ටෙස්ට් තරඟ තුනමක්ම ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
December 4, 2018 11:14 am
නවසීලන්ත “ඒ” කණ්ඩායම සහ ඉන්දීය ”ඒ” කණ්ඩායම අතර පැවති නිල නොවන තෙවන ටෙස්ට් ක්රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
තරගයේ අවසන් දිනය වන ඊයේ (03) දිනයේ තරගය නිමා වන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය “ඒ” කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා ගත්තාය.
තරගයේ පළමු ඉනිම සඳහා ඉන්දීය “ඒ” කණ්ඩායම සියලු ක්රිඩකයින් දැවී ලකුණු 323ක් ලබාගත් අතර නවසීලන්ත “ඒ” කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල ක්රීඩකයින් දැවී ලකුණු 398ක් ලබාගත්තාය.
ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟ තුනම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.