Back to Top

2017 09 25 /2017 10 01 (සතියේ ඵලාපල)

September 18, 2017  




මේෂ ලග්නය

හිතේ වේගවත් අදහස් වැඩිවෙයි. චපල සිත් ඇති කරයි.මත්පැන් මතට ලොල් වෙයි. දරුවන්ගේ ප්‍රශ්නයක් දුරදිග යාමක් නිසා ගෙදර දොර ආරවුල් මතු කරයි.ස්ථාන කරදර හා චෝදනා එල්ල වෙයි.වියදම් අධික වෙයි.නීති ප්‍රශ්නයක් ඇති කරයි. වැඩ කටයුතු ප්‍රමාද වෙයි.රක්ෂාවෙන් වෙනස්වීම්වලට ලක්වෙයි. පෙනහලූවල රෝග,අර්ශස් ගෙඩි ඇති කරයි.

ජය අංක :- 2, 4, 6 ජය වර්ණ :- රතු, කහ ශුභ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

වෘෂභ ලග්නය

ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි.සිතේ සතුට වෙනුවට තරහ කෝප ගති ඇති කරයි. වෛර සිතුවිලි ඇති කරයි.සහෝදරියකගේ ප්‍රශ්නයක් මුල් කරගෙන වැඩ කටයුතු අවුල් වී යයි.විවාහ දිවිය තරමක් අවුල් සහගත තත්ත්වයක් ඇති කරන අතර සමාදානයක් සාමයක් ගැන ඇති නොවෙයි.මුත්‍රා රෝග, පිත රෝග ඇති කරයි. ලේවල තෙල් ගතිය ද වැඩි වෙයි.

ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- රතු, නිල් ශුභ   දිනය :- සෙනසුරාදා, සිකුරාදා

මිථුන ලග්නය

සිතේ පැවැති රාගික අදහස් සිත පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා වෙනත් ඇසුරක් පවත්වා ගෙන යාමට පෙලඹෙයි.පවුලේ උදවිය සමඟ එකට වාඩිවී වැඩ කිරීමට හෝ කථාබහ කිරීමක් සිදුවිය හැකියි.දුරගමන් බිමන් යාම තරමක් අනතුරුදායක බැවින්  ඒ පිළිබඳව තරමක් සිතා බලා විමසිලිමත්ව කටයුතු කරන්න.හදවත් රෝග හා බඩේ වාතය පිරීම,ඇති වීම ආදිය පෙන්වයි.

ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- කොළ, නිල් ශුභ  දිනය :- බදාදා, සිකුරාදා

කටක ලග්නය

අධ්‍යාපන ලබන සිසු දරුවන්ට මේ කාලය මතක ශක්තිය ලබා ගැනීමට හා අවබෝධය තුළින් විභාගවලට ශක්තිය,බලය ලැඛෙයි.පවුල් දිවිය තරමක් කරදර හා ප්‍රශ්න පැන නඟියි.ඒවාට බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.දරුවන්ගේ ද කටයුතු ඉගෙනීම් හා වෙනත් දේවල් ගැන සැලකිලි දැක්වීම යහපතට හේතු වෙයි.වන්දනා ගමන් හා උත්සව ආදියට ආරාධනා ලැඛෙයි,උගුරේ විෂ සහිත ගෙඩි ඇතිවීම,මානසික පිඩාකාරී බවක් ඇති කරයි.

ජය අංක :- 1, 3, 6 ජය වර්ණ :- සුදු, රතු ශුභ  දිනය :- සඳුදා,  ඉරිදා

සිංහ ලග්නය

හදිසි කරදර හා විපත් අනතුරු ඇති කරයි. සිතට හා මනසට විවේකයක් අඩු කරන අතර නීතිමය ගැටළුවලට මුහුණදීමට සිදුවිය හැකියි රෝහල් ගතවීමට හා ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය හැකියි. ස්ථාන කරදර හා පවුලේ නෑදෑයින් අතර වාද විවාද ඇති කරයි. සිත දුකින් පීඩා වෙයි. මොන ක්‍රමයකින්ම කරදරයකින් හෝ පීඩාවකින් සිතට පීඩා වෙයි. ඇස් රෝග, උණ රෝග, කන්වල ශබ්ද හා කැක්කුම් ඇති කරයි.රෝග ඇති කරයි.

ජය අංක :- 2, 5, 7 ජය වර්ණ :- රතු, කහ ශුභ  දිනය :- ඉරිදා, බදාදා

කන්‍යා ලග්නය

විවාහ වීමට සිටින අවිවාහක උදවියට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වෙයි. ප්‍රේමවන්තයින්ට නව සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි.ආදායම් මාර්ග සාර්ථක වන අතර තත්ත්වය යහපත් වෙයි.වාහනයක් හෝ ඉඩමක් මිලදී ගැනීමට දරණ උත්සාහයක් සාර්ථක වෙයි. හවුලේ කරන වැඩ කටයුතු සාර්ථක වෙයි. ඉගෙනුම් ලබන දු දරුවන්ගේ අභිවෘද්ධිය සැලසෙයි.හදිසි අනතුරු තුවාලවීම් ඇති කරයි. ඇස් රෝග, පපුවේ දැවිලි ඇති කරයි.

ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල් ශුභ  දිනය :-  බදාදා, සිකුරාදා

තුලා ලග්නය

රැකියාවේ දියුණුවක් හා ප්‍රගතියක් පෙන්වයි.උසස්වීම් බලාපොරොත්තු වන අයට ඒ සඳහා අවස්ථාවන් උදා කරයි.ස්ථාන වෙනසක් ද විය හැකියි.රජයේ සේවය යෙදී සිටි අයට යහපත් සතියක්.රෝග පීඩා හිටි හැටියේ ඇතිවීම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. ධනය ලැබුණත් ඉක්මනින් නැතිවී යයි.අර්ශස් රෝග, ඇස් රෝග,බඩේ අජීර්ණ රෝග ඇති කරයි.

