Back to Top

2017 /05 /15- 2017 /05 /21 (සතියේ ඵලාපල)

May 15, 2017  



මේෂ–

    ඉවසීමෙන්ද, බුද්ධිමත්වද, ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

 ආර්ථික වශයෙන්යහපත් වේග විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් ලැබිය හැක. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. ආකූලතා  ඉස්මතු වන අතර සමගිය සාමයට බාධා එල්ල වනු ඇත.දරුවන්ගේ කටයුතු සාර්ථක බවක් ගෙනදෙයි. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන්ද හැසිරීම් ගැනද සැලකිලිමත් වන්න. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුක්ත අයට බාධා අවහිරතා සහිතයි. සෞඛ්‍ය ගැන සැලකීමේදී උෂ්ණාධික රෝග, මූත්‍රා රෝග, අනතුරු පීඩාල තුවාල යනාදියෙන්ද ප්‍රවේශම් වන.

සුබ වර්ණය – රතු, රන්වන් සුබ දවස – සඳුදා , ගුරුදා සුබ අංකය – 09, 03

වෘෂභ–

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල නොලැබේ.

 සේවා ස්ථානවල ගැටුම්ල කරදරකාරී වාතාවරණයන් ඇති කළ හැකි නිසා තරමක් ප්‍රවේශම් සහිතව ක්‍රියා කළ යුතුය. රාජකාරි වශයෙන් වුවද කෙටි ගමන් අධික වනු ඇත.මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න.ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් බුද්ධිමත් විය යුතුයි.දරුවන්ගේ කටයුතු යහපත් වේ.දේ‍පොළ සම්බන්ධ ගැටළු සහගත තත්ත්වයන් ඉස්මතු වනු ඇත.තරුණ තරුණියන් අතර ඉස්මතු වන ප්‍රේම සම්බන්ධතාවන් තුළ නොගැළපීම් යනාදියට ඉඩ මතුවේ.විටෙක මානසික වශයෙන්කලකිරීම් යනාදියට ඉඩ පවතින බැවින් ප්‍රවේශම් වන්න පපුවල පෙණහැල්ල ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

සුබ වර්ණ – නිල්ල ළා කොළ සුබ දවස් – බදාදා, සිකුරාදා සුබ අංක 06, 08

මිථුන–

ඔබට සුබපල වැඩියෙන් උදා කරනු ඇත

ම තත්ත්වයේ වර්ධනයක්ල දියුණුවක් ගෙන දේ . ආර්ථික වශයෙන් සුබදායකයි. එසේද වුවත් විටින් විට වියදම් අධික වීම්, මුදල් නාස්ති වීම් යනාදියට ඉඩ නැත්තේද නොවේ.ගෙදරදොර කටයුතු , යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය  අන්දමට සිදුවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක ප්‍රතිඵලයක් උදාකරනු . ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු යහපත්ය.එසේම සුදුසු වයසේ පසුවී සිටින අයට මංගල යෝජනා ඉදිරිපත් වේ.අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට යම්බාධා ඉස්මතු වුවද අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන විභාගාදියෙන්ද සාර්ථක ප්‍රතිඵලයක්උදාකරගත හැක. උෂ්ණාධිකල බෙල්ල ආශ්‍රිත පීඩා,දෝෂාදියෙන් ප්‍රවේශම් විය යුතුයි

සුබ වර්ණ – කොළල ළා නිල් සුබ දවස් – බදාදා, සිකුරාදා සුබ අංක – 05, 06

කටක–

තමාගේ මතයේ සිට ක්‍රියා කිරීමට යෑම තුළ විටෙක අවහිරතා පාඩු ඉස්මතු කළ හැකි නිසා තරමක් කල්පනාකාරී වන්න.ස්ථානගත වෙනස්කම්, රැකියා වෙනස්කම් වලට ඉඩ පවතී.ආර්ථික වශයෙන් යහපත් වේ.තමාගේ වියදමට සරිලන ආදායමක් ලබනු ඇත.මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් වන.ගෙදරදොර කටයුතුවලදී තරමක් කල්පනාකාරීව ක්‍රියා නොකළහොත් සමගිය සාමයට බාධා එල්ල විය හැක. ගමන් බිමන් අධිකයි . තරුණ තරුණියන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවලද හිතුවක්කාරී වීම තුළ මානසික වියවුල්කාරී තත්ත්වයන්ට පත්වීමේ ඉඩ පවති අධ්‍යාපන කටයුතුවලදී විටින් විට බාධාල ප්‍රමාදතා ඇතිකළ හැක. ශරීර සෞඛ්‍යය ගැන බැලීමේදී අර්ශස් වැනි රෝග මල බද්ධය, උෂ්ණාධික දෝෂාදියෙන්ද ප්‍රවේශම් විය යුතුය.

සුබ වර්ණය – ක්‍රීම් පාට, රෝස පාට සුබ දවස් – සඳුදා, ගුරුදා සුබ අංකය – 02  07



සිංහ–

රැකීරක්ෂා කටයුතු අංශයෙන් හිතකර වේ.

