ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයක්

November 30, 2018   05:33 pm

ඉන්දීය නවක ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ.

ඒ ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙන් 19 හැවිරිදි ප්‍රිත්වි ෂෝ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමඟ පැවැත්වෙන පුහුණු තරගයේදී අබාධයකට ලක් විය.

ඒ හේතුවෙන්  ඔහු රෝහල්ගත කර ඇති බව තහවුරු කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ඔහුට අහිමි වන බව වාර්තා වෙයි.

ප්‍රිත්වි ෂෝ මේ වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගත්තේය.

ඒ අනුව ඔහු මේ වන විට ටෙස්ට් තරග 2කදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කර තිබේ.