Back to Top

2017-08-14 /2017-08-20 (සතියේ ඵලාපල)

August 14, 2017  




මේෂ ලග්නය

ඔබට එතරම්ම ශුභ සතියක් නොවෙයි. ස්ථාන කරදර හා ප්‍රශ්න ඇති කරයි. සිතට වෛර සිතුවිලි පහල කරයි. කෝපය හා තරහ ඇති කරයි. විශේෂයෙන් තම නෑදෑයින් අතරේ වාද විවාදවලට පටලැවීම නිසා ඒ අය සමඟ ප්‍රශ්න ඇතිවිය හැකියි. ඉවසීමෙන් හා යහපත්ව සිටිය යුතුයි. ඉගෙනීම් කටයුතුවල නියැලී සිටින දූ දරුවන්ට ද යහපතක් නැත. කරදර හා ප්‍රශ්න දුක් කරදර ඇති කරයි. හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය වැඩි කරයි. ඒ නිසා ප්‍රවේශම් විය යුතුයි. රුධිර පීඩනවලට ද යා හැකියි. නිවාසවල දෝෂ හා පටලැවිලි ඇති කරයි. ලේවල දෝෂ හා හෘද රෝග,කැස්ස,උණ රෝග ඇති කරයි.

ජය අංක :- 2, 4, 6 ජය වර්ණ :- රතු, කහ ශුභ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

වෘෂභ ලග්නය

ධනය ලැබීම් අතින් හොඳයි. එහෙත් දුර ගමන් යාම එතරම් ශුභදායක නැත. කරදර හා තුවාලවීම් ඇති කරයි.හොඳට හිටි ගමන් පවුල් ප්‍රශ්න උග්‍ර අතට හැරෙයි. වාද විවාද ඇති කර ගනියි.මව්ගේ උපදෙස් හා ක්‍රියාශීලීකම නිසා ප්‍රයෝජනවත් දේ කර ගැනීමට හැකියාව ලැබෙයි. දූ දරුවන්ගේ උත්සවයකට සහභාගී වීමට අවස්ථාවක් උදා කරයි. සමහරවිට ඔවුන්ගේ විවාහ මංගල්‍යය හෝ උත්සවයක් විය හැකියි. හවුල් කරන කටයුතුවලින් පාඩු සිදුවෙයි.ප්‍රමාදවීම් ඇති කරයි. ඉගෙන ගන්නා අයට ඉතා යහපත් සතියක් වෙයි. පෙනහලූ වල සෙම බැදීම, ඇදුම රෝග, වාත පිත, සෙම රෝග ඇති කරයි.

ජය අංක:-2,4,7 ජය වර්ණ:-රතු,නිල් ශුභ දිනය:-සෙනසුරාදා,සිකුරාදා


මිථුන ලග්නය

විවාහ වීමට සිටින ඔබට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වෙයි.විවාහය කඩිනම් විය හැකියි. ස්ථාන කරදර නිමාවට පත්වෙයි.වාහන ලාභ,ඉඩම් ලාභ හා නිවාස මිල දී ගැනීම් ආදිය ගැන සලකා බැලීමක් කරයි.අලුතින් වාහනයක් ගැනීම කෙරෙහි සලකා බලය ඒ අතර පවුලේ සාමය සමාදානය ඇති කරයි.උත්සාහය ඇති කරයි.විවාහ අඹු-සැමියන් අතර පැවැති ආරවුල් තරමක සංසුන් තත්ත්වයක් තාවකාලිකව ඇති කරයි.අනියම් ප්‍රේම සම්බන්ධතාවල්වලට යොමුවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. උසස් අයගේ ප්‍රසාදයට හා සැලකිල්ලට ලක්වෙයි. ලේවල තෙල් ගතිය වැඩිවීම,උගුරේ අමාරු ඇති කරයි.

