Back to Top

වරාය නගරය මුල්‍ය නගරයට මාරුකර තනන චීන කොලණිය

August 18, 2016  



වරාය නගරය  මූල්‍ය නගරය ලෙස නම වෙනස් කර චීන කොලණිය නිර්මාණය කිරීම මේවන විට ආරම්භ කර ඇත. එමෙන්ම වරාය නගරය මූල්‍ය නගරය බවට නම වෙනස් වූවාට එයින් සිදුවන දැවැන්ත පාරිසරික අර්බුදය හා සමාජ අර්බුදය වෙනස් වන්නේ නැත. පසුගිය කාලය පුරාවට ජන්දය ජය ගැනීමේ උපාය මාර්ගයක් ලෙස  මෙම වරාය නගරය නවතා දමන බවට පොරොන්දු දුන් ආණ්ඩුව ජාතික භෞතික සැලැස්මේ සැලසුම්ගත ආකාරයට චීන වරාය නගරය ඉදිකිරීමට මේ වනවිටත් කටයුතු කරගෙන යනු ලබයි.

නමුත් අපගේ ඉල්ලීම වුයේ මෙහි හානිකර තත්ත්වය පිළිබඳ සලකාබලා මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙසයි. මෛත්‍රී පාලනය විසින් එය නවතා දමනවා වෙනුවට පරිසර තක්සේරු වාර්ථාවක් සිදුකර වරාය නගර ව්‍යාපෘතිය  මූල්‍ය නගරය ලෙස ඉදිරියට කරගන යාම සඳහා මේවන විට අවශ්‍ය පියවර ගෙන ඇත.

One Road One Belt  නැමති සංකල්පය මුල් කරගනිමින් නව සේද මාවත නිර්මාණය කිරීම ආරම්භ කර ඇත. ඉතාලීයේ වැනීසියේ සිට  මොස්කව්, ඉස්තාන්බුල්, නයිරෝබි, ශ්‍රී   ලංකා, ක්වාලාලාම්පූර්, සහ චීනයේ නගර තුනක් යා කිරීම  මගින් ලෝකයේ නාවික හා ගොඩබිමේ බලය තහවුරු කිරීම චීනය විසින් මේ වන විට සිදුකරමින් ඇත. එමෙන්ම පසුගිය වසර දෙක සහ මෙම වසරේ චීනය විසින් නිර්මාණය කළ වෙළඳ ගිවිසුම් පිළිගන්නා රටවල් 65 අතරට ශ්‍රී   ලංකාවද ඇතුළත් වන අතර එම එකඟතාවයන් මත නව මූල්‍ය නගරය නිර්මාණය කිරීම සිදුකරනු ඇත.
 
මෙම මූල්‍ය නගර ව්‍යාපෘතියේ හවුල්කරුවන් ලෙස ලෝකයේ ස්වභාවික පරිසරය හා ජන ජීවිත වලපල්ලට දමා සිය ව්‍යාපාර කරන සමාගම් වන Jill ඉඩම් හා දේපල සමාගම,Pinsent Masons නීතිඥ සමාගම, PWC මූල්‍ය සමාගම, AECOM සේවා සමාගම, ATKINS සැලසුම් සමාගම, SWECO උපදේශක සමාගම වැනි බහුජාතික සමාගම් චීන රජය සමග අත්වැල් බැඳගෙන ඇත.

කොළඹ දකුණු වරායේ සිට කොළඹ වරාය පර බ දීපාගාරය මායිම් කරගනිමින් අක්කර පන්සිය හැත්තෑපහක් (575) මුහුදෙන් ගොඩකරමින් මෙම නගරය ඉදිකිරීම හීන්සීරුවේ කරගෙන යන අතර ජලය ගෙන එන ඇල වේලි ආදිය නිර්මාණය කිරීමෙන් අනතුරුව මූල්‍ය නගරය වෙනුවෙන් යටවන සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර 1,200 කි.

