රාජිත මට කියන්නේ තදින් ක්‍රියාකරන්න කියලද?
November 12, 2016
පසුගිය ඉරිදා නවදිල්ලි බලා ගිය ජනාධිපතිවරයා නැවතී සිටි හෝටලයට ධීවර සමුළුවකට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ධීවර ඇමති මහින්ද අමරවීර හදිසියේම පැමිණියා.
ජනාධිපතිවරයා සමග අමරවීර, ෆයිසර් මුස්තාපා සහ රාජිත සේනාරත්න සුහද කතාබහක නිරතව සිටියා.
මෙහිදී ඇමති රාජිත ජනපතිගෙන් ඉල්ලීමක් කළා.
"සර් විධායක ජනාධිපතිවරයෙක් ක්‍රියා කරන විදිහට ක්‍රියා කරන්න ඕන. ජේ.ආර්., චන්ද්‍රිකා, මහින්ද මේ හැමෝම විධායක බලතලත් එක්ක කටයුතු කළා."
"රාජිත මට කියන්නේ තදින් ක්‍රියාකරන්න කියලද ?"
"සර් ඉන්න විදිහ සාමාන්‍ය ජනතාවට නම් හොඳයි. ඒත් ඇමතිවරුන්ටත්, නිලධාරීන්ටත් මීට වඩා තදින් ඉන්න ඕන, නැත්නම් ඒක සර්ගේ දුර්වලකමක් විදිහටයි ඔවුන් හිතන්නේ"
රාජිතගේ පැහැදිලි කිරීම ජනාධිපතිවරයා හිසවනා අනුමත කළා.