යම් බාධාලඅවහිරතා ඉස්මතු වුවද යහපත් අන්‍යයන්ගේ ආධාර උපකාරය ලැබීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ස්ථානගත වෙනස්කම් යනාදියට ඉඩ පවතී.  තැන්පත් ධනයක් හිමිය.යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී ද බොහෝදුරට ඉවසීම අවශ්‍ය විටෙක වාද භේදයන්ට ඉඩ මතුකළ හැකිබැවි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රේම සම්බන්ධතාවලදී තරමක් කල්පනාකාරී වන්න.අධ්‍යාපන කටයුතුවලදී ද බාධා ප්‍රමාදතාවන්ඇති කළ හැක.ඉගෙනීමට පරිබාහිර දේවලට හිත වැඩියෙන් ඇදී යයි.හෘදගත පීඩාල රක්ත දෝෂාදියෙන්ද ප්‍රවේශම් විය යුතුයි.

සුබ වර්ණ – රතු ,රෝස සුබ දවස් – ඉරිදා, ගුරුදා සුබ අංකය – 01, 04



කන්‍යා–

වෘත්තීය හා රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යන්ගේ සහයෝගය ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක නොවේ.විදේශගත වී කටයුතු කිරීමේ අවස්ථා උදාකර ගනී.මිල මුදල් සම්බන්ධයෙන් තරමක් විමසිලිමත්විය යුතුයි. ධන තත්ත්වය ශක්තිමත් වේ. තැන්පත් ධනයක් උදාකර ගනී. හවුල් කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබනු ඇත.ගෙදරදොර කටයුතු යහපත්ය.හැඟීම් වලට වහල් වීමට වඩා බුද්ධියට තැන දී කටයුතුවල යෙදෙන්න. දරුවන්ගේ කටයුතුද යහපත්වේ. ඔවුන්ගේ කටයුතු කෙරෙහි දියුණුවක් ලබයි.අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට සුබදායකයි.ස්වකීය උත්සාහය තුළ ඉගෙනීමේ කටයුතුවලට වෙනස් දේවලට ඉඩ සැලසෙනු ඇත. කොන්ද අමාරුල මූත්‍රා දෝෂාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

සුබ වර්ණ – කොළ, නිල් සුබ දවස් – බදාදා, සිකුරාදා සුබ අංක – 05, 06


තුලා–

වෘත්තීය හා රැකීරක්ෂා කටයුතු යහපත්ය

වෘත්තීය වශයෙන් ඇති කරන ගමන් බිමන් බහුලයි.විදේශගතවී කටයුතු කිරීමේ අවස්ථා උදාකරගත හැක. විටින් විට ගැටළුකාරී තත්ත්වයන්ද ඉස්මතු වනු ඇත. ආර්ථික වශයෙන් සුබදායක වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ගෙනදේ. විටෙක අනපේක්ෂිත ලාභ ලබති. ගෙදරදොර කටයුතු ක්‍රමයෙන් යහපත.යුගදිවිය සම්බන්ධයෙන් සුබයි.දරුවන්ගේ කටයුතු සුබදායක වේ.තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනයවේ. මංගල යෝජනා ඉදිරිපත් වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට විටෙක ඉගෙනීමට පරිබාහිර දේවලට හිතඇදී යයි. ඉන්පසු ක්‍රමයෙන් සුබදායකයි.තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වන. ශරීරයට විෂබිජ ඇතුළු වීම, මූත්‍රා දෝෂාදිය, උදරාශ්‍රිත රෝගාදියට ඉඩ මතු කළ හැක.

සුබ වර්ණ – නිල්ල කොළ සුබ දවස් – කිවිදා, බදාදා සුබ අංක – 06, 08


වෘශ්චික–

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී බාධා අවහිරතා මධ්‍යයේ වුවද කිසියම් දියුණුවක් ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායක. වෙළෙඳ ව්‍යාවපාරවල යෙදී සිටින අයට සුබයි. ලාභ ප්‍රයෝජන ලැ.මුදල් වියදම් අධිකවේ.ගෙදරදොර කටයුතුවලදී ද ඉතාමත්ම විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සමගිය සාමයට බාධාඇතිකළ හැකග ඉඩම්ල නිවාසල කටයුතුවලදී රැවටීම්වලට ඉඩ පවතීග දරුවන්ගේ කටයුතු උදෙසා කාලය වැයවේ. විදේශගතවීම් වලට සුබයි.අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක.ශරීර සෞඛ්‍යය ගැන වෛරස් රෝග විෂබීජ ඇතුළු වීම රෝගාදියෙන්ද ප්‍රවේශම් වන්න.

