Back to Top

සතියේ ලග්න ඵලාපල (2017. 04. 09/2017. 04 .15)

April 10, 2017  



මේෂ

මෙම සතිය බොහෝදුරට සුබදායක බව පෙන්වයි.

ගෘහ ජීවිතය සතුටුදායක අන්දමින් ගතවන අතර ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථකකරගත හැකිවෙයි. ආදායම් මාර්ගද බලාපොරොත්තු වන අන්දමින් ලැබෙන බව පෙනෙයි.සතිය තුළ ඇතිවන ඕනෑම කරදරයක්‌ ජය ගැනීමට තරම් උත්සාහය, ධෛර්යය ඇති වේ. මේ අතර බිරිඳ හෝ සැමියාට දුර ගමනක්‌ යැමටද සිදුවිය හැකිය. අවිවාහක අයගේ මංගල යෝජනා වලට තරමක බාධා පවතින නිසා එවැනි කටයුතු තරමක්‌ දුරට කල්දැමීම යෝග්‍ය බව පෙනේ. උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න. දරුවෙකුට අපලදායක බවක්‌දපෙන්වයි.

සුබ පාට - රෝසල සුදුල සුබ අංක - 2 3ග

වෘෂභ

        මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳව සතුටුදායක බවක්‌ පෙන්වයි

 හිතේ සහනය සහ සැනසීම ඇතිවේග අසල්වාසීන් සමඟ පවතින සබඳතා අලුත් වේ. සහෝදරයකුගේ ජයග්‍රහණයක්‌ ගැන සතුටුදායක ආරංචියක්‌ ලැබේ. ලිපිලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතුවල යෙදෙන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා . චිත්ත ධෛර්යය හා උත්සාහය වැඩිවේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල උසස්‌ අයගේ ආධාර උපකාර ලබා ගැනීමට හැකි වේ. රැකියාව හෝ දියුණුවට කරන කටයුතු වෙනුවෙන් දුරගමනක්‌ හෝ විදේශ ගමනක්‌ යෙදෙන්නටද ඉඩ තිබේ. මිතුරු මිතුරියන් සමඟ සතුටින් කාලය ගතවන අතර උසස්‌ අය සමඟ මිත්‍ර සබඳතා ඇතිකර ගැනීමටද හැකි වේ සෙනසුරුදශා තරමක්‌ අපලයි.

සුබ පාට - සුදු මිශ්රත ලාල සුබ අංක - 2ල 6ග

මිථුන

        මේ සතිය උදාවන විට බලාපොරොත්තු නොවූ වියදමක්‌ කිරීමට සිදු වෙනවා ඇත

 තැන්පත් මුදලක්‌ පවා වැයවීමට ඉඩ තිබේ. පවුලේ වියදම් පාලනය කරගැනීම වැදගත්ය. සතිය මැද වන විට තත්ත්වය මඟහැරී සුබ අතට හැරෙනවා ඇත. ව්‍යාපාර හා රැකියා අංශවල අන් අය සමඟ සතුටින් කාලය ගතවේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීමක්‌ ලැබීමටද ඉඩ තිබේ. රැකියා ප්‍රධානීන්ගේ උදව් උපකාර ලැබේ. නීතිමය ගැටළුවකට විසඳුම් ලබාගත හැකි වේ. පවුලේ මව්පියන් හා දූදරුවන් සමඟ සතුටින් කාලය ගතවේ.
 
සුබ පාට - කොළ මිශ්‍ර  සුබ අංක - 4, 6

කටක

    මෙම සතිය ගෘහ ජීවිතයේ කටයුතු බොහෝ දුරට සාර්ථකකරගත හැකි බව පෙන්වයි

 ආදායම් මාර්ගවලද සතුටුදායක දියුණුවක්‌ ඇති වේ. මිතුරු මිතුරියන්ගේ උදව් උපකාර නොඅඩුව ලැබේ. වාහන විකිණීම හෝ මිලදී ගැනීම පිළිබඳ කටයුතු සාර්ථක කරගත හැකි වේ. ආගම දහමට සිත යොමුවේ. ආගමික උත්සවයකටසහභාගි වීමටද හැකි වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශ ගමනක්‌ ගැන තිබූ අදහසක්‌ සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. සතිය මැද වන විට සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවීමට ඉඩ තිබෙන නිසා ශරීර සනීපය ගැන සැළකිලිමත් වන්න. සඳු දශා විශේෂයි.

