Back to Top

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

October 28, 2016  



පසුගිය 26වෙනිදා අර්බුදකාරී තත්ත්වයන් හමුවේ කැඳවූ කෝප් කමිටුව ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. එම කමිටුවට කෝප් කමිටු සාමාජිකයින් 23දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ සිටියෝය.

 එහිදී මේ වනතෙක් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් වීමට තිබූ ඉඩකඩ අවසන් වෙමින් කෝප් කමිටුවේ සියලූ දෙනාගේ එකඟතාවයෙන් සභාපතිවරයා සකස් කළ වාර්තාව ඉදිරිපත් කිරීමට තීරණය විය.

 එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් කණ්ඩායමද වාර්තාවේ පළමු කොටසට සහ නිර්දේශවලට එකඟතාවය පළ කළ අතර ඔවුන්ගේ සංශෝධන ඇමුණුමක් ලෙස වාර්තාව සමඟ ඉදිරිපත් කිරීමට එකඟතාව පළවිය. අවසන් වාර්තාවේ නිර්දේශ ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් ගනුදෙනුවට වැරදිකරු බවත් වැරදිකරුවන්ට නීතිමය පියවර ගතයුතු බවටත් අලාභයක් සිදුවී ඇත්නම් එය අයකරගැනීමටත් මහ බැංකුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අවිශ්වාසය දුරු කිරීමට ක‍්‍රියාමාර්ග ගත යුතු බවටත් කරුණු වාර්තා වන බව හෙළිවේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයා එදින මධ්‍යම රාත‍්‍රිය පසුවන තුරුත් පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කළේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>