Back to Top

2017 06 19 /2017 06 25(සතියේ ඵලාපල)

June 19, 2017  



මේෂ ලග්නය

සිතේ පැවති අසතුට හා අසහනකාරී බව මැකී යයි.සතුටක් දෙන දේවල් සිදුවෙයි.අධ්‍යාපන කටයුතු කාර්යක්ෂමව සිදු වෙයි.පවුලේ සමගිය නෑදෑයින් අතරේ තමන්ගේ නම ප්‍රචාරය වන තැනට නමක් ඇති කරයි.තැම්පත් ධනයට හානි ඇති කරයි.කථාවෙන් ජය අත්වෙයි.එම නිසා වචනය උපයෝගී කරගෙන වැඩ කටයුතු සාර්ථකව කර ගෙන යාමට හැකි වෙයි. දරුවන්ගේ කටයුතුවල වගේම මව්ටද අපල ඇති කරයි.උගුරේ සෙම් ගෙඩි,පීනස රෝග උතපය තුවාල වීම් ආදිය ඇති කරයි.

ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු නිල් ශුභ දිනය :-අඟහරුවාදා,සිකුරාදා

වෘෂභ ලග්නය

වැඩ කටයුතු කඩා වැටීම් හා බාධා ඇති කරයි.ස්ථාන කරදර දෝෂ වගේම දුක් පීඩා ඇති කරයි. ඒ වගේ පාරේ ගමන් කරන විට  හොද සිහි බුද්ධියෙන් හා කල්පනාවෙන් ගමන් කළ යුතු අතර හදිසි අනතුරුවලට භාජනය විය හැකිය.දරුවන්ගේ හදිසි උත්සව අවස්ථාවක් හෝ දරුවන්ගේ දියුණුවක් ඇති කරයි.වියදම් අධික කරන දේවල් සිදුවේ.තමන්ගේම නෑදෑයින් අකරේ අසමගිතා හා ප්රවශ්න චෝදනා වාද විවාද ඇති කරයි. රැකියා ස්ථානවල යම් යම් කුමන්ත්‍රණකාරීන් ඇති කරයි.ඉවසීම නැති කරයි.තරහ කෝප ගති ඇති කරයි.අඹු-සැමි ආරවුල් ඇති කරයි.රුධිර පීඩන ඇති කරයි.හිසේ බර ගතිය,හෘද රෝග ඇති කරයි.ප්‍රවේශම් විය යුතුයි.

ජයඅංක :- 1, 2,ජය වර්ණ :- රතු,කහ ශුභ දිනය :-සිකුරාදා, සෙනසුරාදා

මිථුන ලග්නය

හදිසි කරදර හා ප්‍රශ්න  මතු කරයි. කාර්ය බහුල කරයි. එහෙත් සිත පාලනය කර ගැනීමට හැකි වෙයි. ඉවසීමේ සීමාව ඉක්මවා යයි. ඒවාට සිහි නුවණින් බුද්ධියෙන් කටයුතු කර ගන්න. එවිට යහපත් වෙයි. ආදායම් තත්ත්වය සතුටුදායකයි.එහෙත් හිතේ පවතින අවුල් සහගත තත්ත්වයට පිළියම්  සොයා ගැනීම දුෂ්කර වෙයි.නඩු හබ පවතින අයට යම් යම් සහන ලැබුණත් තව තවත් ඒවා කල් යාම් හා අවුල් සහගත වෙයි. නීතිමය තත්ත්වයන් ඇති කරයි. වෛරය හා කෝපය ඉස්මතු වීම නිසා කරදරවලට පටලැවේ. සංගීතයට හා නැටුම් ආදි දේවල්වලට සිත ඇදී යයි. විවාහය කල් යයි. ලේ විෂවීම්, රුධිර පීඩන ඇති කරයි.

ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු ශුභ දිනය :- බදාදා, සිකුරාදා

කටක ලග්නය

ආදායම් මාර්ග වැසී තිබූ ඒවා නැවත පණ ගැන්වීම හා ඒවා වර්ධනයක් ඇති කරයි. ව්‍යාපාර කටයුතු හා රැකී රක්ෂා කටයුතුවල දියුණුවක් හා ප්‍රගතියක් පෙන්නුම් කරයි. ඊර්ෂ්‍යාකාරයින් හෝ කුහකකම් කරදරවලට පටලැවෙයි. ස්ථානවල කරදර දෝෂ මතු වෙයි.රජයේ සේවයේ යෙදී සිටින අයට යහපත් වාතාවරණයක් පෙන්නුම් කරයි. එහෙත් උසාවි, පොලිසියට යාමක් නැත්නම් නැති වූ දෙයක් පිළිබඳව නීතියට පිහිට ලබා ගැනීමට සිදු වෙයි. උත්සව අවස්ථාවල්වලට ආරාධනා ලැඛෙයි. සහෝදර පක්ෂයේ අයගේ උදව් උපකාර ලබා ගැනීමට හැකි වෙයි. ඇස් රෝග,වේදනා මතු කරයි. උගුරේ අමාරු ද පෙන්වයි. උණ රෝග ඇති කරයි.

ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු ශුභ දිනය :- සඳුදා, සිකුරාදා

සිංහ ලග්නය

දුර වන්දනා ගමන් කීපයක් යාමට සංවිධානය කෙරෙයි. පොළොවෙන් ආදායම් උපයා ගැනීමට දරණ උත්සාහය සාර්ථක කෙරෙයි. රැකී රක්ෂා කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් හා වර්ධනය පෙන්නුම් කරයි. මව්පියන් බැහැ දැකිමට හා ඔවුන්ගේ සුවදුක් සොයා බැලීමට ඔවුන් වෙත යාමට කටයුතු කරයි. උසස් ප්‍රභූ පක්ෂයේ උදවියගෙන් උදව් උපකාර ලබා ගැනීමක් සිදු වෙයි.සතිය වාසනාවන්ත එකක් වෙයි. දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලබා ගැනීමට සිත් යොමු වෙයි. මැණික් වෙළඳාම්වල යෙදී සිටින උදවිය වාසි සැලසෙයි. මුත්‍රා දෝෂ හා වාතය පිත, සෙම තුන් දෝෂ මතු කරයි.

ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු ශුභ දිනය :- ඉරිදා, සඳුදා

කන්‍යා ලග්නය

රැකියා නොමැතිව රැකියා විරහිතව සිටින අයට නව රැකියා අවස්ථා උදා කරයි. හිතේ සතුට ඉවත් වී යයි. දුක් කරදර හා ප්‍රශ්නවලට විසඳුම් සොයා කටයුතු කරයි. අධ්‍යාපන ලබන සිසු දරු දැරියන්ට මේ සතිය ඉතා යහපත් සතියක් බව පෙනෙයි.රෝගාතුර වීමට හෝ රෝහල් වෙත යාමට සිදු විය හැකියි. සිතට වද දෙන ප්‍රශ්නයක් නිතර නිතර ඇවිත් දුක් දෙයි. විදේශ ගමන් සාර්ථක කරයි. එසේ නැත්නම් ශ්‍රී ලංකාවට විදේශ සිට පැමිණීමට යහපත් වෙයි. සියල්ල දුක් පාලනය කර ගැනීමට ද හැකියාව පවතී. ස්ථාන කරදර දෝෂ ඇති කරයි.හිසේ බර ගතිය කැක්කුම්, ඇස්වල සුද බැදිම ආදිය ඇති කරයි.