සුබ පාට - මිශ්‍ර ලා රෝස සුබ අංක - 3 6

සිංහ

විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තුවකට නීතිමය අංශවල අවහිරතා ඇතිවීමට ඉඩ තිබේ.

ගෘහ ජීවිතය පිළිබඳව කටයුතු සාර්ථක කරගැනීමට හැකි වේ. දෙවි පිහිටල වාසනාව හා භාග්‍ය ගැන විශ්වාසය තබා කටයුතු කරගත හැකිවනු . ඌෂ්ණාධික රෝග මෙන්ම නීතිමය අංශවල බාධාද ඇතිවීමට ඉඩ තිබේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල ප්‍රධානීන්ල උසස්‌ අය සමඟ කටයුතු කරන විට ඉවසීමෙන් හා දූරදර්ශීව කටයුතු කිරීම වැදගත්ය. නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වග බලා ගන්න.

සුබ පාට - රෝස කොළ සුබ අංක - 3 4



කන්‍යා

කන්‍යා ලග්නයේ මෙම සතිය මිශ්‍ර ඵලදායක බව පෙන්වයි. රැකියා බාධා ඇති විය හැකි අතර කතාව නිසා අමනාපවීම් හා විවිධ ගැටළු ඇති වන බව පෙන්වයි. ස්‌නායුගත රෝග මෙන්ම හදිසි අනතුරු වලට ඉඩ ඇති නිසා ශරීර සනීපය ගැන සැලකිලිමත් වීම වැදගත්ය. අන්තරාදායක රැකියාවල යෙදෙන අය ප්‍රවේශම් වන්න.කෙසේ නමුත් බලවත් සඳු ඔබේ ව්‍යාවපාර ඉලක්‌ක සාර්ථක කරගැනීමට හැකි බවපෙන්වයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි වේ. ආගම දහමට සිත යොමුවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. අධ්‍යපන කටයුතු මිහ්‍ර ඵලදායක වනවා ඇත.
සුබ පාට - සුදු කහ සුබ අංක - 2 5

තුලා

මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳව මිශ්‍ර ඵලදායක තත්ත්වයක්‌ පෙන්වයි. සතිය මුලදී ජලයෙන් විපත් ඇතිවිය හැකි නිසා ජල ක්‍රීලඩා වලින් ප්‍රවේශම් වන්න. සෙම් රෝග ගැන සැලකිලිමත් වීමද ඉතා වැදගත්ය .කෙසේ නමුත් සතිය මැද වන විට මෙම තත්ත්වය බොහෝ දුරට සුබ අතට හැරෙන බවපෙන්වයි. සේවක පක්‌ෂයේ සහයෝගය ලැබෙන නිසා ව්‍යාපාර හා රැකියා මෙන්ම ගෘහ ජීවිතයද යහපත් වේ. ගෙදර සුරතල් සතුන් ගැන වැඩි සැලකිල්ල යොමු වේ. ණයපහසුකමක්‌ ලබාගැනීමට තිබූ බලාපොරොත්තුවක්‌ ඉටු වේ. රාජ්‍ය  අංශයේ මෙන්ම නීතිමය අංශවලද උදව් උපකාර ලැබිය හැකියි. සඳු දශා ගතකරන අය සතිය මුල දී ප්‍රවේශම් වෙන්න.

සුභ පාට - සුදු මිශ්‍ර  සුබ අංක - 2 6

වෘශ්චික

මෙම සතිය ආරම්භයේදී අවිවාහක අයට මංගල යෝග උදාකරයි. බිරිඳ හෝ සැමියාට සුබපලදායකයිග හවුල් ව්‍යාපාරවලින් බලාපොරොත්තු වන ඉලක්‌ක සාර්ථක කරගත හැකි වේ. ගෘහ ජීවිතයද සුභදායක වේ.දරුවන් ගැන සිතා සතුටුවිය හැකි වේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් ලාභ ලැබේ. පෙම් වතුන්ට සුබ ඵලදායකයි. කලා හා සෞන්දර්ය අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ සුබ ඵල ලැබේ. නමුත් සතිය මැද වන විට සෙම් රෝගයක්‌ හෝ චිත්ත පීඩාවක් ‌ඇතිවී මට ඉඩ ඇති නිසා ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න.

