Back to Top

2017.2.26 / 2017.3.4

February 27, 2017  



මේෂ
                කි‍්‍රයාශීලීව කටයුතුවල යෙදේ.
රාජකාරි කටයුතුවලදී දුරදිග බලා කටයුතුවල යෙදීම හොඳයි. අත පසුවීම් ඇතිවීමට ඉඩ ඇති අතර, අලාභ අවාසි ඇති කරයි. තරඟ විභාගාදියට ශුභයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡා ආදියට ශුභයි. නව අත් හදාබැලීම්වලට හොඳයි. භූමි ලාභ, භූමි සම්පත් ළගාකරගනී. පොදු සේවා කටයුතුවලට මුල්තැනදෙයි. තරමක් කලකිරීම් ඇති කරවන ප‍්‍රශ්න මතුකරයි. ආගමික උත්සව සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදේ. වෙනදාට වඩා වැයපස අධිකවෙයි.

ශුභ වර්ණය - රතු - ජය අංකය - 03

වෘෂභ
            තම අරමුණු තරමක් බාධා කරයි.
ගමන් බිමන් අධිකවෙයි. මුදල් හිතමිත‍්‍රාදීන් සුහද සාකච්ඡාවලට හේතුවේ. නව වැඩ ඇරඹීමට හොඳයි. නිශ්චල, චංචල දේපළ මිලට ගැනීමට ශුභයි. එතෙර ගමන් සඳහා හොඳයි. දුරස්ථව වු ඥාතීන් සමීපවෙයි. භූමි ලාභ, භූමි සම්පත් ලබන තම අභිමත අරමුණු ජයවේ. දුර ගමන්, එතෙර ගමන් සඳහා භූභයි. තරඟ විභාගාදී කටයුතුවලට ශූභ ජයදෙයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡා ආදියට ශූභයි. තම ඥාතීන් උදෙසා වැයපස අධිකවෙයි. පී‍්‍රති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. භූමි ලාභ, භූමි සම්පත් ලබ

ශුභ වර්ණය - කී‍්‍රම් - ජය අංකය - 08

මිථුන
            හදිසි ගමන් බිමන් යෙදේ. අතපසුවීම් අධිකවෙයි.
 තරඟ විභාගා ආදි කටයුතුවලට හොඳයි. ජයදේ. සම්මුඛ පරීක්‍ෂණ කටයුතු වැනි දේට ශූභයි. එතෙර ගමන් සඳහා ශූභයි. ආගමික උත්සව සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදේ. ප‍්‍රීති උත්සවවලට සහභාගීවෙයි. නවක මිතුදම් ඇති වේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුවේ. දුර ගමන්, එතෙර ගමන් යෙදේ. තම අරමුණු ඉෂ්ඨවේ. ප‍්‍රභූන්ගෙන් , උගතුන්ගෙන් උපකාර ලැබෙයි. නව නිපැයුම් ඇරඹීමට හොඳයි. තුරඟ තරඟවලට, තරඟ විභාගවලට ශූභයි. ශාස්තී‍්‍රය කටයුතුවලත් ජයදේ. ආගමික උත්සවවලට සහභාගීවෙයි.

ශුභ වර්ණය - රන්වන් - ජය අංකය – 01

කටක
        රාජකාරී ස්ථානවල වැඩ බහුල වෙයි. අතපසුවීම්වලට හේතුයි.    
ඇසුරේදී ප‍්‍රවේශම මැනවි. දුර ගමන්වලදී ප‍්‍රවේශව මැනවි. තරමක් නමට හානිවීමට ඉඩ ඇති අතර දුරදිග කල්පනාවෙන් කටයුතුවල යෙදීම හොඳයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සැහැල්ලූවෙන් දවස ගෙවයි. ගවේෂණාත්මක වැඩ කටයුතුවල යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහිද යොමුවන අතර ඇසුරු කරන්නෝද ඒ සඳහා යොමුකරවන කටයුතුවල යෙදේ. තම වටිනාකම ඥාතීන් අවබෝධ කරගනී.

