මේෂ ලග්නය
තරමක් අසනීපගති ඇති කරයි. තමන් බලාපොරොත්තු නොවන අවස්ථාවක කරදරයක් හෝ අනතුරක් ඇතිවිය හැකිය.එය දිශාවල් අනුව වෙනස් විය හැකියි. ශනි මහ දශා අතුරු දශා කුජ මහ දශා, අතුරු දශා, කුජ මහ දශා,රාහු මහ දශා, අතුරු දශා ගෙවන අයට පෙර කී ආකාරයේ අපල තත්ත්වයන් උදාවිය හැකියි. ධනහානි ආර්ථීක තත්ත්වය පහළ බැසීම හා වියදම් අධික වීම ආදිය බලපවත්වයි.තමන්ගේ දක්ෂතාවය අනුව තමාට හිමි වෘත්තීය දකෂතාවයන් නිසා මිල මුදල් ආදායම් තත්ත්වය යහපත් වෙයි. අවිවාහක අයට මංගල යෝජනා ස්ථීර වීම නිසා සතිය යහපත් වෙයි. උගුරේ සෙම් රෝග, කැස්ස, මුත්‍රා රෝග ඇති කරයි.
ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- රතු, නිල් ශුභ දිනය :- අඟහරුවාදා, සිකුරාදා
වෘෂභ ලග්නය
ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි. පැවැති අඹු-සැමි ආරවුල් තාවකාලිකව සමථයකට පත් වෙයි.වෙන්වීමට පවා අනතුරු ඇඟවීම් කර ගනියි. එහෙත් වෙන්වීමට නොසිතිය යුතුයි. ඉවසීමෙන් කටයුතු කළ යුතුයි.වාහන මිලදී ගැනීමට හෝ ඉඩම් දේපොළ ලබා ගැනීම් පිළිබඳව සලකා බැලීමක් සිදුවිය හැකියි.ස්ථාන කරදර ඇතිවිය හැකියි. මව්ගේ සුවදුක් අසා දැන ගැනීමට ඇය වෙත යාමට සිදු වෙයි. හවුලේ කරන කටයුතු වලින් යම් ප්‍රතිලාභයක් ඇති නොවෙයි.උගුරේ කථා විලාසයට බාධා ඇති කරයි. සෙම් රෝග බහුල වෙයි.
ජය අංක :- 1, 2, 8 ජය වර්ණ :- රතු, කොල ශුභ දිනය :- සෙනසුරාදා, සිකුරාදා
මිථුන ලග්නය
කලක් බලාපොරොත්තුවෙන් ඉඩමක් ගෙයක් මිලදී ගැනීමක් හෝ වාහනයක් ගැනීමක් පිලිබඳව අදහසක් යළි මතුවීම නිසා ඒ ගැන විමසිලිමත්ව කටයුතු කිරීමක් ඇති කරයි. මව්ගෙන් ලැබිය යුතු සියලු අයිතිවාසිකම් හා ඇයගේ අනුග්‍රහය නොඅඩුවම ලබා ගැනිමට හැකි වෙයි. ස්ථාන කරදර ඉවත් වී යයි. තාර්කික අදහස් පහල වීම නිසා තර්ක වාද විවාදවලට යාමෙන් වැළකී සිටීම යහපත් ය.උදාසීනව කටයුතු කරයි.කෝපගති හා නොරුස්සන්නේ නැති ගති පහල වෙයි. වියදම් අධික වෙයි. රුධිර පීඩන හා ලේවල දෝෂ ඇති කරයි.
ජය අංක :- 1, 4, 7 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :- බදාදා, සෙනසුරාදා
කටක ලග්නය
විදේශ ගමන් යාමට හෝ විදේශ සිට තම රටට ඒමට සියලු කටයුතු සූදානම් වන ගතියක් ඇති කරයි. එසේ නැත්නම් වන්දනා ගමන් බිමන් යාමට සැරසීමක් සිදු වෙයි. තරඟකාරීව කටයුතු කිරීමට යාම අනුවණකමකි. ඒ නිසා පරාජයට පත්විය හැකියි. දූ දරුවන්ගේ ශෝකජනක දේවල් ඇසීමට හෝ අසහනකාරී පුවත් ඇසීමට ඉඩ ඇති කරයි.ලැබීම්වලට ආදායම් තත්ත්වය යහපත් ලෙස ගෙන යාමට හැකියාව ලැබෙයි. ණයක් නැතිව සිටීමට ගන්නා උත්සාහය සාර්ථක වෙයි. එහෙත් වියදම් අධික කරයි. නීතියේ පිහිට ලබා ගැනීමට සිදු වෙයි. සිර බන්ධනවලට අසුවීම් ද ඉඩ ඇති කරයි.දත් රෝග, වාත,සෙම රෝග ඇති කරයි.
