Back to Top

සතියේ ඵලාපල - 2017-01-22/2017-01-29

January 23, 2017  



මේෂ        

වෘත්තීමය වශයෙන් නායකත්වය  
 
ස්ව උත්සාහය  මෙන්ම කාර්යයන් ඉෂ්ට කරගැනීම  සඳහා වාසනාව ද බලපායි. පරිපාලන බලය ප‍්‍රබලව  ඉස්මතු  වෙයි. වෘත්තීයමය වශයෙන් හැමදේකටම නායකත්වය දෙයි. ප‍්‍රතිවාදීන් අභිබවයි. වෘත්තීයමය වශයෙන් යන විදේශ ගමන් ද ඇතිවිය හැකිය. උසස් අධ්‍යාපන කටයුතු නැවන පණ ගැන්වී එයි. ආයතන ප‍්‍රධානීන්ගෙන් සහ උසස් රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගෙන් උපකාර ලැබෙයි. අය පක්ෂය වැයට වඩා ඉදිරියෙන් සිටියි.විදේශ මුලාශ‍්‍රවලින් ආදායම් ලබමින් සිටින අයට ද මේ සිතය වාසිය. හදිසි පෙම් සබඳතා ඇති කරගනියි. ඒවා හිතුවක්කාර ද විය හැකි ය. හතිය, ආමාශ ආබාධ ඉස්මතු විය හැකි ය.

සුබ දිනය    :- අගහරුවාද, සිකුරාදා
සුබ වර්ණය    :- රතු
ජය අංකය    :- 9, 6


වෘෂභ     

ගන්නා තීරණ වාසි සහගත වේ.

වියදම් වැඩියි. අය පක්ෂයට වඩා වැය පක්ෂය වැඩියි. ව්‍යාපාරවලට ආයෝජනයන් ද යොදයි. කොටස් වශයෙන් මුදල් ගෙවීමේ කි‍්‍රයාවලියන්ට  යටත් වෙයි. උසස් අධ්‍යාපන කටයුතුවලට ද මේ සතියේ වියදම් වැඩි වී අධි රාගික ගතියත්, ආවේගශීලි ගතියත් ඉස්මතු වෙයි. පාසල් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ද නරකක් නැත. මගුල් තුලා කටයුතුවලට හිතකර තත්ත්වයක් ඇත. ගන්නා තීරණ වාසිසහගත වෙයි. ප‍්‍රවාහන වියදම්, ගමනාගමන වියදම් වැඩියි. රුධිර පීඩන රෝග, ලේ විසවීම් ද දද, කුෂ්ඨ ආදිය ඉස්මතු විය හැකිය.
      
සුබ දිනය    :-  සිකුරාදා
සුබ වර්ණය    :- රෝස,කොළ
ජය අංකය    :-  6,5


මිථුන            

විශේෂ සම්බන්ධතා ඇති වේ.

කාර්යාලවල හිරවී ගොඩගැසී තිබූ ලිපි ලේඛණ කටයුතු ලිහිල් වීමට පටන් ගනිනි. උසස් අධ්‍යාපන කටයුතු ද නැවත පණගැන්වී එයි. ඉඩම්, ගෙවල් ආදිය අපේක්ෂා කරන්නන්ට අපේක්ෂාවන් ඉෂ්ට කරගත හැකිය. දේපළ මිලදී ගැනීම් ගනුදෙනුවලින් වාසි ලබයි. ආයතන ප‍්‍රධානීන් සහ ලොක්කන් සමග වරසකභාවයක් ඇතිවෙයි. පියා සමග ද ගැටුම් ඇතිවිය හැකිය. පේ‍්‍රම සබඳතා සාර්ථකයි. විශේෂයෙන් ගමෙන් ඈත එපිට අය සමග සබඳතා සාර්ථකයි.  තරග ආදියෙන් ජය පෙන්වයි. විශේෂයෙන්  ශාස්තී‍්‍රය කටයුතු සහ විභාග ආදියෙන් ආමාශය, හදවත් රෝග, රුධිර පීඩනය ගැන අවධානයෙන් ඉන්න.

සුබ දිනය    :- බදාදා
සුබ වර්ණය    :- කොළ, කහ
ජය අංකය    :-  5.3


කටක          

මුදල් වංචා වලට හසුවිය හැක. 
 
