මැඩගස්කරයේ නව ජනපති ගැන තීන්දුවක්
සයුරෙන් එතෙර

මැඩගස්කරයේ නව ජනපති ගැන තීන්දුවක්

January 9, 2019   12:13 pm

මැඩගස්කරයේ නව ජනාධිපතිවරයා ලෙසින් ඇන්ඩ්‍රි රජොයිලීනා පිළිගත යුතු බව එරට උපරිමාධිකරණය තීන්දු කළේය.

මැඩගස්කරයේ පැවැති ජනාධිපතිවරණයේදී හිටපු නායක ඇන්ඩ්‍රි රජොයිලීනා ලැබූ ජය නීතිමය බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

රජොයිලීනා ලද ජයග්‍රහණයට එරෙහිව ප්‍රතිවාදීන් ගොනු කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය මේ බව සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැති ජනාධිපතිවරණයෙන් සියයට 55.66 ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගනිමින් ප්‍රතිවාදී මාර්ක් රවලොමානානා පරාජයට පත්කිරීමට 44 හැවිරිදි රජොයිලීනා සමත්විය. 

කෙසේ වෙතත් ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල දූෂිත බව ප්‍රකාශ කරමින් අධිකරණය හමුවට ඉදිරිපත්වීමට ප්‍රතිවාදීන් කටයුතු කිරීමත් සමඟින් උදාවූයේ ගැටුම්කාරී තත්ත්වයකි. 

අප්‍රිකානු මහද්වීපයේ පිහිටි දරිද්‍රතාවෙන් පීඩිත රාජ්‍යයක් වන මැඩගස්කර ජනතාවගෙන් සියයට 80ක පිරිසකගේ දෛනික ආදායම අමෙරිකානු ඩොලර් 2 නොඉක්මවන බවට සඳහන්ය.