Back to Top

මෙතන කවුරුහරි ඉන්නවද දුම්කොළ බදු ඉහළ දානවට විරුද්ධ අය

September 10, 2016  



පසුගිය කැබිනට් රැස්වීමේ මුලසුන ඉඳගත් ජනාධිපතිවරයා සිගරට් බදු ප්‍රශ්නය මතු කළා.

"මෙතන කවුරුහරි ඉන්නවද දුම්කොළ බදු ඉහළ දානවට විරුද්ධ අය"

මුළු කැබිනට් මණ්ඩලයම තුෂ්තීම්භූත වී බලාගෙන ඉද්දී ජනාධිපතිවරයා යළිත් හඬ අවධි කළා.

"කවුරුත් විරුද්ධ නෑ වගේ "

"එහෙනම් අපි ලබන සතියේ තීන්දුවක් ගමු " අගමැතිවරයා එකඟත්වය දන්වා සිටියා .

පාර්ලිමේන්තුවට ගිය අගමැතිවරයා සමඟ එක්සත් ජාතික පක්‍‍‍ෂයේ  මැති ඇමතිවරු වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කළහ.

"ජනාධිපතිතුමා කුරුණෑගල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා කරපු කතාවෙන් ශ්‍රී ලංකා කාරයෝ ‍ෆෝම් වෙලා , දැන් අපේ අයට බනින්නත් පටන් අරන්"

"අපේ මහලේකම්තුමා ඒකට ගියපු එක හොඳයි. ජනාධිපතිතුමා අත ලකුණින්නේ  ඉල්ලන්නේ අපිත් 2020 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදනවා. ඒ ගැන විශ්වාසයෙන් වැඩ කරන්න "

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න කතා කරද්දී, අගමැතිවරයා එ.ජා.ප ආණ්ඩුවක් හදන්න ඒ විදිහට කතා වුණා.

MOST VIEWED VIDEO STORIES

MORE >>