Back to Top

සාම පිපාසයෙන් සිටි කොලොම්බියා ජනපති නොබෙල් ත්‍යාගය දන් දෙයි

October 13, 2016  



2016 සාමය සඳහා වන නොබෙල් ත්‍යාගයෙන්  පිදුම් ලැබූ කොලොම්බියානු ජනාධිපති හුවාන් මැනුවෙල් සාන්ටොස්, තමන්ට ලද ත්‍යාග මුදල පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා පවසන්නේ වසර 52 ක් මුළුල්ලේ පවතින යුද ගැටුම්වලින් විපතට පත් වූවන් වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයෙන් ලද මුදල පරිත්‍යාග කරන බවයි.



ආගමික උත්සවයකට සහභාගී වූ කොලොම්බියා ජනාධිපතිවරයා මේ බව නිවේදනය කර තිබෙනවා. ඔහුගේ පවුලෙන් මේ සඳහා පුර්ණ අනුමැතිය ලැබුණු බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

ඔහු ඉකුත් දා මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ ෆාර්ක් ගරිල්ලන් සමග පවතින ගැටුම් නිම කිරීමට දරණ උත්සහය වෙනුවෙන්. ඊට අදාළව කොලොම්බියානු ජනාධිපතිවරයාට ඩොලර් නවලක්ෂ විසිපන් දහසක ත්‍යාග මුදලක් ද හිමි වුණා.



කොලොම්බියාවේ පවතින ගැටුම්වලින් පුද්ගලයින් දෙලක්ෂ හැට දහසකට අධික පිරිසක් දැනටමත් ජීවිතක්ෂයට පත්ව අවසන්. අවතැන් සංඛ්‍යාව ලක්ෂ 60කට අධිකයි.

ගැටුම් නිම කිරීමේ අරමුණින් ෆාර්ක් ගරිල්ලන් සමග ඉකුත් මාසයේ සාම ගිවිසුමකට ද අත්සන් තැබීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. එහෙත් ඉකුත් සතියේ පැවති ජනමත විචාරණයේ දී කොලොම්බියාවේ ජනතාව එය ප‍්‍රතික්ෂේප කළා.



කෙසේවුවත් මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයින් සහ ආයතන 376ක් අතරින් කොළොම්බියානු ජනාධිපතිහුවාන් මැනුවෙල් සාන්ටොස් 2016 නොබෙල් සාම ත්‍යාගය හිමි වන පුද්ගලයා ලෙස නම් කළේය.

ෆාක් කැරලිකරුවන් සමග වසර 04ක් තිස්සේ සිදු කළ සාකච්ඡාවකින් පසු සාම ගිවිසුමකට එළඹීමට කොළොම්බියානු ජනාධිපතිවරයා සිදු කළ කැපවීම අගයමින් ඔහු මෙම ත්‍යාගය සඳහා නම් කිරීමට නෝර්වේ නොබෙල් කමිටුව තීරණය කළා.



එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් නොබෙල් කමිටුව සඳහන් කළේ වසර පනහකට වැඩි කාලයක් පුරා කොලොම්බියාවේ පැවැති සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා ඔහු දැරූ නිර්භීත පරිශ්‍රමය වෙනුවෙන් ඔහු වෙත මෙවර සාම ත්‍යාගය පිරිනැමෙන බවයි.

එසේම මෙම සම්මානය අඩසිය වසකට වැඩි කාලයක් යුද්ධයෙන් පීඩාවට පත් කොලොම්බියානු ජනතාව වෙනුවෙන් බවද එම නිවේදනය තව දුරටත් සඳහන් කරයි.



මිලියන හයක පමණ ජනතාව අවතැන් කළ මේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ෆාර්ක් ගරිල්ලන් සහ කොලොම්බියානු රජය අතර සාම ගිවිසුම අත්සන් කරන ලද්දේ 260,000 කගේ ජීවිත අහිමි වීමෙන් පසුවයි.

එහෙත් දෙපාර්ශ්වය අතර ඇති වූ ඓතිහාසික ගිවිසුම පිළිබඳව පැවැති ජනමත විචාරණයේ දී එරට ජනතාවගෙන් 50.24% ක් එම ගිවිසුමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරමින් එය ප්‍රතික්‍ෂේප කරන ලදී.



ඒ සමගම ඓතිහාසික සාම ගිවිසුම අහෝසි වූ බැවින් නොබෙල් සාම ත්‍යාගය කොලොම්බියාවට පිරිනැමීම පිළිබඳව යම් කුකුසක් ලෝකයේ ඇති විය.

 එහෙත් මේ වන විට ජනාධිපති හුවාන් මැනුවෙල් සාන්ටොස් විසින් සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා සඳහා සියලු පක්ෂ වලට ජාතික සංවාඳයකට ආරාධනා කර සිිටියි.



මේ අතර සාම සාකච්ඡා සම්බන්ධයෙන් සියලු පක්ෂ තමන්ට අදාළ වගකීම ඉටු කරනු ඇතැයිද නොබෙල් කමිටුව බලාපොරොත්තු පළ කරයි.

2016 සාම ත්‍යාගය කොලොම්බියානු ජනාධිපතිහුවාන් මැනුවෙල් සාන්ටොස්ට ලබා දෙමින් සාම පිපාසයෙන් සිටි කොලොම්බියාවට සාමය, සංහිඳියාව සහ සාධාරණත්වය නොබෙල් කමිටුව ප්‍රාර්ථනා කරයි.



කෙසේ වෙතත් මෙම සාම ගිවිසුමට එළැඹීම, කොලොම්බියානු ජනතාව විසින් පසුගියදා පැවති ජනමත විචාරණයේදී ප්‍රතික්ෂේප කළ අතර, ඉතා සුඵ ඡන්ද සංඛ්‍යාවකින් මෙය පරාජයට පත් වුවත්, සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බව කොලොම්බියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම සාම වැඩපිළිවෙළේ මැදිහත්කරු ලෙස කියුබානු නායක රාහුල් කැස්ත්‍රෝ කටයුතු කළා.



නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීම දෙසැම්බර් 10 වනදා සිදු කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙම ත්‍යාගය ලබන පුද්ගලයා හෝ සංවිධානය අවසානයේ ප්‍රකාශයට පත්කරන තුරු එය අතිශය රහසිගත ලෙස තබාගැනීමට ඔවුන් කටයුතු කළ බවද සඳහන්.

අනුවාදයකි

MOST VIEWED VIDEO STORIES

MORE >>