ජය අංක :- 3, 4, 8 ජය වර්ණ :- නිල්, රතු ශුභ   දිනය :- බදාදා, සිකුරාදා

වෘශ්චික ලග්නය

හදිසි ණය මුදලක් ඉල්ලා හෝ ණයට දුන් මුදලක් නැවත ලබා ගැනීමට හැකි වෙයි.රැකියාවේ ද නව වෙනසක් ඇතිවීමට ද ඉඩකඩ ඇති කරයි.රාජකාරී වැඩ අකුරට කිරීම නිසා උසස් අයගේ ප්‍රසාදයට ලක්වෙයි.ආදායම් තත්ත්වය ද ක්‍රමානුකූව  ඉදිරිය ඇදී යයි. අධ්‍යාපනය ලබන අයට මේ සතිය ඉතා හොඳයි.දුර ගමන් යාමට හැකි වෙන අතර එයින් යම් යම් වාසි ඇති කරයි.හිසේ කැක්කුම හා බර ගතිය ඇති කරයි. මානසික පීඩා ඇති කරයි.ඇති කරයි.

ජය අංක :- 1, 2, 7 ජය වර්ණ :- රතු, තැඹිලි ශුභ  දිනය :-  අඟහරුවාදා, සිකුරාදා

ධනු ලග්නය

මෙතෙක් පැවැති මානසික ආතතිය යහපත් අතට හැරෙයි.සිත සතුටට පත්වෙන දේවල් සිදුවෙයි. ස්ථාන කරදර ඉවත් වී යයි. මව්ගේ ආධාර උපකාර ලැඛෙන අතර මව්ට ද ඇප උපකාර ලබා දෙයි. රැකියා ආදිය ලැබීම්වලට යහපත් වෙන අතර වෙළඳ කටයුතු හෝ ව්‍යාපාර ආදියට ද වරදක් නැත.පවුලේ ප්‍රශ්න දුර දිග යාමක් සිදුවන අතර ගැටුම් ආවම කර ගැනීම සඳහා කටයුතු කළ යුතුය.පපුවේ සෙම් රෝග ද ඇති කරයි.

ජය අංක :- 1, 6, 7 ජය වර්ණ :- රතු, කහ ශුභ   දිනය :-  බ්‍රහස්පතින්දා, සඳුදා

මකර ලග්නය

ගමන්බිමන් යාමට සැලසුම් කීපයක් යොදා ගැනෙයි.ආදායම් තත්ත්වය සෙමින් ගමන් කරන අතර ආර්ථීක තත්ත්වය කැපී පෙනෙන තත්ත්වයක් උදා නොකරයි. බලාපොරොත්තු රහිත අඹු-සැමියන් අතර මතභේද හා උණුසුම් වාද විවාද ආදිය ඇති කරයි. ඉගෙන ගන්නා දරු දැරියන්ට මේ සතිය තරමක් කරදර අඩු පාඩු සහිත සතියක් බව පෙනෙයි.ප්‍රේම සම්බන්ධතා මිත්‍රශීලී බව තව දුරටත් වැඩිවිය හැකියි.අර්ශස් රෝ,මුත්‍රා දෝෂ හා ලේවල දෝෂ ඇතිවිය හැකියි.

ජය අංක :- 5, 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශුභ   දිනය :-  සෙනසුරාදා, බදාදා

කුම්භ ලග්නය

පවුලේ ප්‍රශ්නයක් හෝ අඹු-සැමියන් අතර මත භේදයක් වැඩිදුර දිග දිර යාම නිසා සිත්තැවුල් අමනාපකම් ඇති කරයි. රාජකාරි කටයුතුවලට බාධා ඇති කරයි.රැකියාවේ හෝ වෙළඳාම් ව්‍යාපාරවල දී පහත වැටීම් හා කරදරවලට මුහුණ දීමට සිදු වෙයි.හවුල් වැඩ කටයුතුවලට ද බාධා හා කඩාකප්පල් විම් ඇති කරයි.වචන කථා කිරීමේ දි ප්‍රවේශම් වීම යහපතට හේතු වෙයි.ගෙඩි හා ලේපිටවීම් ඇතිවිය හැකියි.

ජය අංක :- 4, 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :-  සෙනසුරාදා, බදාදා

මීන ලග්නය

සිතට සහනය සතුට ඇති කලත් ඉක්මන්කාරී බව නිසා කරදරවලට පටලැවීම් ආදිය සිදුවෙයි.අවිවාහක අයට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වෙයි.තරඟවලින් ජයග්‍රහණ අත්විය හැකියි.සතුරු කරදරයක් ඉවත්s වී යයි.වන්දනා ගමනක් යාමට හෝ ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කරලීමට අදහස් කරයි.උදර ප්‍රදේශයේ සැත්කම් ආදියට හේතු ඇතිවිය හැකියි.බඩේ අම්ල,පිත්ත රෝග,විෂ ශරීර ගතවීම් ආදිය පෙන්වයි.

ජය අංක :- 3, 7, 8 ජය වර්ණ :- තැඹිලි, රතු ශුභ දිනය  :-  බ්‍රහස්පතින්දා, සඳුදා


0715709000/0415709000
රුක්ෂාන් ජයසේකර
පාරම්පරික ජ්‍යේතිර්වේදී

MOST VIEWED VIDEO STORIES

MORE >>