ජය අංක:-2,4,7 ජය වර්ණ:-කොළ,නිල් ශුභ දිනය:-බදාදා,සිකුරාදා

කටක ලග්නය

තමන්ගේ වැඩ ගැන අනුන් දොස් දැකීම නිසා යම් කරදරවලට පටලැවීමට සිදුවෙයි. තමන්ගේ දොස් බලා ගැනීම යහපතට හේතුවෙයි. දුරබැහැර ගමන්බිමන්වලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. වියදම් අධික වෙයි. අත්‍යවශ්‍ය දේවල්වලට විය පැහැදම් වෙයි. නීතියේ පිහිට ලබා ගැනීමක් ඇතිවිය හැකියි.කාර්යබහුල වෙයි.හිතට නිදහසක් නැති තරමට වැඩ කටයුතු ඇතිවිය හැකියි.ස්ථානගත දෝෂයක් හෝ යම් ගුප්ත බලවේගයක් නිසා කාලයත් ධනයත් වැය වෙයි.දරුවකුගේ ඕනෑ එපාකමක් සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරයි. පාලන බලතල ලබා ගැනීමට දැඩි වෙහෙසක් ගනියි.හිසරදය,රුධිර පීඩන,ක්ලාන්තය ඇති කරයි. ඇස් රෝග,ස්නායු රෝග ඇති කරයි

ජය අංක:-1,3,6 ජය වර්ණ:-සුදු,රතු ශුභ දිනය:-සඳුදා,ඉරිදා

සිංහ ලග්නය

ධනය ලැබීම් අතින් යහපත් සතියක් බව පෙනෙයි. නුවණ යොදා කරන වැඩ වේගවත් කරයි. එහෙත් පසුව පාඩු ලබයි. සිතට සැනසිල්ල අඩු වෙයි. චෝදනා එල්ල වෙයි. තම නෑදෑයින්ගේ ප්‍රශ්න ගැන හිතට කල කිරීම් ඇති කරයි. ආදායම් තත්ත්වය පෙරට වඩා ශක්තිමත් වුවත් සිතට සැනසිල්ලක් නැත. රැකියා ස්ථානවල ද යම් යම් ගැටලූකාරී බවක් ඇති කරයි. ඒවාට විසඳුම් සෙවීම පිණිස අන් අයගේ සහය පතයි. මානසික පීඩා කරයි. මව්ගේ අසනීප තත්ත්වය වැඩිවිය හැකියි. නැත්නම් මව්ගේ ලැඛෙන සහය අඩු වී යයි. නීතියේ පිහිට පැතීමක් සිදුවිය හැකි අතර නඩු මඟට බැසීමට ද තීරණ කරයි.එහෙත් දෙපාරක් සිතිය යුතුයි.මානසික ආතතිය හා ඇස් රෝග,සැත්කම් වගේම වාතය,පිත, සෙම් රෝග උත්සන්න කරයි.

ජය අංක:-2,5,7 ජය වර්ණ:-රතු,කහ ශුභ දිනය:-ඉරිදා,බදාදා

කන්‍යා ලග්නය

මේ සතිය යහපත්ව ගෙවී යයි.කරන කටයුතුවල දියුණුවක් දැකිය හැකියි.උත්සාහය යහපත්ව පවතී.රැකියාවේ දියුණුවක් හා ප්‍රගතියක් පෙන්වයි. රැකියා නොමැතිව කාලයක් දුක් වින්ද අයට රැකියා අවස්ථා උදා කරයි. රජයේ රැකියා කරන අයට යහපත් වහා උසස් අයගේ උදව් උපකාර හිමි කර දෙයි. ඉගෙනීම් ලබන දරු දැරියන්ට යහපත් තත්ත්වයක් උදා කරයි. පිටරට සංචාරය ගමන් බිමන් ඇති කරයි. වන්දනා ගමන් ද විය හැකයි. වැඩිමහල් දරුවකුට අපල ඇති කරයි. ආදායම් තත්ත්ව ද යහපත් අතට හැරෙයි. සාහෝදර අයගෙන් එතරම්ම ශුභදායකයක් නැත.සෙම් රෝග හා ඇස් රෝග,බඩේ ගෑස් රෝග,අම්ල පිත්ත රෝත ඇති කරයි

