගත් ගින්නකින් අයෙක් මරුට
සයුරෙන් එතෙර

නෞකාවක හටගත් ගින්නකින් අයෙක් මරුට

January 9, 2019   02:51 pm

හොංකොං හි ලම්මා දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවක හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලයේ 26 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බවයි. 

කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබී තිබේ. 

ගින්න නිවා දැමීම සඳහා හොංකොං හි හදිසි ගිනි නිවීමේ ඒකකය කටයුතු කර ඇති අතර නෞකා 06 ක් ද ගින්න නිවා දැමීම සඳහා යොදා ඇති බව සඳහන්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාල නෞකාව වියට්නාම රාජ්‍යයේ ලියාපදිංචි නෞකාවක් බවට මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.