Back to Top

විවිධ සුධීමතුන් එකම වේදිකාවක හමුවන

September 14, 2016  

විවිධ සුධීමතුන් එකම වේදිකාවක හමුවන


ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමින් මෙන්ම ප්‍රදේශීය මට්ටමින්ද විවිධ ක්ෂේත්‍රයන් උදෙසා විවිධ සම්මාන උළෙල දක්නට ලැබෙයි.ඒ අයුරින් ඇතැම්විට වාර්ෂිකවද, තවත් විටෙක ද්විත්ව වාර්ෂිකවද සාහිත්‍ය කලා, නාට්‍ය, සිනමා, ක්‍රීඩා ආදී සම්මාන උළෙල විවිධ සංවිධායකයින් විවිධ අනුග්‍රාහක භවතුන්ගේ සහයෝගයෙන් යුතුව පවත්වනු ලබයි. එසේ වුවද සියලුම ක්ෂේත්‍රයන්හි ඇගයීමට ලක්විය යුතු විවිධ කෞෂල්‍යයන්ගෙන් හෙබි පිරිස් එකම සම්මාන වේදිකාවක හමුවීමක් කිසිසේත්ම සිදුනොවේ. එහෙත් දිවයිනේ ප්‍රථම වරට අදදෙරණ විසින්  "2016 වසරේ ශ්‍රී ලාංකිකයා" ට සම්මාන පිදෙන උත්කර්ෂවත් සම්මාන රාත්‍රීයේදී විවිධ ක්ෂේත්‍රයන් තුළින් විවිධ කෞෂල්‍යයන් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විදහා දැක්වූ ලාංකිකයින් ඇගයීමට ලක්වනු ඇත.

                           ශ්‍රී ලාංකේය අභිමානය ජාතික තලයේදී මෙන්ම ජාත්‍යන්තර තලයේද උත්කර්ෂයට නැංවූ මෙවන් අභිමානවත් පුද්ගලයින් ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ, ව්‍යවසායකත්ව, විනෝදාස්වාදනය ඇතුළු  විවිධ ක්ෂේත්‍රයන් ආශ්‍රයෙන් 13 දෙනෙකු සම්මානයට පාත්‍රවනු ඇත. එහෙත් මෙහිදී දේශපාලන ක්ෂේත්‍රය සලකා නොබැලෙයි.එහෙත් කෙටි පණිවිඩ සේවාව ඔස්සේ" ජනප්‍රියතම ශ්‍රී ලාංකිකයා"තෝරාපත් කර ගැනීමෙන් ඔහුට  "ජනවිරාජ" සම්මානය පිරිනැමෙන අතර මීට අමතරව මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකළ මුත් මෙතෙක් ඇගයීමට ලක්නොවුණු ශ්‍රී ලාංකිකයා ඇගයීම සඳහා  පිදෙන ´අනභිනන්දිත´ සම්මානයද මෙම උත්කෘෂ්ඨ සම්මාන 13ට අයත්ය. මෙම සුවිශේෂී සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන සැප්තැම්බර් මස 23වන දින හිල්ටන් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

                 ප්‍රථමයෙන්ම විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ලාංකීය අභිමානය ඔප් නැංවූ රටේ සම්මානයට පාත්‍රවිය යුතු ගෞරවනීය පුද්ගලයින් පිළිබඳ අද දෙරණ ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු කණ්ඩායමක් විසින් පුරා මාස 6ක පමණ කාලයක් තිස්සේ සමීක්ෂණය කර තිබේ. එම සමීක්ෂණයෙන් ලැයිස්තු ගත කරන ලද සියයක පමණ පිරිසක් කෙටි ලැයිස්තු ගත කොට  මෙවන් අභිමානවත් සම්මාන රාත්‍රීයක සම්මාන ලැබීමේ සුදුස්සන් තෝරා ගනු ලබන්නේ අදාළ සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි කුසලතා පළ කළ ප්‍රවීණ, උගත්, බුද්ධිමත්  සුවිශේෂී ජූරියක් මගිනි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ජේ.බී දිසානායක, ජෙනරාල් දයා රත්නායක, දේශමාන්‍ය රාධිකා කුමාරස්වාමි, ඩයන් ගෝමස්, විජිත යාපා, නාලක ගුණවර්ධන, ජෙසීමා ඉස්මයිල්, චන්ද්‍රන් රත්නම් යන විශේෂඥයින් නවදෙනාගෙන් මෙම ජූරිය සමන්විතය.

රටට දැයට අනූපමේය නිහඬ සේවයක් කළ සුධීමතුන්ට හිමිවිය යුතු නිසි ගෞරවය ලබාදීමටත්,එවන් සේවයක් කරන පිරිස් තවදුරටත් දිරි ගැන්වීමටත් "2016 වසරේ ශ්‍රී ලාංකිකයා" සම්මාන උළෙල රුකුලක් වනු ඇතැයි සංවිධායකයින් බලාපොරොත්තු වෙයි.




  •  කථානායක විසින් නම් කොට උස්සා එළියට දැමු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායක විසින් නම් කොට උස්සා එළියට දැමු ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු

    Full Story ...
    Readers Say ()
  •  නබඩගස්වැව කැලෑ කපයි! අලි ගම්වදියි! නබඩගස්වැව කැලෑ කපයි! අලි ගම්වදියි!

    Full Story ...
    Readers Say ()
  •  දුප්පත්කමින් මිදෙන්න වකුගඩු විකුණු මිනිස්සුන්ගේ කතාව දුප්පත්කමින් මිදෙන්න වකුගඩු විකුණු මිනිස්සුන්ගේ කතාව

    Full Story ...
    Readers Say ()
  • මොකක්ද මේ කෝප්? මොකක්ද මේ කෝප්?

    Full Story ...
    Readers Say ()
  •  මාදුරුඔය ජාතික වනෝද්‍යානය අවට අක්කර 4200ක කැලෑ කපයි මාදුරුඔය ජාතික වනෝද්‍යානය අවට අක්කර 4200ක කැලෑ කපයි

    Full Story ...
    Readers Say ()
  •      බානු අත්අඩංගුවට - ගංගා තාම නෑ බානු අත්අඩංගුවට - ගංගා තාම නෑ

    Full Story ...
    Readers Say ()
  •  හම්බන්තොට වන අලි තර්ජනයේ ඇත්ත කතාව.. හම්බන්තොට වන අලි තර්ජනයේ ඇත්ත කතාව..

    Full Story ...
    Readers Say ()
  • විවිධ සුධීමතුන් එකම වේදිකාවක හමුවන විවිධ සුධීමතුන් එකම වේදිකාවක හමුවන

    Full Story ...
    Readers Say ()
  • වරාය නගරය මුල්‍ය නගරයට මාරුකර තනන චීන කොලණිය වරාය නගරය මුල්‍ය නගරයට මාරුකර තනන චීන කොලණිය

    Full Story ...
    Readers Say ()
  •  අඩුපාඩුවලින් අඩුවක් නැති උතුරේ සිංහල ගමක් අඩුපාඩුවලින් අඩුවක් නැති උතුරේ සිංහල ගමක්

    Full Story ...
    Readers Say ()

MOST VIEWED VIDEO STORIES

MORE >>