සුබ පාට - සුදුල කහල සුබ අංක - 2 5


ධනු

රැකියා හා ව්‍යාපාර අංශවල සාමකාමී ලෙස කටයුතු කරගෙන යැමට අවස්‌ථා උදාවේ. මව්පියන් හා දූ දරුවන් සමඟ සතුටින් ගත කිරීමට ද ගෘහ ජීවිතයේ දී බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමටද හැකියාව ලැබේ. සතුරු කරදරයකින් ජය ලැබිය හැකි අතර බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබා ගැනීමටද පහසුකම් ලැබේ. දරුවන් වෙනුවෙන් කරන කටයුතුවලින් සතුටුදායක ප්‍රතිඵල ලැබිය හැකිවේ. ව්‍යාපාරිකයන්ට සුබදායකයි. ස්‌වයං රැකියා හෝ ගෘහාශ්‍රිත කර්මාන්තවල යෙදෙන අයගේ බාධා ඉවත් වේ. අධ්‍යාපන කටයුතුවලින්සතුටුදායක ප්‍රතිපල ලැබේ.

සුබ පාට - දිලෙන සුදු  සුබ අංක - 1

මකර

මෙම සතිය බොහෝ දුරට මිශ්‍ර ඵලදායක බව පෙනේ. ගෘහ ජීවිතය පිළිබඳව බාධා ඇතිවන අන්දමින් හිතේ චංචල බව , කලබලය බලපාන බව පෙනේ. ඉක්‌මනින් කෝපවීම නිසා පවුලේ අය අතර අසමගිය ඇතිවිය හැකිය. පදිංචි ස්‌ථානය ගැන ආරවුල් ඇති වීමටද සිත් තැවුල් ඇතිවීමටද හේතුයි. පසුගිය දිනවල පැවති ගැටළුවකට විසඳුම් ලැබේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. අසල්වාසීන් සමඟ සුහදතාව වර්ධනය වේ. රාහු දශා ගතවන අයට මානසික ආතතිය අම්ල පිත්ත වැනි රෝග තත්වයන් ඇතිවීමට හේතුයි.
සුබ පාට - සුදු මිශ්‍ර ලා සුබ අංක - 2 6

කුම්භ

මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳව සුබපලදායකබවක්‌ පෙන්වයි. චිත්ත ධෛර්ය ඉහළ යයි. සහෝදරයන්ට සුබ ඵලදායකයි. ආදායම් තත්ත්වයද සතුටුදායකයි. ව්‍යාපාරිකයන්ට ආයෝජනය කරන මුදලින් ලාභ ලබාගත හැකිවේ. අලුත් හිත මිතුරන් හඳුනා ගැනීමටත් සතුටින් ගතකිරීමටත් කරුණු යෙදේ. මේ අතර පවුලේ වියදම් ඉහළ යැමටත්, තැන්පත් මුදලක්‌ පවා වැයවීමටත් ඉඩ තිබේ. මේ නිසා වියදම් ගැන සැලකිලිමත් වෙන්න. සතිය ආරම්භයේ දී සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකිය. සඳු දශා තරමක්‌ අපලයි.
සුබ පාට - නිල්ල මිශ්රු ලාල සුබ අංක - 6ල 7ග


මීන

ඉගෙනීමේ යෙදෙන ශිෂ්‍ය ශිශ්‍යාවන්ට තම අධ්‍යනපන කටයුතු සාර්ථක කරගැනීමට පහසුකම් සැලසේ. දරුවන් වෙනුවෙන් කරන දේවල් වලින් සතුටුදායක ප්‍රතිඵල ලැ. ව්‍යාපාරවලට මුදල් යෙදවීමෙන් ලාභ ලැබේ. හදිසි ධන ලාභයක්‌ ලැබීමටත් ඉඩ තිබේ. පෙම්වතුන්ට සුබදායකයි. විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතු වලට සතිය මුලදී සුබදායකයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන බොහෝ දේ සාර්ථක කරගත හැකිවේ. පින්කමක්‌ වෙනුවෙන් අමතරමුදලක්‌ වැය කිරීමට හේතුයි. රාහු දශා ගතකරන අය උදරාබාධල හිසේ රෝග හා මානසික ආතතිය වැනි සෞඛ්‍ය ගැටළු ගැන සැලකිලිමත් වෙන්න.

සුබ පාට - කහල සුදුල සුබ අංක - 2 5

Tel 0715709000/0415709000




 



MOST VIEWED VIDEO STORIES

MORE >>