Back to Top

ජනාධිපතිතුමා ලංකාවට ආපු ගමන් තීරණයක් ගන්නවා

May 28, 2016  



ගංවතුර තත්ත්වය ගැන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවට මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.

මෙහිදී සාම්පූර් නාවික කඳවුරේ අණදෙන නිලධාරියාට නැගෙනහිර මහඇමතිවරයා බැන වැදීමේ ප්‍රශ්නය ඉස්මතු වුණා.

‘‘නාවික නිලධාරියාට බැන වැදීමේ ප්‍රශ්නය සීමාව ඉක්මවා ගිහින්"

ගයන්ත කරුණාතිලක ඇමතිවරයා මතුකළ මේ ප්‍රශ්නය ගැන අගමැතිවරයා කරුණු පැහැදිලි කළා.

"ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. නේවි එක මටත් ජනාධිපතිතුමාටත් වාර්තාවක් දීලා තියෙනවා."

‘‘එතන ධූරාවලිය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම දෙපැත්තෙම වැරැද්දක් තියෙනවා. මම මහ ඇමතිතුමාගෙනුත් වාර්තාවක් ඉල්ලුවා, ජනාධිපතිතුමා ලංකාවට ආපු ගමන් තීරණයක් ගන්නවා.‘‘

"සර් මහ ඇමතිතුමාට හමුදා කඳවුරුවලට ඇතුළුවීම තහනම් කරලා,මහඇමතිතුමා නැගෙනහිර පළාත් සභා පාසල්වලට, නේවි එකට ඇතුළු වෙන එක තහනම් කළොත් මොකද වෙන්නේ"

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්නයක් මතුකළා.

‘‘එක එක්කෙනාට ඕන විදියට තීරණ ගන්න බෑ. ජනාධිපතිතුමා ආපු ගමන් අපි රජයක් විදියට තීන්දු ගන්නවා‘‘

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වුණා.


MOST VIEWED VIDEO STORIES

MORE >>