Back to Top

2017-07-24 /2017-07- 30 (සතියේ ඵලාපල)

July 24, 2017  


මේෂ ලග්නය

ආදායම් තත්ත්වය යහපත් වුවත් වියදම් පක්ෂය අධික කරයි. ලැබීම්වලට යහපත් වන අතර මිල මුදල් අත ගැවසෙයි. එහෙත් සිත් තුළ ද්වේශය, කෝපය හා වෛර සිතුවිලි පහළ වීම නිසා අසල්වැසියන් හෝ තම නෑදෑයින් සමඟ අමනාපකම් ඇති කර ගනියි. නැත්නම් කෝලාහලවලට පටලැවෙයි.ඉවසීම ද අඩු වන නිසා ඉතා කල්පනාකාරීව තීරණගත යුතුව ඇත. හිරේ විලංගුවේ වැටීමට පවා ඉඩ ඇති කරයි. පොලීසියට හා උසාවියට යාමට සිදුවිය හැකි නිසා කල්පනාවෙන් සිටිය යුතුයි. ස්ත්‍රියක් නිසා කරදරයකට පත්විය හැකියි. දරුවන්ගේ ද ප්‍රශ්න මතු කරයි. ස්ථාන කරදරවලට ද පටලැවෙයි.කැස්ස, ලේවල දෝෂ හා අර්ශස් රෝග වැනි දෑ ඇති කරයි.

ජය අංක :- 3, 6, 8 ජය වර්ණ :- රතු නිල ශ්‍රභ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

වෘෂභ ලග්නය

ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි. කරණ කටයුතුවල දියුණුවක් දැකිය හැකියි. මංගල යෝජනා ඇති කරයි. අවිවාහක අයට සාර්ථක මංගල යෝග උදා කරයි. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා දියුණුවට හා බැඳීම් වැඩි වෙයි.සිතට සහනය ඇති කරයි. මෙතෙක් පැවැති අසහනකාරී බව මඟහැරී යයි. එහෙත් විවාහකයින්ගේ අඹු-සැමි භේද බින්නතාවයන් තවදුරටත් ඇති කරයි.එකිනෙකාට චෝදනා කර ගනියි. ඉවසීම අඩු වෙයි. හවුලේ කරන කටයුතුවලින් පාඩු සිදු වෙයි. සහෝදර පක්ෂයේ උදවිය අතරින් තමා ප්‍රකටව පෙනෙයි. අත් පා වේදනා, කැක්කුම්, මුත්‍රා අමාරු, පීනස් රෝග, සෙම් රෝග ඇති කරයි.

ජය අංක :- 2, 4, 5ජය වර්ණ :- රතු, කහ ශුභ දිනය :- සෙනසුරාදා, සිකුරාදා

මිථුන ලග්නය

රැකියා කටයුතු වගේම වෙළඳාම්, ව්‍යාපාර කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් හා ප්‍රගතියක් ඇති කරයි. වියදම් වැඩි කරයි. ඈත ප්‍රදේශයකට මාරු වී යාමට හෝ ස්ථාන මාරුවක් ඇතිවීමට හේතු ඇතිවිය හැකියි. විවාහ දිවියේ අප්‍රසන්න සිදුවීම් කීපයක් සිදුවිය හැකියි. එයට මුහුණදීමට සිදුවෙයි. හින් බස්වීමක් නිසා කලකිරීම් ඇති කරයි.එහෙත් තැන්පත් ගතිගුණ ඇති කර ගත යුතුව ඇති නිසා වෙන්ව ගිය විනාශයක් වලක්වා ගැනීමට ද හැකි තත්ත්වයක් උදා කරයි. එහෙත් එය තාවකාලික වෙයි. පවුලේ අයගෙන් හොඳක් ඇසීමට නොහැකි වෙයි. සහෝදරයින්ගේ අඩුපාඩු ගැන කතා කරයි. විසඳුම් නැති වෙයි. බඩේ ගෑස් රෝග, වාතය පිරවීම, ඇස් රෝග, උෂ්ණ රෝග ඇති කරයි.

