Back to Top

බොක්සිං ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයාගේ සමුගැන්ම!

June 9, 2016  

 බොක්සිං ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයාගේ සමුගැන්ම!



වර්ෂ 1942 ජනවාරි 17 වනදා අමෙරිකාවේ කෙන්ටුකී ප්‍රාන්තයේ ලුවිස්විල් නගරයේ මෙතොදිස්ත කතෝලික නිකායට අයත් පවුලක එක් පිරිමි දරුවෙකු උපත ලැබීය.කැසියස් ක්ලේ වූ ඔහු පසු කලෙකදී මොහොමඩ් අලී ලෙස තම මුල් නම වෙනස් කර ගත්තේය.ඒ ඉස්ලාම් දහම වැළඳ ගැනීමත් සමගයි.එතැන් පටන් මොහොමඩ් අලී වූ ඔහු ලොව විශිෂ්ඨතම බොක්සිං ක්‍රිඩකයා දක්වා ගමන් ඇරඹීය.



960 දී රෝම ඔලිම්පික් උළෙලේදී ලයිට් හෙවිවේට් අංශයෙන් රන් පදක්කම දිනූ ඔහු 1964, 1974 සහ 1978 වසරවල ලෝක හෙවිවේට් ශූරයා බවට පත් විය​. 1974 දී එවකට ලෝක හෙවිවේට් ශූරයා වූ ජෝර්ජ් ෆෝර්මන්ට අභියෝග කළ අලී, එවකට සයරේ නමින් හැඳින්වුන වත්මන් කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අගනුවර වූ කින්ශාසා නගරයේදී පැවැති සුප්‍රසිද්ධ බොක්සිං තරඟයකදී ඔහු පරාජය කළේය​.

The Rumble in the Jungle නමින් හැඳින්වෙන මෙම තරඟය 20 වන සියවසේ අනර්ඝම ක්‍රීඩා තරඟය ලෙස ද සැළකේ. තරඟය නැරඹීමට රැස් වූ පිරිස 60,000 කි.



මොහොමඩ් අලී අසහාය ක්‍රීඩකයකු වන්නේ ඔහු ලොව වටා සිටි සියලු අභියෝගකරුවන්ට නෙලාගෙන නෙලාගෙන ගිය නිසා නොවේ. ඔහු තමා විශ්වාස කළ දෙය වෙනුවෙන් සටන් කළ බැවිනි.

සිය බොක්සිං ජීවිතයේ මුල් කාළයේ ආවේගශීලී පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ හෙතෙම පසු කළෙක​, විශේෂයෙන්ම ඉස්ලාම් දහම වැළඳගත් පසු, වෙනස් පුද්ගලයකු බවට පත් විය​. ඉස්ලාම් දහම විකුණා ත්‍රස්තවාදයෙහි නිරත වන්නන්ට ඔහුගේ දර්ශනය අභියෝගයක් විය.



1967 දී වියට්නාම් යුද්ධයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ඔහු කියා සිටියේ සිය ආගමික දර්ශනය ඒ සඳහා ඔහුට ඉඩ නොදෙන බවයි.

"මගේ ආගමේ ප්‍රධාන ලෙසම භාවිතාවන සුබ පැතීම අස්සලාම් අලයික්කුම් යන්නයි. එහි තේරුම ´ඔබට සාමය උදා වේවා!´ යන අදහසයි" යුද්ධයට විරුද්ධව සුප්‍රසිද්ධ දේශනයක් කරමින් ඔහු කියා සිටියේය​.



එක්සත් ජනපද රජය ඔහුට හමුදාවට බැඳීමට නියෝග කළ අතර එයට ඔහු එරෙහි වූ විට බොක්සිං ක්‍රීඩාව ද තහනම් කර ඔහු සිර කරන ලදී. එම තීරණයට එරෙහිව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඔහු එහිදී රජයට එරෙහිව නඩු කියා ජය ගත්තේය​.

