ලෝක ශූරතා රග්බි තරගාවලිය පළමු අදියරේ ජය නවසීලන්තයට

December 3, 2018   03:33 pm

ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ඩුබායි හිදී පැවැත් විය.

එම අදියරේ ජය හිමිකර ගත්තේ නවසීලන්ත කණ්ඩායම විසින්.

ඩුබායි හි පැවති ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියේ පලමු අදියරේ කුසලාන අවසන් මහා තරගය අමෙරිකාව සහ නවසීලන්තය අතර පැවැත් විය.

මෙම කණ්ඩායම් දෙක ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියේ අදියරක අවසන් මහා තරගකදී එකිනෙකා හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

තරගයේ පලමු අර්ධය ලකුණු 7ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් වුණා.

නවසීලන්තය දෙවන අර්ධයේදී තවත් ලකුණු 14ක් රැස් කළා.

අමෙරිකාවට දෙවන අර්ධයේදී රැස් කරගත හැකිවූයේ ලකුණු 5ක් පමණයි.

ඒ අනුව ලකුණු 21ට 5ක් ලෙස අවසන් තරගය ජයගත් නවසීලන්තය ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියේ පලමු අදියරේ කුසලාන ශූරතාව හිමිකර ගත්තේය.