ෆකර් සමන්ට දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වෙයි

ෆකර් සමන්ට දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වෙයි

December 1, 2018   11:45 am

පාකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆකර් සමන්ට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වී තිබේ.

දන හිසේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට මෙම තරඟාවලිය අහිමි වන බව වාර්තා වෙයි.

පාකිස්ථාන ක්‍රිකට් බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ ෆකර් සමන්ට දන හිසේ ආබාධ තත්ත්වය හේතුවෙන් සති තුන හතරක කාලයක් විවේක ගැන්වීමට සිදුවන බවයි.

28 හැවිරිදි ෆකර් සමන් මේ දක්වා එක් ටෙස්ට් තරඟයකට පමණක් මුහුණදී ඇති අතර ඔහු එම තරඟයේ ඉනිම් දෙකේදී අර්ධ ශතක ලබාගෙන තිබේ.