Back to Top

2017 /03/ 26 2017/ 04/ 01( සතියේ ලග්න ඵලාපල)

March 27, 2017  



මේෂ         
                ආත්ම  විශ්වාසයෙන් කටයුතු කරයි.

ආත්ම ශක්තිය  , ආත්ම විශ්වාසය බලවත් වෙයි.  ඕනෑම  කාර්යයක් තම ශක්තියෙන්  ඉටු කර ගැනීමට චිත්ත ධෛර්යය ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල දක්‍ෂතා පවතියි. රැකී රක්ෂා , ව්‍යාපාර අංශවල ප‍්‍රගතියක් පෙන්නුම් කරයි. උසස්වීම් හිමියි. ප‍්‍රධානීන්ගේ විශේෂ  උදව් උපකාර සහිතයි. සාමූහික කටයුතුවලදී නායකත්වය ගනියි. කීර්තිය, ප‍්‍රශංසාව හිමිය. කරන සියලූ කටයුතුවලින් ජයග‍්‍රහණ අත්කර ගැනීමේ වාසනාව ඇත. සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙයි.

සුබ දිනය    :- කුජ,     සුබ වර්ණය    :- රතු        ජය අංකය    :-  6

වෘෂභ         

                රැකීරක්ෂා , උසස් වීම් හිමියි

රැකී රක්ෂා උසස්වීම් සිදු වෙයි. ආදායම් මාර්ග දියුණු වෙයි. උසස් අයගනේ උදව් උපකාර නොඅඩුව ලැබෙයි. අධ්‍යාපන කටයුතුවලින් උසස් ප‍්‍රතිඵල ලැබීමේ වාසනාව ඇත. විවිධ අංශවල  විශේෂ දක්ෂතා  ඇතිවන කාලයකි. විවාහ  ප‍්‍රමාද අයගේ මංගල යෝජනා ස්ථිර කර ගැනීමට ද හැකියි. ගේදොර ඉඩකඩම්වල  තරමක අවුල් බවක් පෙන්වයි. මිත‍්‍ර සබඳතා වර්ධනයට හේතු වෙයි. පපුව, තුනටිය ආශ‍්‍රිතව  වාත වේදනා කැක්කුම්වලට හේතු වෙයි. ඉවසීමෙන් කටයුතු කිරීම දියුණුවට හේතු වෙයි.

සුබ දිනය    :- බුධ        සුබ වර්ණය    :- රතු        ජය අංකය    :-  8

මිථුන         

                උසස් අදහස් ඇති යුග දිවියකට වාසනාව

විදේශ ගමනක බලාපොරොත්තු  ඉටුකර ගත හැකියි. උසස් සිතුවිලි  ඇති වෙයි. සමාජ සේවා කටයුතු උදෙසා කාලය කැප කිරීමෙන්  රැකී රක්ෂා කටයුතු දුර්වල වීමට හේතු වෙයි. අධ්‍යාපනය ලබන අයට යහපත් සතියකි. කලා අංශයෙන්  දක්‍ෂතා  පෙන්වයි.  වරින් වර  බලාපොරොත්තු  කඩවීම් සිදුවිය හැක. මුදල් ගනුදෙනුවලදී ප‍්‍රවේශමින් කටයුතු කරන්න.  උසස් අදහස් ඇති විවාහයකට   වාසනාව  හිමි වෙයි.  භූගත් වස්තූන් ලැබීමේ වාසනාව.  ඒ සම්බන්ධ  රැුකියා ලාභ හිමියි.  අන් අයගේ  අදහස් අනුව කටයුතු කිරීමට සිත නොදෙන කාලයකි.  උදරගත, සෙම් ආදී රෝගවලට  ගොදුරු වීමට ඉඩ ඇත.
සුබ දිනය    :-ගුරු දින    සුබ වර්ණය    :- කොළ    ජය අංකය    :-  5


