Back to Top

ළමා දිනයට සැර‍සෙන ළමාවිය

September 26, 2016  

  ළමා දිනයට සැර‍සෙන ළමාවිය


ලෝක ළමා දිනය අභියස සිටින අද දරුවන් කෙරෙහි සමස්ත සමාජයේම තියුණු අවධානයක් ලහි ලහියේ යොමුවීමේ අවශ්‍යතාවයක් පවතින බව සමස්ත වැඩිහිටි සමාජයම අවිවාද‍යෙන් එකඟවන සත්‍යයකි.රටක් වශයෙන් ගත්තද,ගමක් වශයෙන් ගත්තද, පවුලක් වශයෙන් ගත්තද එහි වටිනාම සම්පත දරුවන්ය.ඒ මේ රටේ,ගමේ හා පවුලේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය හෙවත් කොදුනාරටිය ඔවුන් වන බැවිණි.

ඉහත අවස්ථා තුනේදීම දරුවා යන්න තීරණාත්මක සාධකය බවට පත්වුවත් එම දරුවා ගමටත්,රටටත් පිවිසෙන්නේ පවුල් ඒකකය තුළින් නිසා මෙහි ප්‍රධාන සංධිස්ථානය වන්නේ පවුල් ඒකකයයි.එම නිසා දරුවන් පිලිබඳව කථා කරන විට සමාජයේ සෑම පුරවැසියෙකුගේම වැඩි අවධානය යොමු විය යුත්තේ තම පවුල් ඒකකය තුළ සිටින තමා යටතේ වැඩෙන දරුවා පිලිබඳවයි. එතැනින් ඔවුනට ලබාදෙන ආදර්ශය සමාජය තුළ ඔවුන් යහපත් පුරවැසියෙක් වෙනවාද? එසේත් නැත්නම් අයහපත් පුරවැසියෙක් වෙනවාද? යන්න තීරණය කරයි.



ජීවිතයේ මෙම ස්ථානය මඟහැරුණු අවාසනාවන්ත චරිත අප සමාජයේ කොතෙකුත් ඇත්තේය.එය එ‍සේම වූ කල්හි එහි වගකීම ‍දෙමාපියන් සතු කාර්යයක් ‍මෙන්ම ඔවුන් සතු වගකීමකි.නමුත් වර්තමානය වන විට ‍දෙමාපියන් සතු වගකීම දි‍නෙන් දින මඟ හරිමින් ති‍බේද? නැතිනම් මඟහැරී යනවාද? යන්න ගැටළුසහගත තත්ත්වයකි.

ළදරු අවධියේ යුදෙව්වරුන්ගේ දැඩි පීඩනයට ලක්වූ කුඩා හිට්ලර් අවසානයේ නතර වුයේ ලක්ෂ 10ක් පමණ යුදෙව්වරුන් ඝාතනය කිරීමෙනි.මුසෝලිනී වැනි ඝාතකයන් නිර්මාණය වන්නේද ඔවුන් ළමා අවධියේ ලබාගත් අමිහිරි ආදර්ශයන් හේතුවෙනි.තරුණ අංගුලිමාල නිර්මාණ වන්නේත් වැරදි ගුරු මඟපෙන්වීම හේතුවෙනි.සමීපතම මතකය ලෙස උතුරේ හිටපූ කොටි නායකයා නිර්මාණය වන්නේත් දහස් ගණනින් ජීවිත බිලිගත්තේත් ඔහුට ලබාදුන් වැරදි මඟපෙන්වීම හේතුවෙනි.



මේ ආකාරයට ජාත්‍යන්ත‍රයේ හා ජාතික තලයේ බොහෝ නිදසුන් ගෙනහැර දැක්විය හැක.මේවා ඉතිහාසගත සාක්ෂි වන අතර මෙපමණක් යයි කිසිවකුටත් කිව නොහැක.ඉහත ආකාරයේ චරිත අප අවට සමාජයේ ‍කො‍තෙකුත් දක්නට ඇත.සමහරක් විට අප පවුල් තුළම දක්නට ඇත.ඔවුන්ගෙන් සමහරක් දෙස බලන විට ඉහත ආකාරයේ විනාශයක් “මොවුන්ගෙන් සිදුනොවුයේ ඒ සඳහා ඔවුනට අවස්ථාව නොලැබුණු නිසාදෝ” යයි සිතන්නට හැ‍ඟේ.වර්ථමානයේ දරුවන් ඉහත අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුවත් මෙම සෑම දරුවකුම තම දෙමාපියන් බිහිකරන්නේ අනේක බලාපොරොත්තු පොදි බැදගෙනය.

