Back to Top

පියල් නිශාන්තගෙන් විස්කිරිඤ්ඤා සංග්‍රහයක්

November 26, 2016  




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 71 වන උපන් දිනයදා කැලණිය රජමහා විහාරයේ පැවති ආශිර්වාද පූජාවට සහභාගී වීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 45දෙනෙක් පාර්ලිමේන්තුවේ සිට බස් රථයකින් ගමන් කළා.

වාහන තදබදය නිසා රියදුරු වමෙන් ඉස්සර කර යද්දී ප්‍රසන්න රණවීර කෑගහුවා.

´´ඔන්න රවීට 2500ක් හොයලා දුන්නා"

"මොන 2500 ද විසිපන්දාහක් හොයලා දුන්නා" කියමින් රෝහිත දඩ මුදල නිවැරදි කළා.

බස් රථයේ සිටි මන්ත්‍රීවරුන් තේ ඉල්ලා රණ්ඩු කරද්දී ප්‍රසන්න රණවීර බස් රථය නැවැත්තුවා.

බස් රථයෙන් බැස්ස මන්ත්‍රීවරුන් තේ කඩයක් හොයාගෙන පයින් යද්දී දෙවන පාද යාත්‍රාව වගේ කියමින් තවත් පිරිසක් හිනාවුණා.

අවසා‍නයේදී හමුවූ තේ කඩයේදී මන්ත්‍රීවරුන් තේ බොද්දී ඔවුන්ට කන්න පියල් නිශාන්ත විස්කිරිඤ්ඤා පැකට් කිහිපයක් අරන් දුන්නා.

´´ඕං අදට ඔච්චර තමයි´´ කියමින් මන්ත්‍රීවරුන් තේ පැන් සංග්‍රහය භුක්ති වින්ඳා.


MOST VIEWED VIDEO STORIES

MORE >>