Back to Top

කෙළියා තාප්පෙට දැන් මොකද කරන්නේ

August 6, 2016  



පාගමනේ අවසන් රැළිය තියන්න හයිඩ් පිටිය නොලැබීම නිසා මේ ගැන මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ නායක‍යන් සමග පෙරදින රෑ සාකච්ඡා කළා.

"අපි ජංගම වේදිකාවක් හදලා කොළඹ ප්‍රසන්නගේ ගෙදර නතර කරමු. අන්තිම මොහොතේ ටවුන් හෝල් එක ගෙනත් එතන රැස්වීම් තියමු, දැන් පොලීසිය පිස්සු හැදිල වගේ අපි යන්නේ කොහෙට ද කියලා හොයනවා. අපේ සැලැස්ම කාටවත් කියන්න එපා"

මහින්දගේ උපදෙස් මත ඩලස්, මහින්දානන්ද, ප්‍රසන්න රණතුංග සියලු කටයුතු සූදානම් කළා.

ලිප්ටන් වටරවුමේ හොඳම තැන ජංගම වේදිකාව නැවැත්වීමට සැලසුම් කර තිබියදී පොලිස් රථයක් එතනම නැවැත්තුවා.

"කෙළියා තාප්පෙට, දැන් මොකද කරන්නේ" ප්‍රසන්න තමන්ටම කියාගත්තා.

"දැන් බලාගෙන ඉඳලා හරියන්නේ නෑ. ජංගම වේදිකාව ගෙනත් අපි පොලිස් රථයට ඉදිරියෙන් නවත්තමු"

මහින්දානන්ද කළ යෝජනාව පිළිගත් ප්‍රසන්න ජංගම රථය ගෙවිත් නතර කිරීමත් සමග ටවුන් හෝල් අවට පොලීසිය පිරෙන්න ගත්තා.


MOST VIEWED VIDEO STORIES

MORE >>