එනම් සෑම දෙමාපියෙක් තුළම තම දරුවා තුළින් දිනාගත යුතු ආත්මාර්ථකාමී බලාපොරොත්තු පොදියක් තිබෙනවා යන්න තිත්ත වූ සත්‍යයයි.එම බලාපොරොත්තුවල පොදු ලක්ෂණ මෙන්ම එකින් එකට පරස්පර වූ ලක්ෂණ ද පවතී.පොදු වූ අපේක්ෂාවක් ලෙස සෑම දෙමාපියෙකුම “තමන්ට බැරි වූ කල අපේ දරුවන් අපව හොදින් රැකබලා ගතයුතුයි” යන්න ඉන් එකක් පමණි.



 මීට අමතරව පරම්පරාව ඉදිරි‍යට ගෙනයාම,දේපල ආරක්ෂා කිරීම,පවුලේ දියුණුවට කටයුතු කිරීම වැනි බලාපොරොත්තු රාශීයක් පොදිබැදගෙන තමා දෙමාපියන් දරුවකු මෙලොවට බිහිකරයි.මෙසේ බිහිකරන දරුවා ඔවුන්ගේ ඒ සියලු බලාපොරොත්තු කණපිට හරවමින් තම දෙමාපියන් මහළු නිවාස වෙත යොමු කරන තත්ත්වයට,එසේත් නැත්නම් තම නිවසේම මෙහෙකාර තත්ත්වයට පත්වීමට සිදුවී ඇත.මෙවැනි අවාසනාවන්ත ඉරණමක් ඔවුනට උදාවන්නේ ඇයි? ඔවුන් දරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ අපේක්ෂා නොකළයුතු අංගයක්ද? මෙහි කිසියම් තැනක වරදක් ඇති බව නම් පැහැදිලිය.එම වරද සොයායාම අද කාලීන අවශ්‍යතාවයකි.

පවුල් ඒකකයක් තුළ අධිකව මුදල් පවතින විටත්,ඒවා නිසි පාලනයක් යටතේ නොපවතින විටත්,එම පවුල් ඒකකය තුළ විවිධ වූ ගැටළු පැනනැගේ විශේෂයෙන් එවැනි පවුල්වල සිටින පිරිස් යථාර්ථවාදීව ජීවිතය දකිනවා වෙනුවට විනෝද ජනක කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්වයි.මේ හේතුව නිසා සමාජයේ දැකිය යුතු බොහෝ දෑ ඔවුනට ඇස නොගැටී මඟහැ‍රෙයි.



නමුත් වර්තමාන සමාජය තුළ ‍බො‍‍හොමයක් දරුවන් ‍තනිව ජීවත්වීමට පුරුදුවී ඇති තත්ත්වයක් දක්න ලැ‍බේ.එයට ‍හේතුවී ඇත්තේ කුමන කරුණු කාරණාද යන්න ‍සොයා බැලී‍‍මේදී තහවුරු වී ඇත්තේ විද්‍යාවේ හා තාක්ෂණ‍යේ දියුණුව ඊට ප්‍රබල ‍ලෙසම බලපා ඇති බවයි.විද්‍යාව හා තාක්ෂණයට එය භාර ‍කොට බලා සිටිය හැකිද? එය කිසි‍සේත් සිදු කළ හැකි ත්ත්වයක් ‍‍නො‍වේ.දි‍නෙන් දින සමාජය තුළින් පිරිහී යන සමාජ සංස්කෘතිය නැවත ‍ගොඩනැඟිය යුතුය.එය කාලීන අවශ්‍යතාවයකි.


අනුවාදයකි






MOST VIEWED VIDEO STORIES

MORE >>