කෙසේ වෙතත් මුල්‍ය නගරය ඉදිකිරීමෙන් අනතුරුව නගරයේ පාලනය චීන රජයට අයත් සමාගම් කිහිපයක් මගින් සිදුකරන අතර  කොළඹ ඉදිකරන චීන කොළණිය මෙරට දේශපාලනිකව චීනයට යටත් කිරීමේ දැවැන්ත ක්‍රියාදාමයක සංදිස්ථානයකි.  මේ වන විට ලෝකයේ පියස්ස ලෙස හැඳින්වූ ටිබෙටයට චීනය අත්පත් කර ඇති දරුණු ඛේදවාචකයෙන්  එය මනාව අවබෝධ කර ගත හැකිය. මාස තිස් නවයකින් ඉදිකිරීම් නිම කිරීමට බලාපොරොත්තුවන මෙම චීන මූල්‍ය නගරයේ, සුපිරි වෙළදසැල්, ජල ක්‍රීඩාංගණ, ගොල්ෆ් පිටි, හෝටල් සංකීර්ණ, සුපිරි නිවාස සංකීර්ණ, ජලජ ධාවන පථ හා ගොඩබිම් ධාවන පථ (කාර් රේස් හා බෝට්ටු රේස් යාම සඳහා) කැසිනෝහල් හා තවත් බොහෝ දේ ඉදිකිරීමට නියමිත අතර මෙහි ආදායමෙන් විශාල ප්‍රමාණයක් චීනයට ගලා යනු ලබයි.

අනෙක් අතට චීනයේ ඇති දූෂිතම සමාගමක් වන චීන කමියුනිකේෂන් කම්පැනි ලිමිටඩ් ආයතනය සඳහා කැබිනට් අනුමැතිය 2014 වර්ෂයේ ලබා දී ඇති අතර 2014 සැප්තැම්බර් 17 දින මෙය නිල වශයෙන් ඉදිකිරීම් ආරම්භ කරන ලදුව යහපාලන රජය බලය ඩැහැගැනීමට මෙම නගරය ඉදිකිරිම නතර කරන බව පැවසුවත් එය වඩා හොදින් සිදුකරන විට බොහෝ දෙනා නිහඬව බලා සිටි.

සාමාන්‍යයෙන් මෙවන් දැවැන්ත ව්‍යාපෘතියක් කිරීමේ දී මෙහි ලංකාවට හා එය පුරවැසියන්ට ඇති අවශ්‍යතාවය සලකා බැලිය යුතු අතර ඉදිවන මෙම සුපිරි චීන නගරය තුළ වඩාත් අවස්ථා උදාකර ඇත්තේ චීන ව්යා පාරිකයන්ටයි.

ලංකාවේ සංවර්ධනය ගැන කියමින් චීනයේ අවශ්‍යතාවයන් මත ඉදිවන මෙම චීන මුල්‍ය  නගරය ව්‍යාපෘතිය ඉතා බරපතළ ලෙස ලංකාවේ සෛවරීභාවයට හානි ගෙන දෙන අතර අනාගතයේ මුලූමනින්ම ලංකාව, චීනයේ යටත් විජිතයක් වීමට අවශ්‍ය සියලූ දේ මේ හරහා සිදුවෙමින් පවතියි.

මෙවන් ව්‍යාපෘතියක් සිදු කිරීමේ දී ස්වභාවික පරිසරයට, කලපු පරිසර පද්ධතියට, කොරල් පරිසර පද්ධතියට ,මුහුදු පරිසර පද්ධතියට සිදුවන හානිය පිළිබඳ සලකා බලා මෙම ව්‍යාපෘතිය නවතා දැමිය යුතුය.