ජය අංක :- 1, 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :-  බදාදා, සිකුරාදා

තුලා ලග්නය

විදෙස් ගනුදෙනුවලට හා විදෙස් ගමන්වලටට යහපත් සතියකි. ඒවගේම නීති උපදෙස් ලබා ගැනීමක් හෝ නීතියේ පිහිට ලබා ගැනීමක් සිදු වෙයි. විවාහවීමට සිටින ඔබට යහපත් බිරිඳක් ලැබීමේ වාසනාව හිමි කරයි. ඒ වගේම මෙතෙක් අමනාප වී සිටි අඹු-සැමියන් මිත්ර ශීලීව ආදරයේ සුහදකමින් සිටීමට හැකි වෙයි.හවුලේ කටයුතු කිරීමට මදක් සිතා බැලිය යුතුයි. ආදායම් තත්ත්වය යහපත් අතට හැරෙයි. සහෝදර පක්ෂයේ දුක් ගැනවිලිවලට උත්තර සැපයීමට සිදුවෙයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙයි. හදිසි අනතුරුපෙන්වයි. අඹු-සැමියන්ගේ දෙපාර්ශවයෙන් අයගේ ප්රකතිවිරෝධතා මතු කරයි. අර්ශස් රෝග, මුත්රාප රෝග, ලේවල සීනි වැඩිවීම ඇති කරයි.

ජය අංක :-  4, 7, 8 ජය වර්ණ :- කහ, රතු ශුභ දිනය :-  බදාදා, සිකුරාදා


වෘශ්චික ලග්නය

කරන වැඩ කටයුතුවල ප්‍රමාද දෝෂ හා කඩා කප්පල්වීම් ඇති කරයි. ස්ථානවල පවතින කරදර හා දුක් පීඩා නිතර ඇති කරයි. කොපමණ හොඳින් සිටියත් සිතට අසහනය ගෙන දෙයි. පීඩා ගෙන දෙයි. ආදායම් තත්ත්වය සමබරව ගෙන යාමට හැකි වෙයි.හවුලේ කරන වැඩ සාර්ථක කරයි. නිතර කෝප ගති හා රුස්සන්ලේ නැති ගති මතු කරයි. ඉවසීම ද අඩු වෙයි. දක‍්ෂතා තිබුණත් ඒවා ඔපවත් කර ගැනීමට හැකි වෙයි. විවාහය දෙදරා යාමට ඉඩ ඇති කරයි. වැඩ කටයුතුවල යම් වේගවත් බවක් ඇති වෙයි. මුත්රාව රෝග, අර්ශස් අමාරු, ලේ පිටවීම, උගුරේ අමාරු, වාත රෝග පෙන්වයි.

ජය අංක :-  2, 7, 9 ජය වර්ණ :- රතු

ධනු ලග්නය

සතුරු කරදැයක් මෙල්ල වීමක් සිදුවිය හැකියි. වැඩ කටයුතුවල සාර්ථකභාවයක් පෙන්නුම් කරයි. හවුලේ කටයුතුවලින් පාඩු සිදු විය හැකියි. බලාපොරොත්තු ඉලක්කය කරා යාමට හැකියාව තිබුණත් එය බාධා හා කඩා කප්පල් වීම් ඇති කරයි.මානසික ආතතියක් ඇති කරයි. විවාහය තරමක් අසහනකාරී බවක් හා තදබල පීඩාකාරී බවක් හා භේදකාරී බවක් ඇතිවිය හැකියි.රුස්සන්නේ නැති ගති හා කෝපකාරී ගති නිතර ඇති කරයි. වාද විවාදවලට නොයා යුතු තරමට හොඳයි. සමහරවිට විවාහවීමට සිටින අය කලබලයෙන් කඩිනම් විවාහ සිදු කර ගැමීමට ඉඩ ඇති කරයි. මුත්රාට රෝග, යටි බඩේ කැක්කුම්, සෙම් රෝග ඇති කරයි.
ජය අංක :- 1, 5, 7 ජය වර්ණ :- කහ, රතු ශුභ දිනය :-  බ්‍රහස්පතින්දා, සඳුදා