පාකින්සන් රෝගයෙන් දිගු කළක් පෙළෙමින් සිටි අලී 1996 ඔලිම්පික් ගිනි සිලුව දල්වන අවස්ථාව අතිශය සංවේදී දසුනක් වූ බව එය හැබැහින් හෝ රූපවාහිනී තිරය ඔස්සේ සජීවීව නැරඹූවෝ පිළිගනිති.



අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆොනෙස් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එතැන් පටන් බොක්සිං ක්‍රීඩාවට ආදරය කළ මොහොමඩ් අලී ජීවිතයට ආදරය කළ සුවහසක් ජනයා සෝ සුසුම් හෙළීය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ස්වසන ආබාධයකට ලක්ව සිටි අලි මිය යන විට ඊට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් ගත කර සිටි බව සදහන්ය.ලෝක හෙවිවෙයිට් බොක්සිං ශුරතාව තෙවරක් ජයග්‍රහණය කර ඇති ඔහු එම දක්ෂම දැක්වූ පළමු
 ක්‍රීඩකයා ද වෙයි.



වර්ෂ 1964 දී ප්‍රථම වරට හෙරිවේට් ශුරතාව දිනූ අලි ඉන් අනතුරුව 1974 සහ 1978 වර්ෂවලදී  එම දක්ෂතාව දැක්වීමට සමත් වුණි.වර්ෂ 1981 දී බොක්සිං ක්‍රිඩාවෙන් සමුගත් මොහොම්මඩ් අලි ඒ වන විට තරඟ 61දී ජයග්‍රහණ 56ක් වාර්තා කර තිබුණි.

කෙසේ වුවද ඔහු දිගුකලක සිට පාකින්සන් නැමැති මොළයේ රෝගයකට ගොදුරු වී සිටියේය.
වර්ෂ 1984 දී පාකින්සන් රෝගයට ගොදුරු වී ඇති මොහු වසර 30කට වැඩි කාලයක් එම රෝගය හේතුවෙන් ඔහු පීඩා විදි බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.



වසර 27ක් ම බොක්සිං වළල්ලේ රජු ලෙස කිරුළ පැළදීමට මෙම අනභිභවනීය ක්‍රීඩකයා  1960 දී සැහැල්ලු බර පංති ඔලිම්පික් රන් පදක්කමද පසු කලෙක ලෝක හෙවිවේට් ශූරතාව (ලෝහ අධිබර කුසලාන ජයග්‍රහණය) තෙවරක්ද යනාදී වශයෙන් ඔහු ජය වාර්තා කර තිබිණි.

වර්ෂ 2005 දී ඔහු ඇමෙරිකාවේ ධවල මන්දිරයේදී එවකට ජනාධිපති ජෝර්ජ් බුෂ් අතින් නිදහස සඳහා වන ජනාධිපති පදක්කමෙන් ද පිදුම් ලැබීය.බොක්සිං වළල්ලේදී මෙන්ම ඉන් පිටතදීද සුවහසක් ලෝක ජනතාවගේ ගෞරවාදරයට පත් මෙම අසහාය ක්‍රීඩකයා මිය යනතුරු දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් පිහිටවීය.



බොක්සිං ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයාගේ අභාවයෙන් ලොවම කම්පා වී ඇති බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාද පවසා සිටියේය. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ද අලීගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබුණි.

1974 දී අලී සමග තරග වැදුණු සුපිරි බොක්සිං ක්‍රීඩක ජෝර්ජ් ෆෝර්මන් පවසන්නේ තම ජීවිත කාලය තුළ හමුවූ විශිෂ්ටතම මානවයා මොහොමඩ් අලී වන බවයි.



අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මොහොමඩ් අලී ජීවිතයෙක් සමු ගත්තේය.ඒ බොක්සිං ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයාගේ සමුගැන්ම ලෙස මුළු ලෝකයාටම සටහන් තබමිනි.

අනුවාදයකි-ඩේලිමේල් ඇසුරිනි





MOST VIEWED VIDEO STORIES

MORE >>