මෙ නගරය සඳහා මුලික තක්සේරුව ලබා දී ඇත්තේ ආරියශීලී වික්‍රමනායකගේ සභාපතීත්වයෙන් පවත්වාගන යනු ලබන ව්‍යාපාරයක් වන මාස්ටර් ඩයිවර්ස් ආයතනය විසිනි. දෙවනුව පරිසර තක්සේරු වර්තාවක් සිදුකර ඇති අතර එය විසින් ව්‍යාපෘතිය කරගන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන ඇත. නමුත් ව්‍යාපාරිකයන්ගේ අනුමැතිය මත රටේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවිත වලදමන්නට රජයක් තීරණය කරන්නේ කෙසේ ද? යන ප්‍රශ්නය ඉතිරිවන අතර මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී හා පරිසර විරෝධී, සෙබාදහම වනසන ව්‍යාපෘතියකි.

අප සංගමය මගින් මානව හිමිකම් කොමිසම හමුවේ වරාය නගරයට එරෙහිව පවත්වාගෙන ගිය පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ පරිසර අධිකාරිය පවා මෙම ව්‍යාපෘතිය නිතී විරෝධී බව පිළිගනු ලැබීය. එවන් නීති විරෝධී ව්‍යාපෘතියක් නීතිගත කිරීම උත්සාහයක් නව පරිසර තක්සේරු වාර්ථාවෙන් සිදුකර ඇත. වරාය නගරයක් පිළිබඳව මෙයට පෙර අපසතුව අධ්‍යයනයක් හෝ අත්දැකීම් නැති නිසා 2003 වර්ෂයේ ඩුබායි රජය විසින් ඉදිකරන ඩුබායි ෆාම් වරාය නගර ඉදිකිරීමෙන් අනතුරුව වසර දහයකට පසු එම පරිසර පද්ධතියට හා අවට ධීවරයන්ට සිදු වී ඇති බලපෑම මෙහි කෙටියෙන් සටහන් කිරීම යෝග්‍ය යයි සිතමු.

දෙදහස් තුන වර්ෂයේ සිට මේ දක්වා ඩුබායි ෆාම් වරාය නගරය ඉදිකරවන වසර එකොලහක කාලයක් ගතවන තැන මේ පිළිබඳව අධ්‍යයනවල නිරත වූ ලන්ඩන් හි ස්වාභාවික සම්පත් කෞතුකාගාරයේ ආචාර්ය ඩේවිඩ් ජෝර්ජ් පවසන්නේ මෙමම නගරය ඉදිකිරීමට පෙර හා පසු තත්ත්වයන් සලකා බලන විට එම මුහුදේ, මුහුදු පැලෑටි, ජීවීන් හා සමස්ථ මුහුදු පරිසර පද්ධතියටම විශාල හානියක් සිදු වී ඇති බවයි.
ලංකාවේ ඉදිකිරීමට නියමිත මෙම වරාය නගරයට සමාන වන ඩුබායි රටේ වරාය නගරය ඉදිකිරීම වෙනුවෙන් කලූගල් කියුබික් මීටර් මිලියන 5.5 ක් ගෙනවිත් මුහුදු පත්ලට දමා ඇති අතර, ගැඹුරු මුහුදේ හා වෙරළ තීරවලින් මෙම ව්‍යාපෘතියට ලබාගත් වැලි ප්‍රමාණය කියුබික් මීටර් මිලියන 94 කි.

ලොව පුරාම මුහුදු පරිසර පද්ධතිය පිළිබඳ අධ්‍යයනයක් සිදුකරන ග්‍රීන්පීස් ආයතනයට අනුව මෙම වරාය නගරය ඉදිකිරීමේ දී සිදු වූ දැවැන්ත හානිය නිසා මුහුදු ජීවීන්ගේ වාසස්ථාන විශාල වශයෙන් විනාශ වීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාරයට ගන්නා මත්ස්‍යයින් ඇතුලූ අනෙක් ජීවීන් විශාල වශයෙන් විනාශ වූ අතර, එය ඩුබායි සමුද්‍ර පරිසර පද්ධතියට මෙන්ම ධීවරයන්ට විශාල බලපෑමක් එල්ල කළ බවයි.

