Back to Top

සර්ගේ නීති දැනුම ගැන මම අභියෝග කරන්නෑ

September 26, 2016  



පළාත් පාලන මැතිවරණය කල් යෑම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගේ සාකච්ඡාවක් පසුගියදා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ, උදය ගම්මන්පිල සමග මහාචාර්ය ජී.එල්. පීරිස් එක්වුණේ මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමට අනුවයි.

´අපට ඡන්දය කල් දාන්න කිසිම වුවමනාවක් නෑ, ඇමතිවරයා සීමා මායිම් සංශෝධනය කරද්දී කොහොම ද ඡන්දයක් තියන්නේ´ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සාකච්ඡාව ආරම්භයේදී ප්‍රශ්නයක් මතු කළා.´ ඊට උදය ගම්මන්පිල උත්තර දුන්නා.

´පනතේ ඉ ඈ (2) වගන්තියේ ඉතාම පැහැදිලිව තියනවා. ඇමතිවරයා මායිම් සංශෝධනය කළොත් ඒක ගැසට් කළාට පස්සේ එන මැතිවරණයටයි වලංගු වන්නේ කියලා ඇයි ඡන්දය තියන්න බැරි´.

´එහෙම කළොත් උසාවි යන්න පුළුවන්´

´මැතිවරණය වෙලාවට පවත්වන එක කොමිසමේ රාජකාරිය, උසාවි යන කෙනෙකුට උසාවි යන්න කියලා ඔබතුමා ඡන්දය තියන්න, ඡන්දය තියාන්නෑ කියලා උසාවි යනවට වඩා ඡන්දය පවත්වනවා කියලා උසාවි යන එක නම්බුකාරයි නේද ?´ බැසිල් රාජපක්ෂ පෙරලා ප්‍රශ්න කළා.

අධිකරණ නියෝගයක් නැති නිසා නීතියෙන් ඡන්දය තියාන්න කිසිම බාධාවක් නෑ´ නීති මහාචාර්ය ජී.එල්. පීරිස් ද මෙහිදී පෙන්වා දුන්නා.

´සර්ගේ නීති දැනුම ගැන මම අභියෝග කරන්නෑ, ඇමතිවරුන්ට ඕනෑ විදිහට ඡන්ද කල් දානවා නම් ස්වාධීන කොමිසමක් කියන්න බෑ, දෙසැම්බරයේවත් අපිට ඡන්දය පවත්වන්න පුළුවන් වටපිටාවක් හැදුනේ නැත්නම් මේ කොමිසම තිබිලා වැඩක් නෑ´.

මහින්ද දේශප්‍රියගේ එම ප්‍රතිචාරයෙන් පසුව වාද විවාද අවසන් වුණා.

MOST VIEWED VIDEO STORIES

MORE >>