මකර ලග්නය

මෙතෙක් හිතේ තිබූ පීඩාකාරී බව නැති වී ශාන්තභාවයක් හා සතුටක් ඇතිවීමට හේතු සාධක ඇති කරයි. අරපිරිමැස්මෙන් යුතුව වැඩ කටයුතු කිරීම නිසා මුදල් ඉතිරි කර ගැනීමට හා ආදායම් තත්ත්වය කළමනා කර ගැනීමට හැකියාව ලැබේ.ස්ථානයේ පැවැති අර්බුදකාරී බව නැති වී යයි. ඒවගේම නිවාස තැනිම් හා ඉඩම් මිල දී ගැනීම් කෙරෙහි අවදානය යොමු වෙයි. ඉගෙන ගන්න වයසේ අයට මේ සතිය දක‍ෂතාවයන් ඔප් නැංවීමට හැකියාව ලැබේ. උසස් අධ්‍යාපනය ලබන අයට ඒවා තවත් වැඩි දියුණු කර ගැනීමට හැකි තත්ත්වයක් ඇති කරයි. පපුවේ සෙම් ඇති කරයි. ඒවගේම පපුවේ කැක්කුම් ද ඇති කරයි. කෑමට තිබූ අරුචිය නැති වෙයි.
ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :-  බදාදා, සෙනසුරාදා

කුම්භ ලග්නය

දුර ගමනක් යාම සඳහා සැලසුම් කරයි. දරුවකු නිසා ඔහුගේ වැඩපිළිවෙළ ගැන දැඩිව කෝපගති ඇති කරයි. හිතුවක්කාරගති නිසා එසේ වීමට හේතු වෙයි. මේ සතිය පපුවේ කැක්කුම් හා හෘද රෝග වැලදී මේ වර්ධනයක් පෙන්නුම් කරයි. එම නිසා ඒ පිළිබඳව ඉතා පරීක්ෂාවෙන් හා ඕනෑකමකින් සිහියෙන් බුද්ධියෙන් සිටිය යුතුයි. ආදායම් තත්ත්වය ද තරමක් පහත වැටීමට හේතු ඇති කලත් පහළටම බැසීමක් නැත.ස්වකීය නෑදෑයින් සමඟ බලය පෙන්වීමට යාම නිසා කරදර ඇති කරයි.දුකට සැප සතුට හැමදෙයක්ම ඇති කරයි. හෘද රෝග, ලේවල තෙල් ගතිව වැඩිවීම, පපුවේ දැවිලි ගති ඇතිවීම, අත්පා වේදනා මතු කරයි.

ජය අංක :- 3, 4, 5 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :-  බදාදා, සෙනසුරාදා

මීන ලග්නය

දුර ගමන් බිමන් යාමට සැලසුමක් ඇති කරයි. සහෝදරියකගේ ප්‍රශ්නයක් ගැන කතාබහ කිරීමක් සිදු වෙයි. රාජකාරී කිරීම රක්ෂාව කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වෙයි. එහෙත් ඉවසීමෙන් හා වගකීමෙන් තම රාජකාරිය කළ යුතුව ඇත. සිතට ආවේගශීලී අදහස් මතු කරයි. ඒවා පාලනය කර ගැනීමට වග බලා ගත යුතුයි.සහෝදරයන් අතර බාල සහෝදරියට හෝ සහෝදරයෙකුට යම් ගැටළු සහගත ප්‍රශ්නයක් මතු කරයි. විවාහ කටයුතු කරදරයකින් තොරව කර ගැනීමට ශක්තිය, බලය ලැඛෙයි. ඒවගේම විවාහ වී සිටින අයට ජීවිතය යහපත්ව සාමකාමීව කරගෙන යාමට හැකියාව ලැඛෙයි. පපු ප්‍රදේශයේ රෝග හා දැවිලි ගති ඇති කරයි. උගුරේ සෙම් ඇති කරයි. බඩේ අම්ල පිත්ත ඇති කරයි.

ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ ශුභ දිනය :-  බ්‍රහස්පතින්ද, ඉරිදා

පාරම්පරික ජෝතෂ්‍යෙව්දී-රුක්ෂාන් ජයසේකර
Tel 0715709000/0415709000

MOST VIEWED VIDEO STORIES

MORE >>