එක්සත් රාජධානියේ (ද ඉන්ඩිපෙන්ඩන්ට්)_ පුවත්පත කරන ලද විශ්ලේෂණාත්මක වාර්තාවක ඩුබායි වරාය නගරය කොරල්පර හා මුහුදු පරිසර පද්ධතියට දැවැන්ත හානියක් අත්පත්කර දුන් බව පෙන්වාදෙන අතර ධීවර ක්ෂේත්‍රයට එහි සැලකිය යුතු බලපෑමක් එල්ල වූ බව පෙන්වා දේ.

නියමිත පරිසර ඇගයීමක් හෝ සොබාදහම පිළිබඳ අබමල් රේණුවක අවබෝධයක් නොමැතිව කරන මෙවන් දැවැන්ත ව්‍යාපෘති ඩුබායි හි සමුද්‍ර පරිසර පද්ධතිය මෙන්ම ධීවරයන්ගේ ජීවිතය විනාශ කළා මෙන්ම ලංකාව තුළ ද එය එසේ සිදුවනු ඇත.
චීන මූල්‍ය නගර ව්‍යාපෘතිය නිසා දැවැන්ත හානියක් බටහිර වෙරළ තීරයට හා මුහුදු කලාපයටත් කලපු පරිසර පද්ධතියටත් සිදුවනු ඇත. විශේෂයෙන්ම ඉදි කිරීම් සිදුකිරීමේ දී වෙරළ තීරයෙන් හා ගැඹුරු මුහුදේ වැලි කියුබික් මීටර් දහස් ගණනක් ගතයුතු වේ. මෙලෙස විශාල වැලි තොගයක් ඇදීමේ දී වෙරළ තීරයේ ඛාදනය වඩා ත්‍රීව් වන අතර පානදුර, අඟුලාන, ගල්කිස්ස, උස්වැටකෙයියාව, මීගමුව ඇතුලූ බටහිර වෙරළ තීරයම මෙහි දී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වේ. දැනටමත් අඟුලාන වෙරළ තීරයේ සිට හලාවත දක්වා වෙරළ දැවැන්ත ලෙස ඛාදනය වීමට පටන්ගෙන ඇත.

එමෙන්ම වැලි හෑරීමත්, නගරය ඉදි කිරීමෙන් අනතුරුව ගොල්ෆ් පිටිවලට යොදන විෂ රසායන හා නගරයේ වැසිකිළි, කැසිකිළි, හෝටල් අවට සහ අනෙක් අප ජලය මුහුදට මුදා හැරීමෙන්  ජලයේ ඔක්සිජන් ප්‍රතිශතයේ සිදුවන වෙනස්කම් හා මුහුදු ජලයේ අප ජලය තැන්පත් වීම නිසා ජලය තුළ බැඳෙන පටල නිසාත් හිරුඑළිය හා මුහුදු පත්ල අතර සබඳතාවය බිඳ වැටේ. එහෙයින් මුහුදේ ආහාර නිෂ්පාදනය අඩාලවන අතර සියලූම මුහුදු ජීවීන්ගේ ජීවිතවලට එය නරක ලෙස බලපානු ලබයි.

එමෙන්ම මීගමු මුහුදු තීරයේ මොරවල ප්‍රදේශයේ හා අනෙක් තදාසන්න ප්‍රදේශවල ඇති කොරල්පර විනාශයටත් කොරල් බුහුබාවන්ගේ විනාශයටත් මෙය දරුණු ලෙස බලපානු ලබයි. වැලි හෑරීම සහ නැවත මුහුද ගොඩකිරීම නිසා ඇතිවන දියරැළිවල වෙනස්කම් නිසා මීගමුව වෙරළ තීරයෙන් හෝ තදාසන්න ප්‍රදේශවලින් වෙරළ තීරය රට අභ්‍යන්තරය ඛාදනය වීම දැනටමත් ආරම්බ වී ඇත.

