Back to Top

අඩුපාඩුවලින් අඩුවක් නැති උතුරේ සිංහල ගමක්

August 9, 2016  


මඩකළපුව  දිස්ත්‍රීක්කයට  අයත්  වාලච්චේන  ප්‍රාදේශිය  ලේකම්   කොට්ටාසයට  අයත්  කල්කුඩා,  වල්ලවාඩිය  ගම්මානයේ  ජනතාව  පොදු  පහසුකම් නොමැතිව අසරණව සිටිති . පොල් අතු සෙවිලි කළ පැල්පත්වල ජීවත් වන ඔවුන්ගේ ප්‍රධාන රැකියාව මාදල ඇදීමයි.


මේ ගම්මානයේ පවුල් 65 ක් පදිංචි වෙතත් බහුතරයක් කාන්තාවෝ වෙති . එල්.ටී .ටී.ඊ . යුද සමයේ මෙම ගම්මානයේ සිටි පිරිමින් ඝාතනය වීම ඊට හේතුවයි . මාර්ග , විදුලිය, නිවාස, වැසිකිලි, සෞඛ්‍යය, අධ්‍යාපනය, වෙළඳසැල්, ජලය ආදී මුලික අවශ්‍යතාවයන් මෙම ගම්මානයට තවමත් සිහිනයකි. වර්තමාන රජයෙන් ඔවුන්ට අලුතින් නිවාස 25ක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවට ගම්මුන් කියයි.


මෙම ගම්මානයේ ජනතාව විඳින දුක සොයා එහි ගිය අපිට දැනගන්න හැකියාව  ලැබුණේ  සිංහල දරුවන් ඉගෙන ගත් පාසල කඩා බිඳ දමා ඇති අකාරයි. මේ නිසා ගම්මානයේ සෑම දරුවෙකුම මවුපිය සෙනෙහස අහිමිව අධ්‍යාපන සිහිනය සැබැ කර ගැනීම සඳහා දුර පළාත්වල නෑදෑ ගෙවල්වල , බෝඩින්වල නවතා තිබේ .කල්කුඩා, වල්ලවාඩි ගම්මානයේ ජනතාව යුද්දයෙන් අවතැන් ව  පසුව නැවත පදිංචි වුවෝ වෙති.


 යුද්ධයේදී තම සියලු දේ අහිමිව දිවි බේරාගත් මොවුන් යුද්දයේන්  පසු නැවත ගමට එද්දී ඒ සියල්ල අහිමිව තිබුණු බව එදා ධීවරයන්ව සිටි තමන් අද ධීවර මුදලාලිලාගේ ම දැල් අදින ධීවර කම්කරුවන් බවට පත්ව ඇති බව කියති.


ඡායා රූ හා සටහන - කාංචන කුමාර ආරියදාස