ශුභ වර්ණය - කී‍්‍රම් - ජය අංකය – 02

සිංහ
        එතෙර ගමන් සඳහා හොඳයි. සුපුරුදු රාජකාරීවලට අමතර රාජකාරී කටයුතු යෙදේ.
තරමක් කලකිරීම ඇති කරයි. ගමන් බිමන් අධිකවෙයි. ප‍්‍රීති උත්සව සඳහා සහභාගීවමට අවස්ථා යෙදේ. නව වැඩ කටයුතු, නව නිර්මාණ ඇරඹීමට එළිදැක්වීමට ශූභයි.තම අභිමත අයුරින් කටයුතු කෙරෙයි. තම නිවසේ උත්සව ශ‍්‍රියාවක් ඇතිවෙයි. දුරස්ථව සිටි ඥාතීන් නැවන සමීපවෙයි. ව්‍යාපාරවල ඉහළ නැග්මක් දකී. පොදු ස්ථානවල කැපීපෙනෙන චරිතයකි. හදිසි ධන ලාභ ලබන සතියකි.

ශුභ වර්ණය - තැඹිලි - ජය අංක – 09

කන්‍යා
        නව නිවාස මිලට ගැනීමට හොඳයි. අලූත්වැඩියාවට හොඳයි, ව්‍යාපාරවලින් ජයවේ.
 ප‍්‍රීති උත්සව යෙදේ. දුරස්ථව සිටි මිතුරන් සමීපවන අතර තම ඥාතීන් වෙනුවෙන් වියදම් දැරීමට සිදුවෙයි. භූමි ලාභ, භූමි සම්පත් ලබන දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. අමතර විය පැහැදම් අධිකවන සතියකි. ආගමික වතාවත් සඳහා යොමුවෙයි. තම ඥාතී, හිතමිතුරන් ඒකරාශීව වැඩකටයුතු වල යෙදෙන අතර, පි‍්‍රය සාදවලට හේතු ගෙන දෙන කරුණු යෙදේ.

ශූභ වර්ණය - කොළ - ජය අංකය – 04

තුලා

        නව නිර්මාණ ඇරඹීමට හොඳයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡා ආදියට හොඳයි.
නිශ්චල, චංචල දේපළ මිලට ගැනීමට ශුභයි. විනෝද ගමන්, දුර ගමන්වලට හේතුයි. පි‍්‍රය සාදවලට සහභාගිවීමටට සිදුවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මුදල් වැයවේ. හදිසි ලාභවලට හේතුයි. දුර ගමන්, පොදු සේවා ගමන්වල යෙදෙන අතර රැකියා ස්ථානවල බාධා ජයගනී. තමන් කැපීපෙනෙන කි‍්‍රයාදාමවල යෙදෙන අතර ඇසුරුකරන්නන් නිසා වැයපස අධිකවන සතියකි. බුද්ධිය මෙහෙයවා කටයුතු කළ යුතු අතර කතාව, කි‍්‍රයාව, ඉවසීමෙන් කළ යුතුයි.

 ශුභ වර්ණය - රෝස - ජය අංක – 09

වෘශ්චික 
        රාජකාරි ස්ථානවල මතභේද ඇතිවෙයි. තරමක් නිහඬ විය යුතු අතර තමන්ට සතුරු බලපෑම් එල්ලවෙයි.
 බුද්ධියෙන් කටයුතු කරන ජයගත යුතු අතර රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ඇසුරුකරන්නන් අතර කැපීපෙනෙයි.ගමන් බිමන් අධිකවෙයි. තුරඟ තරඟවලින් ජය ලැබේ. තම අරමුණු ජය ගැනීමේ මාර්ග සැලසේ. තම වචනයට ඇසුරු කරන්නෝ අවනත වෙයි. සමාජ සත්කාර, පොදු සේවා කටයුතුවල කැපී පෙනෙන චරිතයකි. වැයපස ඉහළ යයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුවයි.

