Back to Top

ඉක්මණින් ඇමතිවරුන්ට වැඩමුළුවක් තියමු

May 14, 2016  



සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

කැබිනට් රැස්වීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කිහිලිකරුවලින් එනවා දැකපු ජනාධිපතිවරයා විමතියෙන් මෙන ඔහු දෙස බැලුවා.

´මොන ක්‍රිඩාව කරන්න ගිහින්ද තුවාල කරගත්තේ´

´සර් එක්සර්සයිසස් කරන්න ගිහින් කකුලේ ටිෂූ එකක් ඇදිලා´

´ආ... එහෙම ද ..?´ කියමින් ජනාධිපතිවරයා සිරීට ඉඳගන්න කියද්දී ඇමතිවරුන් බොහෝ දෙනෙකුට හිනාගියා.

2015 මහ බැංකු වාර්තාව මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි අන්තර්ගතය ගැන කරුණු පැහැදිලි කළා.

රවීගේ පැහැදිලි කිරීමෙන් පසු දයාසිරි ජයසේකර කතා කරන්න ගත්තා.

´මහබැංකු වාර්තාව මෙහෙම ආවට ගියාට කතා කරලා තේරුම්ගන්න ගියොත් අපේ ඇමතිවරු විවාදවලින් ඇන ගන්නවා,´

´දයාසිරිගේ කතාව ඇත්ත, ඔය ඒකාබද්ධ විපක්ෂයේ අය රටේ ආර්ථිකය ගැන හැමතැනම විවේචනය කරනවා, ඒවාට උත්තර දෙන්න අපේ අය හොඳට සූදානම් වෙන්න ඕනේ, ඉක්මණින් ඇමතිවරුන්ට වැඩමුළුවක් තියමු´

ජනාධිපතිවරයාගේ යෝජනාවට හැම ඇමතිවරයෙක්ම එකඟ වුණා.



MOST VIEWED VIDEO STORIES

MORE >>