ටී.බී - මහින්ද රහසිගත හමුවක්
May 14, 2016
සාලින්ද දිසානායකට හිරියාල සංවිධායකකම යළි ලබාදීමේ රැස්වීම නිමා කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එදින රාත්‍රිය කුරුණෑගල ගත කළා.
කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක එදින රාත්‍රියේ මහින්ද රාජපක්ෂ හමුවීමට ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක පැමිණියා.
යහපාලන ආණ්ඩුවේ ඇමතිකමක් දරන අතරතුර හිටපු ජනාධිපති හමුවී පැයකට අධික කාලයක් සාකච්ඡා කළ ටී.බී. ඒකනායක එම ස්ථානයෙන් පිටව ගියා.
´මේ රහසිගත සාකච්ඡාවට වෙනත් කිසිවෙකුටත් සම්බන්ධ කරගත්තේ නැහැ.´