Back to Top

පාගමනට පුතා ගියා, තාත්තා උදව් කළා

August 6, 2016  



පාගමන ගැන ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ජනාධිපතිවරයාගේ ද අවධානයට ලක්වුණා.

"අපි සියලු දෙනාම එකට එකතු වී 65 වන සංවත්සරය සාර්ථකව කරගමු. පාද යාත්‍රා ගියාට පක්ෂයට ලෙන්ගතු නම් ඒ අයත් එකතු කරගන්න. හැබැයි මේ පක්ෂයේ නායකත්වය විවේචනය කරමින් පක්ෂය අපහාස කරන අයට එරෙහිව අපට තීන්දුවක් ගන්න වෙනවා."

ජනාධිපතිවරයා කතාවෙන් පසුව හිටපු අමාත්‍ය අතාවුද නැගිට සබරගමු මහඇමති මහීපාල හේරත්ව විවේචනය කළා.

"ජනාධිපතිතුමණි, මහීපාල තනිකරම මහින්ද මහත්තයාට උදව් කරන්නේ. ප්‍රතිපාදන වෙන්කරන්නේ මහින්දගේ අයට, රස්සා දෙන්නෙත් එහෙමයි, පාගමනට පුතා ගියා, තාත්තා උදව් කළා"

අතාවුදගේ කතාවට උත්තර දෙන්න මහීපාල නැගිට්ටා.

"මම පාසල් යන කාලේ සිරිමාවෝ මැතිණියගෙන් පක්ෂ සාමාජිකත්වය ගත්තේ, අද කෑගල්ලේ නායකත්වයට අතාවුද අරගෙන පක්ෂය පැරැද්දුවා. සම සමාජයේ ඉඳන් ශ්‍රී ලංකා එකට ඇවිත් පැරණි සාමාජිකයින් එලවලා මගේ උපලේකම් ධුරය ගන්න මෙයා හදන්නේ. මම මහින්ද සමග කතාබහක කරනවා. හැබැයි ජනාධිපතිතුමණි මම ඔබතුමා නායකයා ලෙස පිළිගන්නවා, අතාවුදගේ කීම පිළිගන්නවා නම් මාව තනතුරින් ඉවත් කරන්න. හැබැයි පක්ෂ සාමාජිකත්වය ඉවත් කරන්න එපා"

මහීපාල ආවේගයෙන් කතා කරද්දී ජනාධිපතිවරයා ඒ ප්‍රශ්නය එතනින් අවසන් කළා.

අනතුරුව මහලේකම් දුමින්ද දිසානායක‍ත් හිටපු ජනපතිණියත් කතා කළා.

"සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වය පිළිගන්නේ නෑ කියලා කරපු කතාවක් රූපවාහිනියේ ගියා. කුරුණෑගල මන්ත්‍රීවරු අපි දීපු ලිපි ඉරනවා. මේ අය පක්ෂයේ තියාගන්න බැහැ"

´´කොළ ඉරපු අයට මන්ත්‍රීකම් නෑනේ. ඔවුන්ට දඬුවම් දුන්නට වැඩක් නෑ, ඒ වුණාට ඔවුන් ගැන විනය පරීක්ෂණයක් තියන්න. සනත් නිශාන්තගේ පක්ෂ සාමාජිකත්වය පමණක් අත්හිටුවලා  විනය පරීක්ෂණයක් කරන්න, මන්ත්‍රීකම ඉවත් කරන්න බැහැ. ඒක නඩු දාලා අයින් කරන්නත් අමාරුයි"

ජනාධිපතිවරයා පක්ෂය විනය කමිටුවට එලෙස උපදෙස් දුන්නා.

MOST VIEWED VIDEO STORIES

MORE >>