Back to Top

වැලි කතරේ සටන් වදින ඉරාන නින්ජා සෙබළියන්

June 21, 2017  

 වැලි කතරේ සටන් වදින ඉරාන නින්ජා සෙබළියන්


   
ඉරාන වැලිකතරේ වැලි කඳු තරණය කරමින් ඒවා මත සිට එක්වරම සතුරන් දෙසට පැන සටනේ යෙදෙන්නට පුහුණුව ලබන සෙබළියන් 4000කින් යුතු විශේෂ බළ ඇණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නින්ජා බළ ඇණියක් ලෙස පුහුණුව ලබන මොවුන් සැඟව සිට සතුරන් දෙසට විත් ශබ්ද නොනගින අයුරෙන් සතුරාගේ ගෙල සිඳ දැමීමට තරම් වූ සුවිශේෂී පුහුණුවක් ලබා තිබීම විශේෂත්වයකි.



1989 වර්ෂයේ ඉරානයේ ටෙහෙරාන් නුවරට සැතපුම් 25ක් දුරින් පිහිටි ජුග්හින් කඳවුරේ මෙම භට කණ්ඩායම ප්‍රථමයෙන් පිහිටුවා ඇති අතර මොවුන් හඳුන්වන්නේ කුනොයිචි kunoichiයන නාමයෙනි.

මොවුන්ගේ පුහුණු උපදේශිකාව වන ෆාතිමා මවුමර් පවසා සිටින්නේ මෙම සෙබළියන්ගේ ශරීරය හා මනස සමබර කරගනිමින් මෙම සටන්කලාව ප්‍රගුණ කිරීම සිදුකෙරෙන බවය. එසේම ඔවුන්ට පුහුණුකරන ප්‍රධාන ඉගැන්වීම වන්නේ මානුෂවාදීව කටයුතු කිරීම වන බවත් ඇය විදෙස් මාධ්‍යවෙත සඳහන් කර තිබේ.



ප්‍රථමයෙන් තමන්ගේ ජීවිතයට ගරු කිරීමටත් සන්සුන් මනසින් කටයුතු කිරීමටත් ඔවුන්ව පුහුණු කරන අතරම මොවුන්ට ඉතා අනතුරුදායක අවි කිහිපයක්ම භාවිතයට ගනිමින් සටන් කරන ආකාරය පුහුණු කරන බවද වාර්තාවල දැක්වේ.

මේ වනවිට මෙම නින්ජා බළ ඇණියේ ඉරාන සෙබළියන් 24000ක් පමණ සිටින බවට වාර්තා වේ. මෙම නින්ජා සටන් ක්‍රම 1185 හා 1868 වර්ෂවල ජපන් යුද සමයේ භාවිත කර ඇති අතර, ෆාතිමා මවුමර් වැඩිදුරටත් පවසන්නේ තම සෙබළියන් සිවිල් ජීවිතයේදී තවකෙකුගේ පණ නැසීමට මෙම සටන් ක්‍රම භාවිතයට ගැනීමට නොපෙළඹෙන මට්ටමට ඉතා හොඳ විනයක් පුහුණුව තුළ ලබා ඇති බවය.



අනුවාදයකි

MOST VIEWED VIDEO STORIES

MORE >>