 ශූභ වර්ණය - ලා රතු - ජය අංකය – 02

ධනු

        නව නිර්මාණකරණයට හොඳයි. උගතුන්ගෙන්, වියතුන්ගෙන් උපකාර ලැබේ. 
සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡා ආදියට ශූභයි. දුර ගමන්, එතෙර ගමන් යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීපවන කරුණු යෙදේ. ප‍්‍රීති උත්සව සඳහා සහභාගීවීමට සිදුවේ. හදිසි ලාභ ගෙනෙන සතියකි.ගමන් බිමන් අධික වෙයි. හදිසි තීරණ මත කටයුතුවල යෙදිම ශුභවාදී නොවේ. පොදු සේවා කටයුතු , සමාජ සත්කාර කටයුතු සඳහා යොමුවන සතියකි. හදිසි ගමන් අධික වෙයි. තරමක් වැයපස අධිකවෙයි. එබැවින් බුද්ධියෙන් කි‍්‍රයාකිරීම මැනවි.

ශූභ වර්ණය - තද කහ - ජය අංකය – 09

මකර
        රාජකාරි කටයුතු ස්ථානවල පැවති සතුරු බාධා දුරස්වෙයි. තම වටිනාකම ඉස්මතුවෙයි.
තම ඇසුරු කරන්නන් අතර ප‍්‍රසිද්ධවෙයි. ප‍්‍රීති උත්සව, පි‍්‍රය සම්භාෂණවලට සහභාගීවීමට අවස්ථාව සැලසේ. භූමි ලාභ, භූමි සම්පත් ළගා කරදෙන කි. උත්සාහය මැනවි. සැහැල්ලූවෙන් ගතකරන කි. පී‍්‍රති උත්සව, විනෝද වැඩසටහන්වලට සහාභාගීවීමේ අවස්ථා යෙදේ. පොදු සේවා කටයුතුවල යෙදේ. තරමක් ඒ සඳහා මුදල් වැයකෙරේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන අතර තම ඥාතී, මිතුරන් සමඟ ඒ සඳහා ආගමික කටයුතුවල නිරතවෙයි.

ශූභ වර්ණය - නිල් - ජය අංකය – 06

කුම්භ
        හදිසි ගමන් බිමන් යෙදේ. වෙනදාට වඩා මිල මුදල් හානි වෙයි. තම ඇසුරු කරන්නෝ නිසා කලකිරීම් ඇතිවෙයි.
තුරඟ තරඟවලින් ජයවේ. පී‍්‍රති උත්සව, විනෝද උත්සව සඳහා සහභාගීවෙයි. නිලතල, ලාභ ලැබීම්වලට හේතුයි. දවස සැහැල්ලූවෙන් ගෙවේ. තම නිවසේ උත්සව ශ‍්‍රියාවක් ඇතිවේ. පැරණි මිතුදම් වර්නය වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තම ඥාතී, මිත‍්‍රාදීන් උදෙසා යුතුකම් මත කටයුතු කරයි. ඇසුරු කරන්නෝද ආගමික වතාවත්වලට යොමු කරවන අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසේ. හදිසි වාසනා ගුණය මතු කරයි.

ශූභ වර්ණය - දුඹුරු - ජය අංකය – 09

මීන
        රාජකාරී ස්ථානවල ප‍්‍රසාදය දිනාගනී. තම වචනය සභාවේ දිනයි.  සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡා ආදියට ශුභයි.
පෙම් සබඳතා  තහවුරුවෙයි. එතෙර ගමන් , දුර ගමන් සඳහා හොඳයි. මුදල් යොදවා කරන කටයුතුවලින් ජයවේ.තම සිතැඟි අයුරින් කටයුතුවල යෙදේ. දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. පී‍්‍රති උත්සව, විශේෂ උත්සව සඳහා සහභාගීවෙයි. පොදු සේවා කටයුතුවල තම ඥාතී, හිතමිතුන් ඒකරාශීව යෙදේ. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදය දිනාගනී. ආගමික වතාවත්වලද යෙදේ. භූමි ලාභ, භූමි සම්පත් ළගාකරදෙන දිනකි.

ශූභ වර්ණය - තද කහ - ජය අංකය – 01

 
071-5709000 041-5709000


MOST VIEWED VIDEO STORIES

MORE >>