Back to Top

ආණ්ඩුවට ආවොත් අපට මාසයකට ලක්ෂ 7 ගානේ දෙනවාද ?

November 26, 2016  



පසුගිය සෙනසුරාදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස්වුණ වෙලාවේ 1972 ව්‍යවස්ථාවේ මූලධර්ම මත පිහිටා නව ව්‍යවස්ථාව සැකසීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා. සුසිල්ගේ ස්ථාවරය අගය කරමින් දිනේෂ් ගුණවර්ධන සහ උදය ගම්මන්පිල ඔහුට සුබ පතන්න තීරණය කළා.

දිනේෂ් සහ උදය ආණ්ඩු පක්ෂය දෙසට ගොස් ඇමති සුසිල්ට සුබ පතද්දී වේත්‍රධාරියා සෙංකෝලය රැගෙන පාර්ලිමේන්තු සභා ගර්භයට එනවා දුටුවා.

වහාම දිනේෂ් සහ උදය විපක්ෂය දෙසට දුවන්න හදද්දී ඇමති මලික් සමරවික්‍රම විහිලුවක් කළා.

´´දැන් ආපු එකේ ආණ්ඩු පක්ෂයේම ඉන්න´´

´´ආණ්ඩුවට ආවොත් අපට මාසයකට ලක්ෂ 7 ගානේ දෙනවාද ?" කියමින් උදය විහිලු කළා.

"ලක්ෂ නෙවෙයි ඊටත් වඩා දෙන්නම්" කියමින් මලික් සිනාසුණා.

"ඔයාලාගේ සල්ලිවලට අහුවෙනවා නම් මම ජනාධිපතිවරණයේදීම ඔය පැත්තේ නතර වෙනවනේ" කියමින් උදය විහිලුවෙන්ම උත්තර දී විපක්ෂයට ගියා.

MOST VIEWED VIDEO STORIES

MORE >>