ජය අංක :- 1, 4, 7 ජය වර්ණ :- කොළ, රතු ශුභ දිනය :- කොළ, කහ

කටක ලග්නය

පාලකයෙකු හැටියට වැඩ කිරීමට හැකියාව, තනතුරු ලැබීම් ආදිය ඇතිවිය හැකියි. ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස ගෙවී යයි. රජයේ සේවයේ යෙදී සිටින අයට යහපත් තත්ත්වයක් උදා කරයි. වාසනාවන්ත තත්ත්වයන් උදා කරයි. ඒ වගේම බලය පෙන්වීමට යාම නිසා කරදරවලට ද මුහුණපාන්නට සිදු වෙයි.සහෝදරියකගෙන් ලාභ ප්‍රයෝජනයක් අත් කර ගැනීමට හැකියාව ලැඛෙයි. දුර ගමන් යාමට සැලසුම් කරයි. ස්ථාන කරදර ඉඳහිට පැන නගියි. ඒවා ස්ථානය අනුව වෙනස් ස්වරය ගනියි. දූ දරුවවන්ගේ ප්‍රශ්න නිතර නිතර මුහුණ දීමට සිදු වෙයි. එහෙත් ඒවා ඉවරයක් නැත. මානසික පීඩා ඇති කරයි.  රුධිර පීඩා, හිසේ බර ගතිය, ලේවලට උෂ්ණ ගතිය, නහර දුර්වලතා පැන නඟී.

ජය අංක :- 3, 7, 9 ජය වර්ණ :- සුදු, ක්රීදම්පාට ශුභ දිනය :- සඳුදා,  සිකුරාදා

සිංහ ලග්නය

මේ සතිය ඔබට එතරම්ම ශුභ සතියක් නොවේ. කරදර බහුලව ඇති කරයි. ඒ වගේම නොකළ වැරදිවලට දඩුවම් විදීමට සිදු වෙයි. එහෙත් රැකියාවේ හෝ ආදායම්වල වෙනසක් ඇති නොවෙයි. ඒවා කරගෙන යාමට හැකියාව ඇති කරයි. සිතට සහනය අඩු කරයි. කලකිරීම් ඇති කරයි.බලාපොරොත්තු වූ කරදරවලට මුහුණ දීමට සිදුවිය හැකියි. හදිසි අනතුරු හා හදිසි විපත් පෙන්වයි. නීතිමය පිහිටක් ලබා ගැනීම සඳහා අදාළ පාර්ශව සමඟ කතාබහ ඇති කරයි. රෝහල් ගතවීම් හෝ ප්‍රතිකාර සඳහා යාමට සිදුවිය හැකියි. එම නිසා මේ සතිය ප්‍රවේශමෙන් හා පරීක්ෂාවෙන් යුතුව වාසය කළ යුතුයි. ඇස් රෝග, අත් පා තුවාල වීම්, දත් රෝග ආදිය ඇති කරයි.

ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- රතු, කහ ශුභ දිනය :- ඉරිදා, සඳුදා

කන්‍යා ලග්නය

මංගල යෝග උදා කරයි. අවිවාහක උදවියට මංගල යෝජනා ඉදිරිපත් වන අතර ඒවා සාර්ථකව ස්ථීරව පවත්වා ගෙන යා හැකි බව පෙනෙයි. ආදායම් තත්ත්වය හොඳයි. රජයේ සේවයේ යෙදී සිටින අයට උසස් වීම් හා උසස් අයගේ උදව් උපකාර ලබා ගැනීමට හැකියාව, බලය ලැඛෙයි. ඒ වගේම රාජ්‍ය උත්සවවලට යාමට ආරාධනා ලැබේ. ඉඩම්, දේපලවල තිබූ යම් යම් ගැටළුකාරී බව අඩු වී යයි. තමන්ට වාසිදායක ලෙස ඒවා කටයුතු වෙයි. පාලන බලතල ලබා ගැනීමට දරණ උත්සාහය ද සාර්ථක වෙයි. වාසනාව උදා කරයි. ඒ නිසා නිහතමානීව කටයුතු කර ගන්න. ඇස්වල විෂබීජ ඇතුල්වීම හෝ ලේවලට විෂ ඇතුල්වීමක්, බඩේ ගෑස් රෝග ආදිය පෙන්වයි.