අභිමාවනවත් ගතිය ඉස්මතු වෙයි. ප‍්‍රභූගෙන් ද උපකාර ලබයි. කාමුක ගති ඉස්මතු වීම නිසා පේ‍්‍රමවන්තයන් අමාරුවේ වැටිය හැකිය. ඔවුන් අපවාද අවලාද ලබයි. අඩමාන බිස්නස්  කොන්ත‍්‍රාත්, බිස්නස් ආදියේ යෙදන්නන්ට නරක නැත. නමුත් හදිසි දණ හානි ද බලාපොරොත්තු විය යුතුය. මුදල් වංචා කරන ලැබීම්වලට අසුවිය හැකිය. උසස් අධ්‍යාපන කටයුතු වලට අධික වියදම් පෙන්වයි. අපේක්ෂා කළ විදේශ ගමන් අවලංගු වීම හෝ කල්යෑම් ආදියට භාජන විය හැකිය. හදිසි වාහන අනතුරු සිදුවිය හැකිය. විදේශ මුලාශ‍්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතූ තරම් වාසි නැත. හතිය, අමාශ්‍ය, රුධිර ධාවනය මතුවිය හැකිය.

සුබ දිනය    :-  බදාදා, සිකුරාදා
සුබ වර්ණය    :-  සුදු, කී‍්‍රම් පැහැය
ජය අංකය    :- 2, 5,9



සිංහ       

කෘෂිකර්මාන්තයෙන් වාසි. 
      
ප‍්‍රතිවාදීන්  අභිභවයි. ඉතා කැපවීමෙන් තම රාජකාරියේ යෙදෙයි.කොන්ත‍්‍රාත් අඩමාන බිස්නස් ආදියෙන් අවාසියක් නැත. සහල්, කෘෂිකර්මය ආදියෙන් වාසියක් පෙන්වයි. ලොතරැයි දිනුම් පෙන්වයි. සමස්තයක් වශයෙන් අය පක්ෂය ඉදිරියෙන් සිටියි. ගන්නා තීරණව වාසියට හිටියි. හවුල් ව්‍යාපාර ද ප‍්‍රගතියක් පෙන්වයි. විවාහ මංගල කටයුතුවලදී ඉක්මන් තීරණයකට පැමිණිය හැකිය. ලේඛන කලා, කී‍්‍රඩා ආදී ක්ෂේත‍්‍රවල සිටින අයට ඉස්මතු වීමට අවස්ථාවකි. ආවේගශීලිත්වය  සහ රාගාධික ගතිය මතු වී එයි. කොන්ද, ආමාශය, හතිය වැනි ළය පීනස් රෝග මතු වි එයි. 

සුබ දිනය    :- ඉරිදා, අගහරුවාද
සුබ වර්ණය    :- රතු ,තැඹිලි
ජය අංකය    :- 1, 9


කන්‍යා           

ප‍්‍රතිවාදීන් අභිවයි.  
 
හිර වී ගොඩගැසී තිබු රාජකාරි ලිපි ගොනු ක‍්‍රමයෙන් ලිහිල් වීමට පටන් ගනියි. ප‍්‍රතිවාදීන් අභිභවයි. පාසල් අධ්‍යාපන ක්ෂේත‍්‍රය හිතකරයි. ගන්නා තීරණ්‍ය අවාසියට හිටියි. වාසස්ථාන මාරු සිදුවිය හැකිය. සම්බන්ධීකරණ  කටයුතු, ගනුදෙනු, ගිවිසුම් ඇතිකර ගැනීම් ආදියට නැවත යහපත් අවස්ථාවක් ඇතිවෙයි. විවාහ මංගල යෝජනා කටයුතුවලට ද හිතකර කාලයකි. තීරණයකට කාලයකි. තීරණවලට එළැඹිය හැකිය. ඉඩම්, නිවාස, දේපළ ගැන  හැලහැප්පිලි ඇතිවිය හැකිය. විදේශ ගමන්වලට බාධක එයි. කල්යෑම්වලට භාජන වෙයි. අත් හා උරහිස් රූමෙටික් හා හතිය වැනි ළය පීනස් රෝග ඉස්මතු විය හැකිය. 