කටක            කටක ලග්නය

අනපේක්ෂිත  කරදරවලට  මුහුණ පෑමට  සිදුවිය  හැක. රැකී රක්ෂා  ආදායම් ආදායම් මාර්ග නොසිතූ ලෙස  පහත වැටීමට  ඉඩ ඇත.  සමාජ සේවා කටයුතුවල යෙදීම ඉතා  ප‍්‍රවේශමෙන්  සිදු කරන්න. ආර්ථික  ස්ථාවරය  පවත්වා  ගැනීම අසීරුය.  අන් අය සමග  අදහස් ප‍්‍රකාශ කිරීමේදී වරක් නොව දෙවරක් සිතන්න. සිතුම් පැතුම්වල ස්ථිර බව  හීන වෙයි. තමන් ස්වයං  රැකියාවක  නිතර වන්නේ නම් එහි තරමක  සාර්ථක බවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල ප‍්‍රබෝධයක්  පෙන්වයි. විදුලියෙන්, ගින්නෙන් අනතරු සහිතයි.  ජිවිතයට කුමන බාධක පැමිණියත්  පසු නොබසින  කාලයකි. 
සුබ දිනය    :- කුජ        සුබ වර්ණය    :- සුදු        ජය අංකය    :-  2


සිංහ            ශිල්පීය දක්‍ෂතා ගොඩනැගෙයි.

තම අදහස්වලට මුල් තැන දී කටයුතු කරයි. නොයෙක්  ගැටලූවලට හා විරුද්ධවාදීන්ට මුහුණ දීමට සිදු වෙයි.  තමන් කරන  වැඩකටයුතුවල  ක‍්‍රමානුකූලව බව අඩුවීමට හේතු පවතින කාලයකි. අධ්‍යාපන කටයුතුවලින් නිසි ඵල ලැබීමට තරමක් අසීරුය. ශිල්පීය හා කාර්මික දක්‍ෂතා මතුව එයි. ශාරිරික  පීඩා,කෝප වීම්වලට මුහුණ දීමට සිදුවිය හැකි. විවාහයට  කරදර  බාධක මතුව එයි. ආගම  දහමට ඇති විශ්වාසය හීන විය හැක.  පේ්‍්‍රම සබඳතාවලට බාධා ගෙනන කාලයකි. හිසේ, උදරාබාධ, උෂ්ණ රෝග ඇති විය හැකියි.
සුබ දිනය    :- ගුරු දින    සුබ වර්ණය    :- රන්වන් පාට    ජය අංකය    :- 1


කන්‍යා        විවාහ යෝජනා ස්ථිර වෙයි.

මෙම සතිය  ඔබට යහපත් කාලසීමාවකි. ඔබේ  ආර්ථික තත්ත්වය යහපත් කර ගැනීමට හැකි සෑම උත්සායක්ම ගනියි.  බලපොරොත්තු  ඉටුකර ගැනීමේ ශක්තිය, ධෛර්ය හිමි වෙයි. වගකීම් බාර ගැනීමට ඉදිරිපත් වෙයි. රැකී රක්ෂා කටයුතුවලින්  උසස් පළ ලැබීමේ ශක්තිය. එහිදී ඔබට වැඩි වගකීම්  හා බලතල  පැවරෙන  කාලයකි. විවාහ යෝජනා  ස්ථිර කර ගැනීමට වාසනාව ඇත. විදේශගත සබඳතාවලින්  වැඩි වාසි අත්වෙයි.  හවුල් ව්‍යාපාර  අංශවලට  ඉතා යහපත්ය. ගේ දොර කටයුතුවලදී තරමක ගැටලූ පැවැතිය හැකියි. ඥාති  සබඳතා  තරමක් අඩු වන අතර,  පිටස්තර  සබඳතා වර්ධනයට හේතු වෙයි. සතුරු කරදර, පීඩා වළක්වා ගැනීමට ශක්තිය අතැ. වැටීම්, තැලීම් අනතුරුවලින් ප‍්‍රවේශම් වන්න.

සුබ දිනය    :- බුධ දින    සුබ වර්ණය    :- සුදු    ජය අංකය    :- 07






තුලා                        හදිසි ධන ලාභ ලැබීම්.

