Back to Top

දරුවන්ද නිදහස් මනුෂ්‍යයින් කොටසකි!

July 15, 2016  

 දරුවන්ද නිදහස් මනුෂ්‍යයින් කොටසකි!



ළමයින්ට එරෙහිව අපයෝජන තත්ත්වයන් වත්මන් සමාජය තුළ සන්සන්දනාත්මකව ඉහළ අගයක් ගනු ලබන අතර විශේෂයෙන්ම ළමා අපයෝජනය සුවිශේෂී ගැටළුවක් ලෙස නූතනයේ පිළිගැනෙයි.

ළමා පරපුර රටක, කලාපයක, මහද්වීපයක පමණක් නොව මුළු ලෝකයේම පවත්නා වටිනාම සම්පතයි. දරුවන් නිදහස් මනුෂ්‍ය කොටසකි. දරුවන් අපයෝජනයට හා අපචාරයට ලක්වීමේ ප‍්‍රවණතාව අද ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇත.



ඊට සාපේක්ෂව ළමා ශ්‍රමය සූරා කෑම සැළකිය යුතු මට්ටමකින් අඩුවී ඇතැයි ලෝක කම්කරු සංවිධානය පවසනවා.

වැඩෙහි යොදවන ළමුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර හතර ඇතුළත කෝටි අටකට ආසන්න මට්ටමකින් පහත වැටී ඇති බව අලුත්ම සොයා ගැනීම් අනුව ලෝක කම්කරු සංවිධානය පෙන්වා දෙනවා.



විශේෂයෙන්ම ගැහැණු දරුවන් වැඩෙහි යෙදවීම අඩු වෙමින් පැවතීම යහපත් වර්ධනයක් බව එම සංවිධානය පවසනවා.

පිරිමි දරුවන් වැඩෙහි යොදවනු ලැබීම 25% කින් අඩුවෙමින් තිබියදී ගැහැණු දරුවන් වැඩෙහි යොදා ගනු ලැබීම 40% කින් පමණ පහත වැටී ඇතැයි ලෝක කම්කරු සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

ළමුන් වැඩෙහි යොදා ගැනීම වැළැක්වීම භාර ලෝක කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂිකා කොන්ස්ටන්ස් තෝමස් කියා සිටියේ,ළමා ශ්‍රම භාවිතය සහමුලින්ම උපුටා දැමීම සඳහා ඉටු කළ යුතු තවත් බොහෝ දේ ඇති බවයි.



 වයසින් අඩු දරුවන් කුඩා කාලයේ සිටම විවිධ සේවාවල යෙදවීම වර්තමානයේ විශාල වශයෙන් දැකිය හැකිය.

වයස අවුරුදු දහ අටට අඩු ජනගහනය ළමුන් හැටියට වර්ග කරන ලෝක කම්කරු සංවිධානය,කෝටි දාහතකට ආසන්න බාලවයස් කරුවන්,එනම් සමස්ථ ළමා පරපුරෙන් 11% ක්ම තවමත් වැඩෙහි යොදවන තත්ත්වයක් පවතින හෙයින්, ඉහත කී වර්ධනය සම්පූර්ණ සතුටට කරුණක් නොවන බවත් පෙන්වා දී ඇත.

නමුත් අද වන විට සමස්ත ලෝකය පුරාම කුඩා දරුවන් ඔවුන්ට ඔරොත්තු නොදෙන රැකියාවන් වල යොදවමින් ළමා ශ‍්‍රමය සූරාකෑම වර්තමානයේ බොහොමයක් දක්නට ලැබෙයි.



ළමයින්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වන අනිසි තත්ත්වයන් ලෙස මෙය සඳහන් කළ හැක.

මේ අනුන ලෝකයේ බොහෝ රටවල දරුවන් ශ‍්‍රමිකයින් ලෙස යොදවා ගැනීම වරදක් ලෙස නීතියෙන් අර්ථ දක්වා තිබේ.

1999 දී ජාත්‍යන්තර කම්කරු සංවිධාන විසින් වඩාත් අහිතකර ළමා ශ‍්‍රම භාවිතය පිළිබඳව 1982 දරණ සම්මුතිය මගින්ද ලෝකයේ පවත්නා වඩාත් අහිතකර ළමා ශ‍්‍රම භාවිතාමය තත්වයන් වැළැක්වීම සඳහා එකඟතාවයක් ඇති කරගෙන ඇත .



 වත්මන් ළමා පැවැත්මට තර්ජනයක් සේ යුද්ධය, ස්වභාවික විපත්, එච්.අයි.වී ආසාදනය, මන්දපෝෂණය මෙන්ම කුරිරු ලෙස ශ‍්‍රමය ලබාගැනීම සිදු වෙයි.

මිත්‍යා විශ්වාස, ළමුන්ට විරුද්ධව කෲරත්වය, රැකවරණය නොමැතිවීම යනාදියද ඒ අතර හඳුනා ගත හැක.

 ලොව පුරා ළමයින් මිලියන 250ක් රැකියාවල යෙදෙති. මෙයින්ද වැඩි මිලියන ගණනක් රැකියා කරන්නේ ජිවිතයට තර්ජනයක් විය හැකි ඔවුන්ගේ සෞඛ්‍යයට හානිදායක ආකාරයටය.



එනම් ඔවුන්ගේ මුලික අධ්‍යාපනය ඔවුන්ට අහිමි කරන අතරම ඔවුන්ව ලිංගික ක‍්‍රියාවලටද එක් කරගනු ලැබේ.

මෙවැනි පසුබිමක් තුළ වත්මන් ළමා පැවැත්මට එල්ල වන  තර්ජනයන්ට ලොවම එකතු වී පිළියම් සෙවිය යුතුව ඇත.

අනුවාදයකි


MOST VIEWED VIDEO STORIES

MORE >>