යහපාලනය අපිටත් එපා වෙලා
July 14, 2016
යහපාලනය අපිටත් එපා වෙලා - මහාචාර්යවරයෙක් නලින්ද ජයතිස්සට කියලා
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින්ගේ සංසදය විසින් සංවිධානය කළ ‘රුහිරු පූජා’ කෘතිය එළිදැක්වීමේ උළෙලට ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්සටද ආරාධනයක් ලැබී තිබිණි. නිහාල් පී ජයතුංග කතුවරයා විසින් එම කෘතිය රචනා කර තිබිණි. පසුගිය දහතුන්වෙනිදා පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති එම උත්සවයට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය මහාචාර්යවරු, කලාකරුවෝ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. එම උත්සවයට සහභාගි වූ මහාචාර්යවරයෙකු වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග දේශපාලන තත්වය ගැනද කතා බහ කිරීමටද ඉඩක් වෙන්කර ගත්තේය.
”මන්ත්‍රීතුමා මෙතන ඉන්න ගොඩක් අය යහපාලනය වෙනුවෙන් වැඩ කරපු අය තමයි. ඒ දැන් වෙන දේවල් දැක්කාම අපිටත් කලකිරිලා තියෙන්නේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා ආවට ඒ ගැන කිසිම කතාවක් නැහැ. ශ්‍රී ලංකා එකට ඕන නිසා විධායක ජනාධිපති ධුරය තියාගන්න පුළුවන්ද? රාජපක්ෂවරු ටික ඇරෙන්න අනෙක් කවුරු ආවත් ආණ්ඩුවට එකතු කරගන්න බලාගෙන ඉන්නේ. ඔබතුමාලා විතරයි දැන් එකම බලාපොරොත්තුව” මහාචාර්යවරයා ඉතාම කලකිරීමෙන් කතා කළේය. ”දැන් ඉතිං දෙගොල්ලගේ වෙනසක් නැහැ කියලා