විවිධ සතුරු කරදර හේතු කොට  ගෙන සහ සෞඛ්‍ය  ගැටලූ මත යම් යම් පීඩාකාරී තත්ත්වයන්  ඇති විය හැක. එනිසා  ඉතා ඉවසිලිවන්තව හා කල්පනාකාරීව  කටයුතු කරන්න. රැුකී රක්ෂා කටයුතුවල විවිධ දුර්වලතා මතුව එයි.  රැුකියා කටයුතු සඳහා ගමන් බිමන් යෙදෙන  අතර, රැුකියා ලැබීම්, උසස්වීම් ප‍්‍රමාද වෙයි.  සමාජ කටයුතුවලදී අස්ථාන  චෝදනා එල්ල විය හැක. හදිසි ධන ලැබීම්වලට  ඉඩ ඇත.  විවාහ පිළිබඳ අධිකව  සිතන කාලයකි.  පවතින පේ‍්‍රම සබඳතා ස්ථිර කරගත හැකි  බව පෙනෙයි.  යුග ජීවිතයේදී සමගිය  කෙරෙහි  වැඩි අවධානය  යොමු කළ යුතුව පවතියි. කී‍්‍රඩා, ව්‍යායාම  මෙන්ම විවිධ ශිල්පීය  අංශවල නියැලෙන අයට යහපත් කාලයකි.
සුබ දිනය    :- සඳු දින    සුබ වර්ණය    :- කොළ    ජය අංකය    :- 7



වෘශ්චික       
                සතුරු කරදර,රෝගී පීඩා වළක්වා ගැනීමේ බලය.

ඔබට යහපත් සතියක උදාවක් සිදු වෙයි. රැුකී රක්ෂා කටයුතුවල  දියුණුවක්, නිර්භීත බවත්, ස්ථිර ප‍්‍රතිපත්තීන් හේතු කොට ගෙන විවිධ බාධක  අභිබවා ජයගත හැකි වෙයි. අධ්‍යාපන කටයුතුවලින් නොසිතූ ජය අත්පත්  කර ගැනීමේ වාසනාව ඇත. කලා ක්‍ෂේත‍්‍රයේ  නියැළි අයට යහපත් ය.  ශාස්තී‍්‍රය  කටයුතුවලට වැඩි අවධානයක්  ඇති වෙය.  විදේශ ගත ආදායම් ලැබීමට ද වාසනාව පවතින  අතර, දේශපාලන කටයුතුවලට  යොමුවීමට  ඉඩකඩ පවතිනු ඇත.  රැුකියා වරින්වර වෙනස්වීම්, ස්ථාන මාරුවීම මෙන්ම  රැුකියා ස්ථානවල  ගැටලූකාරී බවක් යෙදුනු ඇත.සතුරු කරදර මෙන්ම,  රෝග පීඩා වළක්වා ගැනීමේ බලය ලැබෙයි.  තමන්ගේම  ව්‍යාපාරවලින් දියුණුවක් ඇති වෙයි.  ඉඩකඩම්  ලාභ හිමිව ඇත.
සුබ දිනය    :- ඉරු දින
සුබ වර්ණය    :- රෝස
ජය අංකය    :- 03

ධනු            රැකියා තනතුරු උසස්වීම්.

ගේ -දොර හා දේපොළවල අංලකාරය වැඩි කරයි. නිර්භීතකමක් , අවංකකමත් ගොඩනැගෙනු ඇත. දුක සැප සමසේ විඳ දරාගත හැකි ආත්ම ශක්තියකින් හිමිය. කිසිවකුටත්  යටත්ව කටයුතු නොකර ස්වාධීනව කටයුතු කිරීමට සිත් යොමු වෙයි. ඉඩකඩම්, ගේපොළ හිමිය. අධ්‍යාපන කයුතුවල ව්‍යාකූල තත්ත්වයක් පෙන්වයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. සෞඛ්‍ය  තත්ත්වය වර්ධනය කර ගනියි. රැකී රක්ෂා කටයුතුවලින් වැඩි ලාභ ප‍්‍රයෝජන අත්කර ගැනීමේ වාසනාව, ක්‍ෂණික කිර්තිය, ප‍්‍රසිද්ධිය උදෙසා අයුතු මාර්ගවලට යොමු විය හැක. රැුකියා, තනතුරු උසස්වීම් හිමියි.
සුබ දිනය    :- කිවි දින    සුබ වර්ණය    :- කොළ    ජය අංකය    :-  6


මකර            ඉඩකඩම් , දේපොළ කෙරෙහි දැඩි ආශාවක්.