මෙයට වසර කිහිපයකට පෙර වර්ග කිලෝ මීටර් 65,610 තිබූ දිවයින මේ වනවිට ඛාදනය නිසා වර්ග කිලෝ මීටර් ගණන අඩු වී තිබේ. වෙරළේ සිදුවන ස්වභාවික ඛාදනය වඩා ත්‍රීව් කිරීමට මුහුද ගොඩකිරීමට හේතුවන අතර මුතුරාජවෙල අහය භූමිය, මීගමු කලපුව, මහවැව කලපුව, හලාවත කලපුව, ආනවිලූන්දාව කලපුව ඇතුලූ බටහිර වෙරළ තීරයේ කලපු පද්ධතිය විනාශ වී යාමත් එහි ඇති මත්ස්යේ විශේෂ විනාශය, කඩොලාන ශාඛ වර්ග විනාශය මෙම වරාය නගරය ඉදිකිරීම නිසා වඩාත් ත්‍රීව් වේ.

දැනට සමුද්‍ර  ජීවීන් පිළිබඳ අධ්‍යයනයන් කරන විද්‍යාඥයන් පවසන්නේ ඉන්දියන් සාගරය ඇතුලූ සාගර පරනට දේශවල මුහුදු ජීවීන් හා ශාඛ 32,000 පමණ වාර්තාවන බවයි. එම විශේෂ 32,000 සැලකිය යුතු පරෙන මාණයක් ලංකාව අවට මුහුදු තීරයේ වාසය කරති. ඒ අතර මුහුදු ඌරන් කැස්බෑ විශේෂ වන කොළ කැස්බෑවා  දාර කැස්බෑවා,  ඔලූ ගෙඩි කැස්බෑවා,  නෙතු කැස්බෑවා, බටු කැස්බෑවා,  යන සත්ව විශේෂ ජීවත් වෙති.

ලංකාවේ ඇති හෙක්ටයාර් 126,989 වන කලපු පද්ධතියෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, මුහුදු තෘණ භූමි වශයෙන් හඳුනාගෙන ඇති අතර එයින් බටහිර වෙරළේ ඇති හෙක්ටයාර 23,797හා තවත් හෙක්ටයාර 11,000 මුහුදු තෘණ භූමිය වශයෙන්ද හඳුනාගෙන ඇත.  කඩොලාන හෙක්ටයාර 528කට වැඩි ප්‍රමාණයක්. වෙරළ බාධකපර ලෙස පිහිටා ඇති හෙක්ටයාර 956ක් වන භූමි ප්‍රමාණයත්, ඩොල්පින් මසුන්, තල්මසුන් ඇතුලූ හඳුනාගගත් හා නොගත් සමුද්‍ර සත්ව හා ශාක විශේෂවලටත් එම භූමිවලටත් දැවැන්ත හානියක් මෙම මූල්යල නගරය නිසා සිදු වේ.

එමෙන්ම දෙදහස් දෙක වනවිට බටහිර වෙරළ තීරයේ ඇතුලූ වෙරළ තීරයේ ගැඹුරු මුහුදු ධීවරයින් හැර 114,230 වූ ධීවර සංඛ්‍යාව මේ වනවිට වඩා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඔවුන් සියලූදෙනාගේ ජීවිකාව මුහුදේ ජෛව විවිධත්වය නිසා රැකෙන්නකි.

ඒ අනුව චීන මුල්‍ය නගරය ඉදි කිරීම නිසා දැවැන්ත පාරිසරික හානියක් බටහිර වෙරළ තීරයේ හා මුහුදේ සිදුවන අතර විශාල මත්ස්‍ය  නිෂ්පාදනයක් මෙන්ම අගනා පරිසර පද්ධති ගණනාවක් මෙරටට අහිමි වේ.