ජය අංක :- 1, 5, 9 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :-  බදාදා, සිකුරාදා


තුලා ලග්නය

රැකියා වෙළෙඳාම්, ව්‍යාපාරවල යම් යම් වර්ධනයක් හා දියුණුවක් ඇති කරයි. ඒ වගේම තමන් දන්නා වෘත්තීය දක‍ෂතාවලට නිසි තැනක් හිමි කර ගැනීමට ද හැකියාව ඇති කරයි. රැකියා අහිමි අයට රැකියා අවස්ථා උදා කර ගැනීමට ද අවකාශ ලැබේ. පිටරට සිට පැමිණි මිතුරකුගේ ආධාරයක් උපකාරයක් හිමි කරයි. ඒවගේම විදේශ ගමන් යාමට ද ඇති හැකියාව පෙන්නුම් කරයි.හදිසි ලෙඩ රෝග ඇති කිරීම නිසා රෝහල් ගතවීමට හෝ ප්රටතිකාරයක් ලබා ගැනීමක් වැනි සිදුවීමක් ඇතිවිය හැකියි. විවාහ දිවියේ පැවැති ගැටළු හා ප්‍රශ්න රාශියක් අවසන් කර ගැනීමට හැකියාව ලැබේ. මුත්‍රා රෝග, ලේවල සීනි මට්ටම ඉහළ යාම, ලේවල තෙල් ගතිය ආදිය ඇතිවිය හැකිය.

ජය අංක :-  5, 7, 8 ජය වර්ණ :- කහ, රතු ශුභ දිනය :-  බදාදා, සිකුරාදා

වෘශ්චික ලග්නය

පෙර පැවැති තත්ත්වයට වඩා තරමක් සහනශීලී බවක් හා යම් උවදුරු රහිත භාවයක් ඇති කරයි. කාලයක් තිස්සේ පැවැති මුදල් අහේනික ගතිය තරමක් අඩු වී ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි. විභාග පරීක්ෂණ, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය අත් කර ගැනීමට ඔබට හැකියාව, බලය ලැබෙයි.හදිසි ධන ලාභ හා ලොතරැයි දිනුම්වලින් ජයග්‍රහණ අත් කර ගැනීමට හැකි බවක් මේ සතිය තුළ දකින්නට හැකියි. අවිවාහක අයට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වන අතර ඒවා ක්‍රියාත්මක කඩිනමින් කිරීමට විධිවිධාන යෙදවීමට සිතයි. දූ දරුවන් ඇති අයට දරුවන්ගේ දියුණුවට වඩා රාශියක් කර ගැනීමට හැකියාව ලැඛෙයි. මුත්‍රා රෝග, සීනි ලේවල වැඩිවීම, හිසරදය, කැස්ස ඇති කරයි.

ජය අංක :-  4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි ශුභ දිනය :-  අඟහරුවාදා, සිකුරාදා

ධනු ලග්නය

රැකී රක්ෂා කටයුතුවලට මෙතෙක් බලපෑ බාධ හා කඩාකප්පල්වීම් ආදිය නැති වී යහපත උදා කරයි.සිතට සතුටක් ගෙන දෙන දේවල් සිදු කෙරෙයි. එහෙත් බාධක.අවිවාහකයින්ගේ විවාහ කටයුතුවල යම් යම් දෝෂ ඇති වීම නිසා ඒවා කල් යෑම් හා ඒකපාර්ශවික තීරණ ගැනීම් නිසා කඩාකප්පල් වීම්වලට ගොදුරු විය හැකියි.මව්ගේ සුවදුක් සොයා බලා කටයුතු කරන අතර පියාට තරමක් කරදර හා අපල මතු කරයි. හදිසි රෝහල් ගතවීම්වලට ඉඩ ඇති කරයි. අඹු-සැමියන්ගේ හොඳ හිත පලූදු වීමට කරුණු කාරණා ඇති කරයි. කෝපය, තරහව හා නොඉවසිලිගති නිසා ප්‍රශ්න ඇති කර ගනියි. ඉවසීමේ කටයුතු කර ගන්න. අර්ශස් රෝග, ලේවල විෂ ඇතිවීම, පපුවේ සෙම් වැඩිවීම ඇති කරයි.

