CR&FC කණ්ඩායම පරදා මහනුවර කණ්ඩායම ලකුණු 11ක ජයක් වාර්තා කරයි

CR&FC කණ්ඩායම පරදා මහනුවර කණ්ඩායම ලකුණු 11ක ජයක් වාර්තා කරයි

December 4, 2018   01:15 pm

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වන සති අන්තයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම  සමත්  විය.

ඒ CR&FC කණ්ඩායම පරාජය කරමින්.          

මහනුවර-නිත්තවලදී පැවති තරගය ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකම ලකුණු රැස් කරමින් විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත විය.

ඒ අනුව පළමු අර්ධය ගෝල 14 ට 14ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

නමුත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වු මහනුවර කණ්ඩායම ලකුණු 27ක් රැස් කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණියේය.

නමුත් CR&FC  කණ්ඩායමට රැස් කර ගත හැකි වුයේ ලකුණු 16ක් පමණයි.

ඒ අනුව ලකුණු 41 ට 30ක් ලෙස තරගයේ ජය වාර්තා කළේ මහනුවර කණ්ඩායමයි.