මේ නිසා සිතේ ශක්තිය ධෛර්ය  ඇති වෙයි. ඔබේ  පුද්ගලික දියුණුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරයි.  ඉඩකඩම්, දේපොළ, යාන වාහන  කෙරෙහි දැඩි ආශාවක්   මතුව එයි. ඉවසීමේ ශක්තිය  පැවැතිය ද  එය ඉක්ම යන අවස්ථා ද ඇත. රැකියා කටයුතුවලින්  යහපත්  ආදායම් ලැබීමේ  භාග්‍ය ඇත. එහෙත් වියදම්  ඉහළ යයි.  මේ පිළිබඳව  කල්පනාකාරීව  කටයුතු කිරීම දියුණුවට  හේතු වෙයි.  යහපත් විවාහ දිවියකට හේතු සහිතය. ශාරීරික සෞඛ්‍ය පිළිබඳ ගැටලූ මතුවීමට ඉඩ පවතියි.
සුබ දිනය    :- කුජ දිනය    සුබ වර්ණය    :-   සුදු    ජය අංකය    :- 09


කුම්භ            කායික හා මානසික දියුණුවක්.

මේ සතිය ඔබ දැඩි චිත්ත ධෛර්යකින් යුතුව අභියෝගවලට  මුහුණ දී ජයග‍්‍රහණය ලබයි.  බාල සහෝදරයින්ගෙන් උදව් නොඅඩුව  ලබයි.  කායික හා මානසික  දියුණුව පෙන්නුම් කරයි.  ආරම්භ කළ බොහෝ  කටයුතු පහසුවෙන් සාර්ථක කර ගැනීමට  වාසනාව ඇත.  උසස් නිලතල  දරන අයට වැඩි වාසි , යාන වාහන, ප‍්‍රවාහන සේවා මෙන්ම  කාර්මික  අංශයේ  රැකියා ලැබීම්වලට  ඉඩ පවතින කාලයකි. හවුල් ව්‍යාපාර  කටයුතුවලදී  ඉවසීමෙන්  කටයුතු කිරීම අවශ්‍ය ය.  විවාහ කටයුතු ස්ථිර කර ගැනීමට හැකින විවාහ දිවිය ප‍්‍රවේශමින්  ගත කළ යුතුය. අන් අයගේ  මතයට  ගරු කිරීම  ඔබේ දියුණුවට  හේතු විය හැක. ජලයෙන් විපත් ඇතිවිය හැකි නිසා ඉන් ප‍්‍රවේශම් වන්න.
සුබ දිනය    :-  ගුරු දිනය    සුබ වර්ණය    :-  සුදු    ජය අංකය    :-  09


මීන            අවිවාකයන්ට මංගල යෝගයක උදාවක්.

යහපත් මිත‍්‍ර සබඳතා   ඇතිකර ගැනීමට වාසනාවක් ඇති කරයි.  අවිවාහක අයට මංගල යෝග  උදාවන කාලයකි. පේ‍්‍රම සබඳතා වර්ධනයට ඉඩකඩ. රැකී රක්ෂා කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙයි. උසස්වීම් ලැබීම් ප‍්‍රමාද විය  හැක. ඉඩකඩම්  ලාභ හිමියි. ආර්ථික ස්ථාවර යහපත්යග ආගමික හා සමාජ සේවා  කටයුතුවලට උනන්දුව  ඇති වෙයි. ස්වාධීන කරන රැකියා  ව්‍යාපාරවලින්  උසස් දියුණුවක්. රෝග පීඩා, සතුරු කරදර අඩු වෙයි. කැපී පෙනීමට  ගෞරවය  ලබා ගැනීමට උත්සාහ  ගන්නා කාලයකි.  පවුලේ අයට වඩා පිට සබඳතා වර්ධනය වීමට ඉඩ පවතින කාලයකි.

සුබ දිනය    :- ඉරිදා          සුබ වර්ණය    :-  කහ        ජය අංකය    :-  1, 4, 9

ජෝතිර්වේදී සාම ශී‍්‍ර විශ්ව කලා කීර්ති, රුක්ෂාන් ජයසේකර,
දු.ක. 071 - 5709000 / 041 - 5709000


MOST VIEWED VIDEO STORIES

MORE >>