Back to Top

ෆේස්බුක්වලින් හා නිව්ස්වලින් වාහන එපා කියපු අයට වාහන නොදී ඉමු

June 18, 2016  



සුපුරුදු පරිදි මෙවර කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීමේ ගැටලුව මෙහිදී සාකච්ඡාවට ලක් කළේ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතායි.

´´අමාත්‍යරයෙක් විදියට මට වාහනයක් නෑ, මගේ නියොජ්‍ය ඇමතිටත් වාහනයක් නෑ, එහෙම තියෙද්දී යූඑන්පී ඇමතිවරු වාහන ගැනීමට විරුද්ධව කතා කරනවා.´´

අනුර ප්‍රියදර්ශනගේ කතාවට ජනාධිපති උත්තර දුන්නා.

´´අපි වාහන ගන්න තීන්දුවක් ගත්තා. ඒ අනුව අනිවාර්යෙන් වාහන ගන්නවා. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. ඇමතිවරු කිහිපදෙනෙකු වාහන ගන්න එපා කියන්න යෑමෙන්"

ජනාධිපතිගේ කතාවෙන් පසුව අගමැතිවරයා විසඳුමක් දුන්නා.

´´මම වාහන ගන්න එක නවත්වනවා කියලා කාටවත් කියලා නෑ, අනිවාර්යෙන් වාහන ගන්න, ඔය ෆේස්බුක්වලින් හා නිව්ස්වලින් වාහන එපා කියපු තුන්දෙනාට විතරක් අපි වාහන නොදී ඉමු."

අගමැතිගේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ටත් හිනාගියා.



MOST VIEWED VIDEO STORIES

MORE >>