ජය අංක :-4,5,8 ජය වර්ණ :-කොළ,නිල් ශුභ දිනය :-බදාදා,සිකුරාදා

තුලා ලග්නය

විදේශ ගමන් යාමට සැරසෙන ඔබට යහපත් ප්‍රතිඵල අත්වෙයි. යාමට හැකිවෙයි. රැකියා ලාභ ඇති කරයි. ව්‍යාපාර වෙළඳාම් ආදිය දියුණුව හා ප්‍රගතිය ඇති කරයි.කාර්ය බහුල වෙයි.ඕනෑම වැඩක් කිරීමට පසුබට නොවෙයි.දක‍ෂතා ඇති කරයි.ඒ වගේම හිතපු නැති විදියට නීති ප්‍රශ්නයක් හෝ උසාවි පොලීසියට යාමක් සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව සිටිය යුතුයි.ධනය ලැබුණත්  ඒවා වියපැහැදම් වී අතුරුදහන් වෙයි.ධන හානි ඇති කරයි. ගමන් බිමන් යනවිට හදිසි කරදර හා අනතුරු ඇති කරයි. ප්‍රවේශමෙන් යා යුතුයි.ලැබීමට ඇති දෙයක් ප්‍රමාද වෙයි.ඇස් රෝග,පෙනීමේ දුර්වලතා,අර්ශස් රෝග,වාතපිත,සෙම රෝග ඇති කරයි.

ජය අංක :-3,4,8 ජය වර්ණ :-නිල්,රතු ශුභ දිනය:-බදාදා,සිකුරාදා

වෘශ්චික ලග්නය

මානසික පීඩාකාරී බවක් ඇති කරයි.හිසට හැම දෙයක්ම භාර ගැනීම නිසා මානසික ආතතිය ඇති කරයි.ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි.රැකී රක්ෂා කටයුතුවලට යම් අයගේ බලපෑම් එල්ල වෙයි.එහෙත් ඒවාට බිය සැක නැතිව මුහුණ දෙයි.එඩිතර පියවර කීපයක් ගනියි. මව්ට සහ පියාට තරමක් අපල ඇති කලත් මව්ට එතරම්ම අපලයක් ඇති නොවෙයි.පියාට අපල ඇති කරයි.ලැබීමට ඇති දෙයක් කරදරයකින් තොරව ලබා ගැනීමට හැකි වෙයි. විවාහ සැපය ඇති කරයි.මංගල යෝජනා ස්ථීර වීම නිසා සිතට සතුටක් ඇති කරයි.පාලන කටයුතු මැනවින් කරගෙන යාමට හැකි වෙයි. හිසරදය, උණ රෝග, ලේවල දෝෂ ඇතිවීම, අර්ශස් රෝග,මුත්‍රා රෝග පෙන්වයි.

ජය අංක :-1,2,7 ජය වර්ණ:-රතු,තැඹිලි ශුභ දිනය:-අඟහරුවාදා,සිකුරාදා

ධනු ලග්නය

රැකියාවේ දියුණුවක් වගේම ප්‍රගතියක් ඇති කරයි.ඔබ ව්‍යාපාර හෝ වෙළඳාම් කටයුතුවල නිරත වී සිටි අයෙක් නම් එහි බලාපොරොත්තු වූ ආකාරයට ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස ඉහළ යාමක් ඇති කරයි. කරන වැඩේ ඉහළින්ම කිරීමට හැකියාව ලැඛෙයි.පැවැති අවහිරතා මඟ හැරී ගියත් ස්ථානයේ යම් යම් ගැටලූකාරී බවක් ඇති කරයි.තමන් රුස්සන්නේ නැති අය ඇසුරට වැටේ. ස්ථාන ගත ප්‍රශ්න ඇති කරයි.විවාහ දිවිය යහපත් වන අතර අවිවාහකව සිටින අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වෙයි. ප්‍රේම සම්බන්ධතා දියුණු වෙයි.අර්ශස් රෝග, මුත්‍රා දෝෂ,ලේවල දෝෂ ඇති කරයි.