ජය අංක :- 3, 7, 8 ජය වර්ණ :- සුදු, නිල් ශුභ දිනය :- සඳුදා, ඉරිදා
සිංහ ලග්නය
මානසික පීඩාකාරී බවක් කලබලකාරී බවක් හිතට දැනෙයි. ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකී සිටීම යහපතට හේතු ඇති කරයි. පවුලේ සාමය සඳහා උත්සාහයක් ගනියි. උත්සාහය සාර්ථක වෙයි.ලැබීම්වලට යහපත් වුවත් හිතට ගතට සැනසිල්ලක් නැති තරම් ය. හවුල් කටයුතුවල යම් අසමඟිතා පැන නඟියි. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වුවත් ඒවා ගැන එතරම්ම ශුභවාදීව බැලීමට හෝ සාර්ථක කර ගැනීමට බැරි වෙයි. ඉවසීම ද අඩු වෙයි. වාහනයක් පිළිබඳව පැවැති අදහසක් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙයි. මානසික පීඩා ආදිය පෙන්වයි.
ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- රතු, කහ ශුභ දිනය :- ඉරිදා, සඳුදා
කන්‍ය ලග්නය
හදිසියේ රෝග පීඩා ඇතිවිය හැකි .සිතට සහනය අඩු වී අසහනකාරී බවක් ඇති කරයි. පවුලේ ප්‍රශ්න හා දුක් කරදර ඉවරයක් නැති වෙයි. ස්ථාන දෝෂ ඇති කරයි. පිටරට යාමට හෝ පිටරට සිට තම මව්බිමට ඒමට සිටින අයට යහපත් සතියක් වෙයි. සියලු ප්‍රශ්න බුද්ධිමත්ව විසඳා ගැනීමට හැකි වෙයි. පවුලේ ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි වෙයි. පියාට එතරම්ම ශුභ නැත. හදිසි රෝග පීඩා ඇති කරයි. රැකී රක්ෂා කටයුතුවල යම් ප්‍රගතියක් හා වර්ධනයක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ට ඉතා යහපත් සතියක් බව පෙනෙයි. පපුවේ වාත රෝග, ශරීරය වේලීම, උණ ආදිය පෙන්වයි.
ජය අංක :- 1, 5, 9 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :- බදාදා, සිකුරාදා
තුලා ලග්නය
ආර්ථීක ශක්තිය තරමක් පිරිහීමට ලක්වෙයි. විවාහ ජීවිතය සරුසාර වෙයි රජය උත්සව ආදියට ආරාධනාවන් ලැබෙයි.නැත්නම් මංගල උත්සවයකට සහභාගීවීමට අවස්ථාවක් උදා වෙයි.පියාට තරමක් අපල ඇතිකරයි.විදෙස් ගමන් යාමට එමට හැකියාව ලැබෙයි.ඒමට යනු විදේශයක සිට ලංකාවට එමට හැකියාව ලැඛෙයි.හදිසි අනතුරුවලට භාජනය විය හැකි බැවින් කල්පනාකාරීව සිටිය යුතුය.උත්සහය තරමට ප්‍රතිඵල හීන කරයි.ලිංගික පැත්තට වඩාත් යොමු වෙයි.අනියම් සම්බන්ධතා ඇතිකර ගනී.උගුරේ වියලීම හා තුවාල වීම කන්වල සෙම වැඩිවීම ඇතිකරනු ලබයි.
ජය අංක :- 2, 4, 1 ජය වර්ණ :- රතු,කහ ශුභ දිනය :-සිකුරාදා, ඉරිදා
වෘශ්චික ලග්නය
ආදායම් තත්ත්වය හොද අතට හැරීමක් නිසා එදිනෙදා අත්‍යවශ්‍ය වැඩවලට පහසුවක් දැනෙයි. බලාපොරොත්තු වූ යම් මහා පරිමාන වැඩවලට අතගැසීම මේ කාලය ශුභදායක නොවෙයි.මානසික පීඩාකාරී බවක් හා හිත අවුල් සහගත තත්ත්වයක් තිබීම එයට හේතුව බව කිව යුතුය.පවුලේ කරන කටයුතුවල යම් ප්රබෝධයක් හා වර්ධනයක් ඇති කරයි වැඩ කටයුතු හිටි හැටියේ නැවතීමට ද ඉඩ ඇති කරයි.පවුලේ අර්බුදකාරී බවක් ඇතිවිය හැකිය.වයසින් වැඩි අය සමඟ යම් යම් රහස් ගනුදෙනු හා ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමට ඉඩ ඇති කරයි.විවාහ වීමට ඉඩකඩ ඇති කලත් ඒවා පසුගාමී විය හැකිය.අර්ශස් රෝග,මුත්‍රා රෝග,යටි බඩේ කැක්කුම්, ඇති කරයි,
ජය අංක :- 1, 7, 8 ජය වර්ණ :- රතු කහ ශුභ දිනය :-අඟහරුවාදා,සිකුරාදා
ධනු ලග්නය
බලවත් සිත් තැවුල් ඇති කරයි. විශේෂයෙන් අඹු-සැමියන්ගේ ප්‍රශ්නයක් දුරදිග යාම නිසා එය සිදුවිය හැකියි. රජයේ උසස් පුද්ගලයෙකුගේ උපකාරයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ධනය ලැබීම්.ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස සතිය ගෙවී යයි. වාසනාවන්ත සතියක් වුවත් මානසික තත්ත්වය නිසා ඒවා භුක්ති විඳීමට හැකියා අඩු වෙයි.රජයේ සේවයේ වැඩ කිරීමට ඉල්ලූම් කර ඇති අයට සාර්ථක ප්රහතිඵල ලබා ගැනීමට හැකි වෙයි හවුලේ වැඩ කටයුතුවලට එතරම්ම ශුභදායක නැත. දරුවන්ගේ දියුණුවට අතහිත දී වැඩ කලත් ඒ අයට එයින් ප්‍රයෝජනය කර ගත නොහැකි වෙයි. වාත,රෝග ඇති කරයි.