සුබ වර්ණ – රන්වන් ,රෝස සුබ දවස් – ගුරුදා, සඳුදා සුබ අංක – 03, 02



ධනු–

වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී කොන්ත්‍රාත් ව්‍යාපාර මෙන්ම තරමක් අවිනිශ්චිත ක්ෂේත්‍රයන් උදෙසා මුදල් ආයෝජනය කිරීමට පෙලඹීමක් දක්නට ලැබේ. මිලමුදල් සම්බන්ධයෙන් සුබදායක වේ.ආදායම් ලැබුණද ඔබට වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වනු ඇත.එසේම ගෙදරදොර කටයුතුවලදීද නොඑසේ නම් සමගිය , සාමයට බාධා එල්ල වනු ඇත. ප්‍රේම සම්බන්ධතා ඉස්මතු වුවද ඒවාට ද වැඩිහිටි විරෝධතා එල්ල වුණත් පෙන්වයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ඔබ බලා‍පොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොකරයි. අලුත් විෂයයන් ඉගෙනීමේ අවස්ථාව උදාකරගත හැකි වේ. වාතාබාධල ආමාශගත පීඩාල ජලයෙන් පීඩාල වැටීම්, තැළීම්ල තුවාල, අනතුරු පීඩාදියට ඉඩ පවතින නිසා කල්පනාකාරී විය යුතුය.

සුබ වර්ණ – රන්වන්, රෝස සුබ දවස් – ගුරුදා, කුජදා සුබ අංක – 03, 04


මකර–

තම කටයුතු කරගෙනයෑමේදී යම් යම් බාධා අවහිරතාවන් ඉස්මතු වනු ඇත. එම නිසා බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම්විය යුත.ආගමික ක්ෂේත්‍රයට නැඹුරුවීමක් උද්ගත කරන අතර ඒ සම්බන්ධ වියදම් අධික.වාද භේදයන්ට මැදිවීමෙන් වැළකිය යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන්ද තරමක් සැලකිලිමත් විය යුතුයි. ඉඩම්ල නිවාස සම්බන්ධ කටයුතුවලදී ගැටළුකාරී තත්ත්වයන් උදාකළ හැක.අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ කැපවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හ.තමාගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් නම් බෙහෙවින් ප්‍රවේශම් වන්නග මූත්‍රා රෝග, ඒ ආශ්‍රිත පීඩා බඩවැල් ආශ්‍රිත රෝග,පීඩාදියෙන්ද ප්‍රවේශම් විය යුතුයි.

සුබ වර්ණ – නිල්ල කොළ සුබ දවස් – ශනිදා, කිවිදා සුබ අංක – 08, 06


කුම්භ–

මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී ස්වඋත්සාහයෙන් කරන කටයුතුවලින් ක්‍රමයෙන් කිසියම් දියුණුවක් ලබනු .බාධා අවහිරතා,ගැටළුකාරී තත්ත්වයන් ඉස්මතු වේ. ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න.විදේශගත වීම් වලටද සුබයි. උත්සාහය කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබේ.ආර්ථික වශයෙන්දල මූල්‍යමය වශයෙන්ද යහපත් වේ.මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී විය යුතුයි.ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී වන්න.වාද විවාදයන්ට ඉඩ මතුවේ.දරුවන්ගේ කටයුතුද සාර්ථක ප්‍රතිඵල උදාකරනු . ඉගෙනීමට පරිබාහිර දේවලට හිත යොමුවේ. එසේම තරුණ තරුණියන් අතර ප්‍රේම සබඳතා තහවුරුවේ.ශරීර සෞඛ්‍ය ගැන සුබදායක .

සුබ වර්ණය – නිල්, කොළ සුබ දවස් – කිවිදා, ශනිදා සුබ අංකය – 06ල 05

මීන–

වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වුවත් ප්‍රධානීන්ගේ අන්‍යන්ගේ ආධාර උපකාරය ලැබිම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.ස්ථානගත වෙනස්කම්ල මාරුවීම් මෙන්ම තනතුරු අහිමිවීම් යනාදියට ඉඩ පවතී ආර්ථිකය යහපත් වේ.මුදල් නාස්තිවීම් වේ.ගෙදරදොර කටයුතු මෙන්ම යුග දිවිය සුබදායක වේ.අපවාද චෝදනා, ගෞරවයට හානිවීම් ඇතිවනු ඇත. එනිසා කල්පනාකාරී වන්න.ධනයත්, ශ්‍රමයත් වැයවේ. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා ඇතිවේ. තමාගේ ශරීර සෞඛ්‍ය හෘදගත පීඩාල පපුවල ආශ්‍රිත රෝග, දූෂ්‍යාබාධ රෝගාදියෙන්ද ප්‍රෙව්වේශම් වන්න.

සුබ වර්ණ – රන්වන්ල රෝසසුබ දවස් – කුජදා, ගුරුදා සුබ අංකය – 03, 02

ඉහත සඳහන් ඵලාපල ඔබේ ජන්මපත්රදයේ ග්‍රහ පිහිටීම්ල ගතවන මහ දශා හා අතුරු දශාල ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපතිල 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධග්‍රහ දෘෂ්ටි මත අඩු වැඩි වීම් සිදුවිය හැක.

2017 05 15/ 2017 05 21
   

MOST VIEWED VIDEO STORIES

MORE >>