Back to Top

ඩිලාන් කියනවා හිටපු ජනාධිපති උගණ්ඩා යැවීම අපේ ලණුවක් කියලා

May 28, 2016  




එක්සත් ජාතික පක්ෂයේ හදිසි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පසුගියදා පැවැත්වුණා.

මේ රැස්වීමට ආපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඇමති ඩිලාන් පෙරේරා මාධ්‍යයට කළ ප්‍රකාශයක් ගැන ප්‍රශ්න කළා.

"ඩිලාන් කියනවා මේ ආණ්ඩුව අවුරුදු දෙකයි තියෙන්නේ කියලා, අපේ ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන අපටම ගහනවා"

රංජන්ගේ කථාවට ඇමති කිරිඇල්ල උඩගෙඩි දුන්නා.

"ඒ විතරක් නෙමෙයි, ඩිලාන් කියනවා හිටපු ජනාධිපති උගණ්ඩා යැවීම අපේ ලණුවක් කියලා"

"මම කාටවත් ලණු දෙන්නේ නෑ, කව්රු හරි බලෙන් ලණු කනවා නම් මම නවත්තන්නෙත් නෑ"

අගමැතිගේ ප්‍රතිචාරයට හැමෝම හිනාවුණා.


MOST VIEWED VIDEO STORIES

MORE >>