සුබ දිනය    :- සිකුරාදා
සුබ වර්ණය    :- කොළ, කහ
ජය අංකය    :-  2, 6


තුලා       

හිතුක්කාර ස්වරූපයක්   

කොන්ත‍්‍රාත්,බිස්නස්  අඩමාන බිස්නස් ආදියට ආයෝජන යොදවයි. තම දරුවන් වෙනුවෙන් ද වැඩිපුර මුදල් මේ සතියේ වැය වෙයි. මේ සතියේ මුදල් හිරවීම් නැත. ලැබීමට නියමිත මුදල් කොටස් වශයෙන් හෝ එන්න පටන් ගනී. ලොතරැයි  දිනුම් පෙන්වයි. පාසල් අධ්‍යාපනයට හිතකර වාතාවරණයක්  සෑදේ. හදිසි පේ‍්‍රම සම්බන්ධයක් ඇතිවිය හැකිය. එය හිතුවක්කාර ස්වරූපයක් ගත හැකි ද බවද පෙනේ. වෙළඳ ගිවිසුම් සහ වෙනත් ගිවිසුම් ඇති කරගැනීමට සුදුසු තත්වයක් පැමිණ ඇත. ගොඩනැගිල්ලක් වෙනුවෙන් අයෝජනයක් යෙදේ. අහංකාරකම පෙරදැරි වෙයි. නෑදෑයන් අතර ඉස්මතුවීමට බලයි.

සුබ දිනය    :- ඉරිදා, සඳුඳා
සුබ වර්ණය    :- තැඹිලි, සුදු
ජය අංකය    :- 1, 7


වෘශ්චික       

සෑම අංශයකින්ම ආදායම්   

බොහෝ කාරණා ස්ව උත්සාහයෙන් ඉෂ්ට කරගැනීමට මෙය ප‍්‍රබල තත්වයකි. ආත්ම ශක්තිය හා ආත්ම අධිෂ්ඨානය වැඩිවෙයි. අය පක්ෂයද වැය පක්ෂයට වඩා ඉහළින් ඇති. බිස්නස්වලට  ආයෝජන යෙදීමට පවා මුදල් ඉතිරි කරගත හැකියි. ලබන්නට නියමිත මුදල් කොටස් වශයෙන් ලබයි. පාසල් අධ්‍යාපනය මේනම උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයද හිතකර විදියට කි‍්‍රයාතමක වෙයි. නව ඉම්, ගෙවල් සොයමින් යන්නන්ටද අවස්ථාව ලැබෙයි.  බුද්ධිය මෙහෙයවා කි‍්‍රයා කිරීමට හැකිය. බහුවිධ ආදායම් මාර්ග සඳහා ද ප‍්‍රවේශ විය හැකිය. වෘත්තීමය වශයෙන් විශේෂයෙන් පරිපාලනමය කටයුතු ඉතා සාර්ථකවත් කැපවීමෙනුත් කළ හැකිය. හදවත් රෝග, ලිවර් ආබාධ ඇතිවිය හැකිය.

සුබ දිනය    :- ඉරිදා, අගහරුවාදා
සුබ වර්ණය    :- රතු, කහ, තැඹිලි
ජය අංකය    :-  3,  9


ධනු           

නැති වූ දේවල් නැවත ලැබේ.    

අඩාමාන බිස්නස්  වෙනුවෙන් ආයෝජන යොදයි. ඒවා නිසා වියදම් ද පෙන්වයි. මෘදුකාංග, ප‍්‍රකාශන  අංශවල නියැළී සිටින අයටත් වියදම් පෙන්වයි. තම දරුවන් වෙනුවෙන් ද අමතර වියදම් පෙන්වයි. ගොඩගැසී තිබු ලිපි ගොනු නිරාකරණය වෙයි. බහුවිධ ආදායම් මාර්ග කරා ප‍්‍රවේශ වෙයි. පාසල් අධ්‍යාපනය ක්ෂේත‍්‍රයේ අයට තවමත් බාධාවන් ඇතිවෙයි. නමුත් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අයට යථා පරිදි කටයුතු කරගෙන යා හැකි ය. අය පක්ෂයේ වාසිය රඳවා ගැනීමට අපහසුතාවක් දැනේ. නැති වූ හා අස්ථානගත වූ තමන් සතු යම් යම් දේ නැවත සොයා ගැනීමට හැකිවෙයි. රුධිර දෝෂ , හදවත් රෝග, ලිංගේන්ද්‍රියන් ආශ‍්‍රිත ආබාධද ඉස්මතු විය හැකිය.

සුබ දිනය    :- බ‍්‍රහස්පතින්දා
සුබ වර්ණය    :- තැඹිලි, ලා නිල්
ජය අංකය    :-  1, 6


මකර       

ආයතන ප‍්‍රධානීන් සමග විරසක වේ.   