ජය අංක :- 5, 7, 8 ජය වර්ණ :- කහ, තැඹිලි ශුභ දිනය :- බ්‍රහස්පතින්දා, සඳුදා
මකර ලග්නය
මේ සතිය තරමක් උසස් වී ලබන ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස ගෙවී යයි.ලැබීම් සෙමින් සෙමින් සිදුවන අතර වාසනා ගුණයක් ද මේ අතර බලපෑම් ඇති කරයි. හදිසි අනතුරු හා තුවාලවීම් වලට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කිරීම ඉතා යහපත්.උත්සාහ තරමට ප්‍රතිඵල අත් කරයි.ශක්තිමත් ආර්ථීකයක් සාදා ගැනීමට බාධා මතු කරයි. අවහිර ඇති කරයි. පිටරට සිට පැමිණි අයකුගෙන් යම් සහනයක් ඔබට හිමිකම ඇති කරන අතර සමහරවිට විදේශ ගමන් පවා ඇතිවිය හැකියි. තමන් කරපු දෙයක් පිළිබඳව ප්‍රශංසාවක් හිමි කර දෙයි. පවුල් ජීවිතය යම් යම් ප්‍රශ්න ඇති කරයි.බඩේ ඇසිඩ්, ගෑස් රෝග, සැත්කම් ආදියට ඉඩකඩ වැඩි කරයි.
ජය අංක :- 5, 6, 8 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :- බදාදා, සෙනසුරාදා
කුම්භ ලග්නය
තරමක් අසීරු අවස්ථාවන් උදාකරයි.හදිසි කරදර අනතුරු හා විපත් ආදිය පෙන්වයි.එහෙත් බුද්ධිය සම්බන්ධව කටයුතු කිරීමෙන් මේ සියලූම ප්‍රශ්න නිරාකරණය කරගත හැකි බව පෙනෙයි.වැඩ කටයුතු අපහසු වෙන්නා බලවත් උත්සාහ වන්ත වීම නිසා ආර්ථීක ශක්තිය වැඩිවෙයි. හිතට සතුටක් වෙන වැඩකටයුතු කිහිපයක් කරගැනීමට ද හැකියාව ලැබෙයි.පියා වෙන්වීමට සිදු වෙයි.ඉඩම් ලාභ ඇතිකරයි දරුවකුගේ හදිසි කරදරයක් ගැන අසන්නට ලැඛෙයි.අනතුරක් විය හැකිය. හමේ රෝග ,අර්ශස් රෝග ආදිය ඇති කරයි.
ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ,නිල් ශුභ දිනය :- බදාදා,සෙනසුරාදා
මීන ලග්නය
හදිසියේම විවාහ ගිවිස ගැනීමක් හෝ විවාහ තීන්දුවක් දී මංගල කටයුතු කිරීමට සිදුවිය හැකිය. හිත කලබලකාරී බවක් ඇතිකරයි.බලාපොරොත්තු වූ දේවල් ලැබීම නිසා සිතට සතුටක් ඇති කරයි. නෑදෑයින් සමඟ ඇසුරු අඩු කිරීමට කටයුතු සිදුවෙයි.අන්න්ගේ කථා අසා වලින් පවුල් අවුල්විය හැකිය.ස්ථානයේ පැවති කරදරකාරී බව නිසා අන්අයට ඔබට සතුරුකම් හා චෝදනා එල්ල කිරීමක් සිදුවෙයි.ඉවසීමෙන් යුතුව වාසය කළයුතුය.එහෙත් සතුරන්මෙල්ල වන යෝගයන් පිහිටා ඇත.දුර ගමන්යාමට සැලසුම් කරයි.මුත්‍රා රෝග,බඩේ ගෑස්ටික් ,හෘදරෝග,පපුවේ කැක්කුම් ඇති කරයි.
ජයඅංක :- 3, 4, 7 ජය වර්ණ :- කහ,රතු ශුභ දිනය :- බ්‍රහස්පතින්දා,සදුදා
පාරම්පරික ජෝතෂ්යෙව්දී-රුක්ෂාන් ජයසේකර
Tel 0715709000/0415709000