Back to Top

සර් අලුත් පක්ෂය මහින්දලා බැසිල්ලා හදනවලු

September 26, 2016  



පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ගිය අගමැතිවරයා වට කරගත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කළා.

අගමැතිවරයා වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ගැන කතා කරද්දී ඇමති වජිර අබේවර්ධන ඊට උඩගෙඩි දුන්නා.

´දොස්තරලාගේ දරුවන්ට මේ රටේ සුපිරි පාසල් දෙනවා නම් ඒ අයිතිය කම්කරුවන්ගේ දරුවන්ටත් තියෙන්න ඕනේ, ඒක පුරවැසි අයිතිවාසිකමක්.´

වජිරගේ කතාවෙන් පසුව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක ආවේගයෙන් කතා කළා.

´දොස්තරලා පාතාලේ අය වගේ අධ්‍යාපන අමාත්‍යාංශයට‍ රිංගා ගත්ත වෙලාවේ ගහලා එ‍ලෙව්වේ නැත්තේ ඇයි කියලා මිනිස්සු අපෙන් අහනවා, රාජපක්ෂ නඩය පාර්ලිමේන්තුවට රිංගා ගෙන රෑ නිදා ගත්තා වගේ ඒ අයගෙන් උපදෙස් අරගෙන වැඩ කරලා තියෙන්නේ´

රංජන්ගේ කතාවෙන් පසුව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ඒකාබද්ධ විපක්ෂය ගැන හෙළි දරව්වක් කළා.

´සර් අලුත් පක්ෂය මහින්දලා, බැසිල්ලා හදනවලු, ඒකේ නම ජාතික පෙරමුණ කියලා ආරංචියි, ලකුණ නෙළුම් මල ද පොහොට්ටු ද කියලත් ආරංචියි. හැබැයි වෙල්ගම පස්ස ගහනවා කියලත් ආරංචියි.´

´ආ... ඇත්ත ද ? යනුවෙන් කිරිඇල්ලගේ කතාව මහත් උනන්දුවෙන් අහගෙන හිටපු අගමැතිවරයා ඇහුවා.


MOST VIEWED VIDEO STORIES

MORE >>