වෘත්තිමය උසස්වීම්වලට නිර්දේශ විය හැකිය. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට අපෙක්ෂාවෙන් සිටි අයට හිතකර  අවස්ථාවකි. ඉඩකඩම්, නිවාස අපේක්ෂා කරන අයට වාසි සහගත ලෙස ගනුදෙනු ඇති කරගත හැකිය. තම දේපොළවලින් ආදායම් ලබන අයට ද මේ සතියේ ආදායම් වැඩියි. තම පියා සම`ග මෙන්ම ආයතන ප‍්‍රධානීන් සම`ග ද විරසකභාවයක් ඇතිවිය හැකි ය. ගවේෂණ, පර්යේෂණ ආදියේ  යෙදෙන විශේෂයෙන් අධ්‍යාපන අංශවල අයට හොඳ අවස්ථාවකි. විදේශ මුලාශ‍්‍රවලින් ආදායම් ලබන අයටත් අපනයන ආනයනයේ යෙදෙන අයටත්  වාසිදායක අවස්ථාවකි. හෘදයේ ආබාධ හතිය වැනි ළය පීනස් රෝග ඇතිවිය හැකිය.

සුබ දිනය    :-  අගහරුවාදා, සෙනසුරදා
සුබ වර්ණය    :-  රතු, නිල්
ජය අංකය    :-  9, 6



කුම්භ           

උසස් වීම්වලට නිර්දේශ ලැබේ.  
 
උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් පෙන්වයි. ගොඩගැසී තිබූ කාර්යාල ලිපි ගොනු ක‍්‍රමයෙන් ලිහිල්වීමට පටන් ගනියි. උසස්වීම්වලට නිර්දේශයක් ලැබිය හැකිය. වේතන වැඩිවීමක් ද සිදුවිය හැකිය. අය පක්ෂය වැඩිවනවා සේම හදිසි ධන හානි ද සිදුවිය හැකිය. ඉස්මතු වෙමින් පවතින රාගය, කාමය වර්ධනය කරගැනීමට වෙරදැරීම නිසා මානසික ගැටුම් ඇතිවිය හැකිය.  අනුන් පාලනය  කළ හැකිය. අණ දිය හැකිය.  අධ්‍යාපනික කටයුතු සාමාන්‍ය මට්ටමින් පවත්වා ගත හැකිය.  රාජ්‍ය ප‍්‍රධානීන්ගේ උදහසට ලක්විය හැකිය. රූමෙටික් ආබාධ, හදවත් රෝග ඉස්මතු විය හැකිය.

සුබ දිනය    :-  සිකුරාදා
සුබ වර්ණය    :-  රතු, කහ
ජය අංකය    :-  2, 7


මීන              

ලැබෙන මුදල් ආයෝජනවලට

පවුල් ජීවිතයට  එතරම් සුභ නැත. විවාහ ජීවිතයේ ගැටුම් පෙන්වයි. හවුල් ව්‍යාපාරවලින් අලාභ පෙන්වයි. ලැබෙන මුදල පවා ආයෝජන වශයෙන් හෝ වෙනත් කාර්යයන්ට වියදම් කරයි. නැතහොත් නාස්ති කරයි. පෙම්වතුන් අධි කාමුක ගතිය ඉස්මතු කරගැනීම නිසා අපවාද අවලාද විඳියි. රහස් පේ‍්‍රමයන්  එළිවෙයි. උසස් ප‍්‍රභූන්ගෙන්  සහ ආයතන ප‍්‍රධානීන්ගෙන් පැසසුම් ලබයි. උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අය කි‍්‍රයාශීලී වෙයි. කැප වී කි‍්‍රයා කරයි. විදේශ මුලාශ‍්‍ර වලින් ආදායම් ලබන අයටත් ආනයන අපනයන කටයුතුවල යෙදී සිටින  අයටත් අවාසියක් නැත. රූමෙටික් අබාධ, කොන්දේ ආබාධ ඇතිවිය හැකිය.

සුබ දිනය    :- බ‍්‍රහස්පතින්දා, ඉරිදා
සුබ වර්ණය    :-  කහ, රෝස, තැඹිලි
ජය අංකය    :-  1, 4, 9


දු.ක. 071 - 5709000 /041 - 5709000





MOST VIEWED VIDEO STORIES

MORE >>