Back to Top

අම්මටයි, තාත්තටයි, පුතාටයි උපදේශකකම් දීලා - කියන්නත් ලැජ්ජයි

July 22, 2016  



ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සිය අමාත්‍යංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකයින් පිරිසක් සහ සම්බන්ධීකරණ නිලධාරීන් පිරිසක් පත්කරගැනීම පිළිබඳව පසුගිය කාලයේ හෙළිදරව් කළේ ජවිපෙ නායක අනුර දිසානායක විසිනි. පසුව මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ජවිපෙ මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින්ද අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළේය.

”උපදේශකවරුන් 45ක් පත්කර තිබෙනවා. වසරක කාලයක් සඳහා පත්කර තිබෙන නිසා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය අදාළ නැහැ. මාසික දීමනාව 25,000යි. ප‍්‍රවාහන පහසුකම් සඳහා මසකට 40,000ක දීමනාවක් ලබාදෙනවා. අපි පහුගිය ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් විශාල ජයක් ලැබුවා. අපිට වැඩ කරපු අයට අපිත් යමක් කරන්න  ඕනෑ” ඇමතිවරයා කීවේය.

 ”බුදුදහමෙත් මාර්ග ඵල සම්බන්ධයෙන් සඳහන් වෙනවා. සෝවාන් සකෘදාගාමි, අනාගාමී, අරහත් කියලා නමුත් මහාමාර්ග කියලා නැහැ. ඒ වුණාට නව කැළණි පාලන ඉදිකිරීමේ ව්‍යාපෘතියට භික්‍ෂූන් වහන්සේ නමක් උපදේශක විදියට පත්කරලා.” නලින්ද ජයතිස්ස ප‍්‍රශ්න කළේය. ඇමතිවරයා ප‍්‍රශ්නය මඟහැරීමට කටයුතු කළත් උපදේශකයින් අතර භික්ෂූන් වහන්සේ නමක් සිටින බව වසන් කිරීමට නොහැකි විය. ”යහපාලනය හදන්න ඇවිත් මේ විදියට ජනතා මුදල් නාස්ති කරන්න උපදේශකකම් දෙනවා. අගමැතිවරයා මේ ප‍්‍රතිපත්තියට එකඟද කියලා දැන්ගන්න කැමතියි” ජවිපෙ මන්ත‍්‍රීවරයා ඇසීය. ”මහින්ද රාජපක්ෂගේ කාලේ මේ ආයතනයට උපදේශකයින් 250ක් පත්කළා. ඒවා ගැන හොයන්නේ නෑ” කිරිඇල්ල ඇමතිවරයා කීවේය. ”ඒවා නවත්වන්න කියලා නේද ආවේ” අනුර දිසානායක ඇමතිවරයාගේ විමසීය.

මෙම ප‍්‍රවෘත්තිය ප‍්‍රචාරයවීමත් සමග එජාප මන්ත‍්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් රැසක් නලින්ද ජයතිස්සට දුරකතනයෙන් කතාකර ස්තූතිය පළ කළ අතර එක් තැනැත්තෙක් අපූරු දෙයක් කීවේය. ”මන්ත‍්‍රීතුමා ඔබතුමාට ස්තූතියි මේ ප‍්‍රශ්නය විමසුවාට. ලක්ෂ්මන් කිරිඇල්ල යූඑන්පී එක කෑවා. අපිට මුහුණදෙන්න බැහැ දැන්. පක්ෂෙට වැඩ කරපු අයට දුන්නා කිව්වට එතුමාගේ ළඟම පිරිසකටයි මේ පත්වීම් දීලා තියෙන්නේ. එකම පවුලේ අම්මටයි, තාත්තටයි, පුතාටයි උපදේශකකම් දීලා. කියන්නත් ලැජ්ජයි” එජාප පාක්ෂිකයා කියාගෙන ගියේ ඇමතිවරයාට ලූණු ඇඹුල් ඇතිව බැණ වදිමිනි.


MOST VIEWED VIDEO STORIES

MORE >>