ඒ සියල්ල සමගම මුහුද ජීවිකාව කරගත් ධීවරයින් විශාල පරි ගමාණයකට දරුණු පර මුතිඵල අත්විඳින්නට සිදුවන අතර මෙම සංවර්ධනය මගින් අනාතයින් බිහිවීම වැළැක්විය නොහැකිය.

මේ සියල්ල මනා ලෙස දකිමින් චීනයේ අවශ්‍යතා මත ඉදිවන නගරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට මෙන්ම සමස්ථ පරිසර පද්ධතියට බරපතළ හානියක් සිදුවන අතර 1978 ව්‍යවස්ථා අංක 27/14 හා 28/ සෑම පුද්ගලයෙකුටම පරිසරය සුරක්ෂිපත කිරීමට අයිතියක් ඇත යන්න තහවුරු කර ඇති අතර මෙම චීන වරාය නගරය ඉදි කිරීම ව්යපවස්ථාවට පටහැනි කිරීමටයාවක් වන අතර සියලූදෙනාගේම පරිසර අයිතිය මෙමගින් උල්ලංඝණය වේ.

1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂිණ පනතේ 15 වන වගන්තිය ප්‍රකාරව වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂට, වෙරළට හෝ මුහුදු තීරයට හානිවන කිසිදු ඉදිකිරීමක් කිරීමට අවසර දීමට හැකියාවක් නොමැති අතර එවන් දෙයක් සඳහා අවසර ලබාදීමත්, වෙරළ ඇතුලූ සමුද්‍ර පරිසර පද්ධතියට හානි කිරීමෙන් බලපවත්නා නීති පද්ධති අනුව තහනම් ක්‍රියාවකි.

එමෙන්ම වෙරළ සංරක්ෂණ පනතේ 24 වන වගන්තියේ ප්‍රකාරව අවුරුදු තුනකට වැඩි කාලයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීම පවා තහනම්ව තිබිය දී වෙරළ සංරක්ෂණ පනත, ජාතික පාරිසරික පනත, වනසත්ව හා වෘක්ෂඳලතා ආඥා පනත,ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නීති පද්ධති කඩකරමින් චීනයේ වුවමනාව මත පරිසරය හා මිනිසුන් නසන මෙවන් ව්යා පෘති කිරීමට රජය පෙලඹවීම රටට දැවැන්ත ආර්ථික, දේශපාලන, පාරිසරික හා සමාජයීය වශයෙන් බරපතළ අර්බුද ගණනාවක් ඉදිරියේ දී ඇතිකරන්නකි.

මෙලෙස මහපොළොව හා මිනිසුන් වනසා ඉදිකරන නගර හුදෙක් වෙළඳපොළ සඳහා පමණක් බව පැහැදිලිය. සොබාදහම සහ මානව සමාජය වනසා කරන සංවර්ධනයෙන් දියුණුවක් නොව විනාශයක් අත්පත් කරගන්නට හැකි බව යුරෝපය, අමෙරිකාව අත්පත් කරගත් සංවර්ධනයේ විනාශයේ තරමින් පෙනේ. නමුත් ඒවා අත්දැකීම් කර නොගනිමින් ඔවුන් වසර 60, 70ට පෙර කළ බරපතළ වරද අද දවසේ අප රට ද සිදුකරමින් ඇත. එහි අවසානය වන්නේ ස්වභාවික විපත් දරුණු බලපෑම් ගෙනෙන මහපොළොව හා සමාජය විනාශ වූ කොන්ක්‍රීට් ගොඩගැසුණු අප්‍රසන්න අනාගතයක් අපට ඉතිරිවීමත් චීනයේ හෝ වෙනත් රටක යටත් වැසියන් ලෙස ජීවත්වීමටත් සිදුවීමය.

රවින්ද්‍ර කාරියවසම්


MOST VIEWED VIDEO STORIES

MORE >>