ජය අංක:-1,6,7 ජය වර්ණ:-රතු,කහ ශුභ දිනය: බ්‍රහස්පතින්දා,සඳුදා

මකර ලග්නය

ශුභදායක සතියක් බව පෙනෙයි.සතිය ආරම්භයේ දීම වාසනාවන්ත වැඩ කටයුතු කීපයකට අත ගැසීමට සිදු වෙයි.ඒවායින් ප්‍රයෝජනයක් ලැබෙයි. රැකී රක්ෂා පමණක් නොව වෙළඳ ව්‍යාපාර කටයුතුවල ද යම් කැපී පෙනෙන දියුණුවක් ඇති කරයි.එහෙත් විවාහ දිවිය තරමක් උණුසුම්කාරී වාතාවරණයක් ඇති කරයි.දෙදෙනා අතරේ මතභේද ත ගැටුම් ඇති කරයි. හවුලේ කරන කටයුතුවල ද යම් පසු බෑමක් ඇති කරයි.හිතුවක්කාර අදහස් පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා ගැටුම්කාරී බවක් දක්වා යාමට සිදුවෙයි.ඉතා ඉවසීමෙන් හා වගකීමෙන්  යුතුව වාසය කළ යුතුයි.මුත්‍රා දෝෂ, අර්ශස් රෝග,ලේ පිටවීම,යටිබඩේ කැක්කුම්,වකුගඩු රෝග,ගල් ඇතිවිය හැකියි

ජය අංක:-5,6,9 ජය වර්ණ:-කොළ,නිල් ශුභ දිනය:-සෙනසුරාදා,බදාදා

කුම්භ ලග්නය

එතරම්ම ශුභ සතියක් නොවෙයි.හදිසි රෝග පීඩා හා රෝහල් ගතවීම් ආදිය ඇතිවිය හැකියි.බලාපොරොත්තු ඉටුවීම ප්‍රමදවීම කරන කටයුතු අවුල්වීම හා පවුලේ සාමය බිඳවැටීම ආදිය සිදු විය හැකියි. පියාට වගේම මව්ට ද අපල ඇති කරයි. දූ දරුවන්ගේ දියුණුවට කටයුතු කරන අතර දුවකුගේ උත්සවයක් හෝ යම් සාදයක් සඳහා එහි සහභාගී වීමට උදව් කිරීමට සිදුවිය හැකියි.ඒවගේම හදිසි මිල මුදල් ලැබීම ආදියට හේතු ඇති කරයි.සමහරවිට ලොතරැයි සූදු වැනි ක්රීගඩාවලින් ජය ලැබීමට හේතු ඇති කරයි.රැකියාවේ දියුණුවට බාධා හා වෙළෙඳ කටයුතුවලට බාධා ඇති කරයි.මුත්‍රා දෝෂ,ලේවල සීනි ප්‍රමාණය වැඩිවීම,සෙම් රෝග ඇති කරයි.

ජය අංක:-4,6,9 ජය වර්ණ:-කොළ,නිල් ශුභ දිනය:-සෙනසුරාදා,බදාදා

මීන ලග්නය

සිතට සතුට සැනසුම හිමි කරයි.බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙයි. එහෙත් පෙරලිකාර දරුවන්ගේ වැඩ කටයුතු නිසා සිතට භය හා කලකිරීම් ඇති කරයි. වාසනාවන්ත විවාහ යෝජනා අවිවාහක අයට ඉදිරිපත් වෙයි.ඒවා සාර්ථක වෙයි.හොඳ කොටස්කරුවෙකු ලැබෙයි.හිටි හැටියේ පපුවේ වේදනා කැක්කුම් ඇති කරයි.පෙනහලූ රෝග වැනි  දේවල් ඇතිවිය හැකියි.නිවාස  අළුත්වැඩියාව හෝ නිවාස මිල දී ගැනීම් නැත්නම් අළුත් වාහනයක් මිලදී ගැනීමක් ගැන අදහස් ඇතිවීම ආදිය සිදුවිය හැකියි. පියාට අපල ඇති කරයි.ලේවල දෝෂ,මුත්‍රා රෝග,ඇස් රෝග,පපුවේ සෙම රෝග ආදිය ඇති කරයි.

ජය අංක:-3,7,8 ජය වර්ණ:-තැඹිලි,රතු ශුභ දිනය:බ්‍රහස්පතින්දා,සඳුදා




MOST VIEWED VIDEO STORIES

MORE >>