ජය අංක :- 5, 7, 8 ජය වර්ණ :- කහ, තැඹිලි ශුභ දිනය :-  බ්‍රහස්පතින්දා, සඳුදා


මකර ලග්නය

දුර ගමනක් යාමට හෝ වන්දනා ගමන් යාම සඳහා සියල්ල සැලසුම් කිරීමක් සිදු කරයි. සමහරවිට පිටරට ගමනක් විය හැකියි. එහෙත් හවුලේ කරන කටයුතුවල ප්‍රවේශමක් හෝ කල්පනාවෙන් කළ යුතු බවක් පෙන්වයි. වන්නට යන කරදර අවම කර ගැනීමට සිතා බැලිය යුතුයි.සංගීත, කලා හා නෘත්යබ ආදියට හිත ඇදී යයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට යම් යම් බාධා කරදර ඇති කරයි. එහෙත් උත්සාහය හොඳ නිසා ඒවා සමනය කර ගැනීමට හැකිය. අඹු-සැමියන් අතර ඇති සුහදතාවයට බාධා ගැටළු පැන නඟියි. වාද විවාද හා එකට එක කිරීම් ඇති කරයි. ඉවසීම අඩු වෙයි. රණ්ඩු ඇති කරයි. එම නිසා ඉතා ඉවසීමෙන් සිටිය යුතුයි. ලේවල විෂබීජ ඇතුල්වීම, අර්ශස් රෝග, මුත්රාඇ දෝෂ, පපුවේ සෙම් ගතිය වැඩි වීම සිදු වෙයි.

ජය අංක :- 2, 4, 8 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :-  බදාදා, සෙනසුරාදා

කුම්භ ලග්නය.

බලවත් උත්සාහයකින් තම කටයුතු කර ගැනීමට හා උනන්දුව මත සිදු කිරීමට වැඩ ප්‍රමාදය ඇති වුවත්   මඟ හැර ගැනීමට හැකි වෙයි. ධනය ලැබීම්වලට යහපත් වන අතර වචනය නිසා අයහපත් දේ යහපත් කර ගැනීමට හැකියාව ලැඛෙයි. හිතේ සතුට සැනසිල්ල ඇති කරන අතර පවුලේ සාමකාමී තත්ත්වයක් පෙන්නුම් කරයි. මව්ගේ තත්ත්වය සොයා බලා කටයුතු කරයි. සතුරු කරදරයක් නිමාවට පත් වෙයි. ඇසුරු කරන්නන් අතර හොඳ ඇති කර ගැනීමට හැකි තත්ත්වයක් උදා කර ගැනීමට හැකි වෙයි. වයසක මහලූ අයගේ උදව් උපකාර ලබා ගැනිමට හැකි වෙයි. පියාට අපලයි. විවාහ දිවිය තරමක් අවුල් සහගත වෙයි. උගුරේ සෙම් ඇති කරයි. වාත, පිත, සෙම රෝග වැඩි කරයි. බඩේ ගෑස් රෝග ඇති කරයි

ජය අංක :- 1, 3, 8 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :-  බදාදා, සෙනසුරාදා

මීන ලග්නය.

හිතේ පැවැති නොසතුටුගතිය පහවී යයි. සහනය ඇති කරයි. පවුලේ සහෝදර පක්ෂයේ සහෝදරියකගේ උදව් උපකාර හිමි කරයි. ඒ වගේ ඇයට ද අවශ්‍ය කටයුතු කර දීමට ඉදිරිපත් වෙයි. දරුවෙකු නිසා යම් යම් කරදර ඇති කරයි. අකීකරුකම් හා හිතුවක්කාරකම් නිසා කලකිරිම් ඇති කරයි. ඒ වගේම නීති උපදෙස් ලබා ගැනීමක් වැනි දෙයක් පෙන්නුම් කරයි. මංගල කටයුතුවලට සූදානමක් පැවතිය හැකියි. එසේම අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් කෙරෙයි. විදේශ ගමන්බිමන් යාමට හැකි වාතාවරණයක් පෙන්වයි. ඉගෙනීම් කර ගන්නා දූ දරුවන්ට ඉතා යහපත් සතියක් බව පෙනෙයි. මානසික සුවය ලැඛෙයි. හෘද රෝග ඇති අය ප්‍රවේශම් විය යුතුයි. පෙනහැලි වල රෝග, සෙම් රෝග ඇති කරයි.

ජය අංක :- 2, 4, 9 ජය වර්ණ :- තැඹිලි, කහ ශුභ දිනය :-  බ්‍රහස්පතින්ද, සඳුදා

MOST VIEWED VIDEO STORIES

MORE >>