Back to Top

මුස්ලිම් කාන්තා ඇදුම් ගැන අමුතු උපදෙසක්

July 12, 2017  

 මුස්ලිම් කාන්තා ඇදුම් ගැන අමුතු උපදෙසක්



එම්බ්‍රොයිඩර් හැඩ දැමූ ඇඳුම් පැළඳුම්වලින් සැරසීමෙන් වලකින මෙන් සහ තොල් සායම් ආලේපනය නොකරන මෙන් සෞදියේ ප්‍රධාන පෙළේ මුස්ලිම් පූජකවරයෙකු නිකුත් කළ උපදේශයක් සම්බන්ධයෙන් සෞදි අරාබියේ කාන්තාවන් අතර දැඩි කැළඹිල්ලක් ඇතිවී ඇත.



මුස්ලිම් ජනගහනයක් සහිත රටවල කාන්තාවන් අඳින අබායා ඇඳුම මිලදී ගන්නා විට එම්බ්‍රොයිඩර් හැඩ දැමූ ඇඳුම් මිලදී ගැනීමෙන් වළකින්නැයි ආචාර්ය මොහමඩ් අලරෆේ (Mohammed Alarafe) නැමැති සෞදි පූජකවරයා පසුගිය ඉරිදා සවුදි අරාබියේ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේය.

ට්විටර් පණිවුඩයක් මගින් පූජකවරයා කළ එම ඉල්ලීමට බොහෝ කාන්තාවන් හාස්‍යජනක ප්‍රතිචාරයක් පළ කර තිබුණි.



තමන් මිලදී ගත් අබායා ඇඳුම්වල ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කළ අරාබි කාන්තාවෝ එම ඇඳුම් අනුමත කරන්නේ දැයි ආචාර්ය අලරෆේ ගෙන් විමසා තිබුණි.

කෙසේ නමුත් විශේෂයෙන්ම ගල්ෆ් කලාපීය රටවල වෙසෙන ජනතාව ඇතුළු අරාබි භාෂාවෙන් ට්විටර් පණිවුඩ නිකුත් කරන කණ්ඩායමක්වන Arab Twitter ඔස්සේ පූජකවරයාගේ ට්විටර් පණිවුඩය 31,000 දෙනෙකු විසින් බෙදා හරිනු ලැබ තිබුණි.



කාන්තාවන්ගේ අබායා ඇඳුම මුස්ලිම් විලාසිතා ලෝකයේ මෝස්‌තර ප්‍රදර්ශන සහ සඟරාවල ද ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනිමින් සිටී. බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ හැරඩ්ස් සාප්පු සංකීර්ණය ඇතුළු ලොව පුරා ප්‍රධාන පෙළේ වෙළෙඳ මධ්‍යස්ථානවල ද අබායා ඇඳුම විලාසිතාවක් ලෙසින් විකිණීමට තබා තිබේ.

එහෙත් සෞදි අරාබියේ බොහෝ දෙනා විශ්වාස කරන පරිදි අබායා ඇඳුම යනු ඉස්ලාම් දහම මගින් නියම කර තිබෙන ඇඳුමක් විනා විලාසිතාවක් නොවේ.



ගල්ෆ් ටයිමස් ඇසුරෙනි.

MOST VIEWED VIDEO STORIES

MORE >>