බංගලාදේශ-කොදෙව් දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි

බංගලාදේශ-කොදෙව් දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි

December 1, 2018   04:14 pm

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 508ක් ලබා ගැනිමට සමත් විය.

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ මහමදුල්ලා 04 පහර 06ක් සමඟින් ලකුණු 136ක් ලබා ගත්තේය.

නායක සකිබ් අල් හසන් ලකුණු 80ක් සහ ෂද්මන් ඉස්ලාම් ලකුණු 76ක් ලබා ගැනිමට සමත් විය.

මේ වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 05ක් දැවී ලකුණු 42ක් ලබා ගෙන සිටියි.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට බංග්ලාදේශ කණ්ඩායමට වඩා කඩුලු 05ක් අතැතිව ලකුණු 465ක් පිටු පසින් පසුවෙයි.