Back to Top

මේ විදියට රට කුණුවෙලා යන්න දෙනවද

July 14, 2016  



ජීවිත වනසන, නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පරදවමු! සයිටම් වසාදමනු! මැයෙන්  පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථාන විසින් සංවිධානය කරන ලද රැලියට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක සහභාගි විය. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව නියෝජනය කරන නියෝජිතයින් සහ කලාකරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු ඇතුළු පිරිසක් එම රැලියට සහභාගි වූහ.

”මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ 06%යේ අරගලයට එවකට විපක්ෂයේ හිටපු එජාපය සම්පූර්ණ සහයෝගය දුන්නා. අරගලය අනුමත කළා. හයිඩ් පාක් එකේ පවත්වපු රැලියට රනිල් වික‍්‍රමසිංහත් සහභාගි වෙලා අපේ කතා අහගෙන හිටියා. ඒත් දැන් බලයට ආපු රනිල් වික‍්‍රමසිංහලා කරන්නෙත් මහින්ද රාජපක්ෂලා කළා වගේම අධ්‍යාපන කප්පාදුවම තමයි.” විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් අනුර දිසානායකට කීවේය.

”මේතන තියෙන්නේ ඇත්තටම පුද්ගලයින්ගේ අඩුපාඩුවම නෙවෙයි. මේක මේ ආණ්ඩුවල ප‍්‍රතිපත්තියේ ප‍්‍රශ්නයක්. රනිල් ආවත් මහින්ද ආවත් ආර්ථික අර්බුදයට විසඳුමක් නැහැ. ඒ නිසා ණය මත යැපෙන්න වෙනවා. ණය ගන්නකොට සමහර කොන්දේසිවලට යටවෙලා සේවා සැපයීම් කප්පාදු කරනවා. කප්පාදුවට ලක්වෙන ප‍්‍රධාන ක්‍ෂෙත‍්‍රය සෞඛ්‍යයි, අධ්‍යාපනයයි. ඒකේ ප‍්‍රකාශනය තමයි අද මේ සයිටම් එකෙන්, ශිෂ්‍යන්ට පහරදීමෙන්, අධ්‍යාපනය වෙන්කරන ප‍්‍රතිපාදන කප්පාදුවෙන් පෙන්නුම් කරන්නේ.” අනුර දිසානායක පවතින තත්වය විස්තර කළේය.

”සෞඛ්‍ය ඇමතිකම හරියට කරගන්න බැරිව හිටපු මෛත‍්‍රී ජනාධිපති වුණ විදියත් පක්ෂය දෙකට බෙදිලා ගහමරාගනිමින් හිටපු පොලිස් ආරක්ෂාව නැතිව සිරිකොතේ රැස්වීමක් කර ගන්න බැරිව හිටපු රනිල් වික‍්‍රමසිංහ අගමැති වුණ විදියත් ඒ අය මතක තියා ගන්න  ඕනෑ. මහින්දට තිබුණ ජනතා විරෝධය නිසා තමයි මේ දෙන්නට තනතුරු ලැබුණේ. ඒ අයගේ දක්ෂකමක් නෙවෙයි. ඒ නිසා මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.” අනුර දිසානායක සිය කතාවේදී ප‍්‍රකාශ කළේය.

හොඳටම ඔප්පු වෙලා ඉවරයි. තවත් අත්හදා බලන්න දෙයක් ඉතිරි වෙලා නැහැ නේද? ජනතාව තෝරගන්න  ඕනෑ මේ විදියට රට කුණුවෙලා යන්න දෙනවද නැත්නම් ඒක වෙනස් කරනවද කියලා.” මන්ත‍්‍රීවරයා පිළිතුරු දුන්නේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>